සියලු විපක්ෂ පළාත් පාලන ආයතන පිහිටුවීමට ආණ්ඩුවට අත නොදේ.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    චන්ද ප්‍රතිපල අනුව බලය තහවුරු කර ගැනීමට නොහැකි ආයතනවල විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කොට ඇත .

    ආසන 3,927ක් දිනාගත් ජාතික ජන බලවේගය, පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවක බහුතර පාලනය තහවුරු කර ගත් නමුත්, ඔවුන්ට පරිපාලනය පිහිටුවීමට හැකි මුළු සභා බහුතරය 150කට අධික සංඛ්‍යාවක් ලබා ගත් අතර, ඉතිරි සභාවලදී, බහුතරයක් ලබා ගැනීම සඳහා ඔවුන්ට වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත්, විපක්ෂ පක්ෂ සහයෝගය පවත්වා ගෙන ගිය හෝ නැවත ලබා ගත් නාගරික මධ්‍යස්ථාන සහ රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමකට මුහුණ දුන්නේය.

    දැනට විපක්ෂ කණ්ඩායම් එකට එකතු වී බලය මේ ආයතන 50ක පමණ ලබාගැනