පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන දැනගනිමු
ප්‍රාදේශීය සභා, නගර සභා(urban council) සහ මහනගර සභා(municipal council) වලට පොදුවේ අපි කියනවා "පළාත් පාලන ආයතන" කියලා. පළාත් පාලන මැතිවරණයෙන් තමයි පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාගන්නේ. ව්‍යවස්ථාව අනුව හරිනම් අවුරුදු 4කට වරක් මෙම මැතිවරණ පැවැත්විය යුතුයි.
මෙම මැතිවරණයෙන් සභිකයින් තෝරාගන්නා ආකාරය ගැන තමයි මේ විස්තරය ලියන්න හිතුවේ.
සෑම පළාත් පාලන ආයතනයක බල ප්‍රදේශයක්ම කොට්ටාශ ගණනාවකට බෙදල තියෙනවා. සාමාන්යෙන් මේ හැම කොට්ටශයකටම ගම් කිහිපයක් අඩංගු වන ප්‍රදේශයක් වෙන් වෙලා තියෙනවා. සාමාන්යෙන් එක ආයතනයකට තියෙන කොට්ටාශ ගණන 5ත් 50ත් ලොකු පරාසයක(භූමි ප්‍රමාණය හා ජනගහනය අනුව) පවතින්න පුළුවන්.
පෙර පැවති මැතිවරණ ක්‍රම
කොට්ටාශ චන්ද ක්‍රමය (1987ට පෙර)
මෙය ඉතාම සරල චන්ද ක්‍රමයක්. ඒ ඒ කොට්ටාශයට පක්ෂවලින් අපේක්ෂකයෙක් නම් කරනවා. ජනතාවට චන්දය ලකුණු කරද්දී පක්ෂෙට කතිරේ ගහන්න විතරයි තියෙන්නේ. ඒ කොට්ටශේ චන්ද ගැනල වැඩිපුරම චන්ද ලබාගත්තු පක්ෂේ අපේක්ෂකයා සභාවට තේරෙනවා. පළාත් පාලන ආයතනයකට කොට්ටාශ 20ක් තියෙනවා නම් මේ විදියට අපේක්ෂයො 20ක් තේරෙනවා සභාවට. මෙයින් වැඩිපුරම සභිකයෝ ඉන්න පක්ෂේ අයට බලය ලබාගන්න පුළුවන්.
සමහර කොට්ටාශ වල ජනගහනය ගොඩක් වැඩි නම් අපේක්ෂයකයෝ දෙන්නෙක් ඉන්න බහු ආසන කොට්ටාශයක් නම් කරලා තියෙන්න පුළුවන්. එතකොට හැම පක්ෂයෙන්ම අපේක්ෂකයෝ දෙන්නා ගානේ නම් කරනවා. එතකොට වැඩිපුරම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයෝ දෙන්නම සභාවට තේරෙනවා.
වාසි: අපේක්ෂකයෙක්ට එක කොට්ටාශයක් විතරක් බලන්න තියෙන හින්දා ලේසියි, වියදම් අඩුයි.
අවාසි: සුළු පක්ෂ වලට කිසි නියෝජනයක් හම්බෙන්නේ නෑ. 80% චන්ද අරන් දිනුවත් 35% චන්ද අරන් දිනුවත් කිසි වෙනසක් නෑ.
සමානුපාතික චන්ද ක්‍රමය (1987-2012)
මෙහිදී වෙන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු චන්ද ක්‍රමය වගේම දෙයක්. මනාප ක්‍රමයක් තියෙන්නේ. කොට්ටාශ අදාළ වෙන්නේ නෑ. පක්ෂේටයි මනාප අංක වලටයි කතිර ගහන්න තියෙන්නේ. මුළු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේම චන්ද එකට ගැනල ඒ ඒ පක්ෂය ලබාගත්තු චන්ද ප්‍රතිශයට අනුව ආසන ගණනක් හිමිවෙනවා.
වාසි: පොඩි පක්ෂ වලට චාන්ස් තියෙනවා. චන්ද ප්‍රතිශතය බලපානවා. ජනතාවට කැමති පුද්ගලයා තෝරාගන්න අවස්ථාවක් හම්බෙනවා.
අවාසි: අපේක්ෂකයා කොට්ටාශයේ චන්ද බලන් ඉඳලා දිනන්න බෑ. හැම තැනම දිනලා මනාප එකතු කරන්න ඕනේ. ඒක හින්ද වියදම් වැඩියි. එකම පක්ෂය ඇතුලෙත් චන්ද පොරයක් තියෙනවා. සමහර කොට්ටාශ වලින් කිසිම අපේක්ෂකයෙක් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
වර්තමාන: මිශ්‍ර සමානුපාතික ක්‍රමය (2012 සිට)
මේක කලින් පාවිච්චි කරපු කොට්ටාශ ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි එකතු කරලා හදපු එකක්. ඒ වගේම මේක ගොඩක් සංකීර්ණ ක්‍රමයක්. සභිකයින්ගෙන් 60%ක් කොට්ටාශ ක්‍රමයටයි 40%ක් සමානුපාතික ක්‍රමයටයි තමයි තෝරනවා කියලා කියන්නේ.
මේකෙදි චන්දදායකයා පක්ෂයට විතරයි චන්දෙ දෙන්නේ. මනාප ක්‍රමයක් නෑ. සෑම කොට්ටශයකටම පක්ෂයෙන් අපේක්ෂකයෙක් නම් කරනවා. කොට්ටාශ වල චන්ද වෙන වෙනම ගණන් කරලා කොට්ටාශයේ වැඩිම චන්ද ගත්තු පක්ෂයේ අපේක්ෂකයාව සභාවට තෝරනවා. මේ ටික වෙන්නේ එතකොට 1987ට කලින් තිබුන ක්‍රමයේ විදියටම තමයි. මුළු සභිකයින්ගෙන් 60%ක් මේ විදියට තේරෙනවා. ඉතුරු 40% සඳහා ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා හැම පක්ෂයෙන්ම. මේ ලයිස්තුවේ අය කෙලින්ම චන්දෙ ඉල්ලන්නේ නැහැ. උදාහරණයක් නැතිව මේ ක්‍රමය පැහැදිලි කරන්න අමාරුයි.
උදාහරණයක් විදියට 2024 ඇල්පිටිය චන්දය බලමු.
ඇල්පිටිය කොට්ටාශ 17ක් තියෙනවා. NPP කොට්ටාශ 15ක් දිනනවා, SJB කොට්ටාශ 2ක් දිනවනවා.
60% = ආසන 17
40% = 11.33 = ආසන 11යි.
එතකොට තව ආසන 11ක් සමානුපාතික ක්‍රමයෙන් ඇවිල්ල මුළු ආසන 28ක් වෙන්න ඕනේ.
දැන් අපි කොට්ටාශ මට්ටම අමතක කරලා සමානුපාතික චන්ද ක්‍රමය තිබුනානම් මේ ආසන 28 බෙදෙන හැටි ගණන් හදනවා. මුළු චන්ද 36,305ක් වැටිලා තිබුනා. එතකොට එක ආසනයකට චන්ද 1,296ක් ගන්න ඕනේ (36305÷28 = 1296)
කොට්ටාශ ක්‍රමයෙන් ආසන 15ක් NPP එකට ආවට සමානුපාතික ක්‍රමයෙන් එන්නේ 13යි. ඔය වැඩිපුර ආපු ආසන දෙක අයින් කරන්නේ නෑ, තියාගන්න දෙනවා. ඔහොම වැඩිපුර දීමට කියන්නේ "Overhang" කියලා.
SJB එකට කොට්ටාශ ක්‍රමයෙන් 2යි හම්බුනේ, සමානුපාතික ක්‍රමයෙන් 6ක් එනවා. ඒක හින්දා ලැයිස්තුවෙන් සභිකයෝ 4දෙනෙක්ට චාන්ස් හම්බෙනවා. අනිත් පක්ෂවලට කොට්ටාශ ක්‍රමයෙන් ආසන නැතිවුනාට සමානුපාතික ක්‍රමයෙන් එන ආසන ගානට සභිකයෝ ලැයිස්තුවෙන් යවන්න පුළුවන්.
තවත් දෙයක් තමයි පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්න සභිකයින්ගෙන් 50% ඇති. 50% + 1 ඕනේ වෙන්නේ නෑ. මොකක්හරි තීරණයකදී පක්ෂ චන්ද විපක්ෂ චන්ද දෙකම සමසම වුනොත් සභාපති වරයට අමතර චන්දයක් දාන්න පුළුවන් වෙනවා. ඒක හින්ද NPP එකට ඇල්පිටියේ 15/30 ආසන තිබුන කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා අයවැයට විරුද්ද වුනත්.
මේ චන්ද ක්‍රමයේ අවාසියක් තමයි සමානුපාතික 40% හැම වෙලේම වගේ විපක්ෂයට යන එක. මුළු චන්ද ප්‍රතිශතය 60% පැන්නුවාට පස්සේ තමා දිනන කණ්ඩායමට සාමාන්යෙන් ලැයිස්තු ආසන හම්බෙන්නේ. ඒක හින්දා ශක්තිමත් ආණ්ඩු හිටිනවා අඩුයි මේ ක්‍රමයෙන්. එක එක ප්‍රාදේශීය සභා වල අයවැය පැරදුනා කියලා ඉස්සර ප්‍රවෘත්ති ආවේ ඒකයි, ආණ්ඩුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් අනිත් පැත්තට ගියත් කරගෙන යන්න අමාරු විදියේ සභා තමා හැදෙන්නේ ලොකු චන්ද ප්‍රතිශතයක් ගත්තේ නැත්නම්.

| පක්ෂය | චන්ද | චන්ද÷1296 | පූර්ණ ආසන | ඉතිරිය | කොට ආසන (ඉතුරු 3) | මුළු ආසන |
| NPP | 17295 | 13.34 | 13 | 0.34 | - | 13 (+ 2 overhang) |
| SJB | 7924 | 6.11 | 6 | 0.11 | - | 6 |
| SLPP | 3597 | 2.77 | 2 | 0.77 | 1 | 3 |
| PA | 2612 | 2.01 | 2 | 0.01 | - | 2 |
| Independent | 2568 | 1.98 | 1 | 0.98 | 1 | 2 |
| UPFA | 1350 | 1.04 | 1 | 0.04 | - | 1 |
| Bulb | 521 | 0.40 | - | 0.40 | 1 | 1 |
| DP | 388 | 0.30 | - | 0.30 | - | - |
| JP | 50 | 0.04 | - | 0.04 | - | - |
| එකතුව=25 | එකතුව=28 (+ 2 overhang) |

Last edited: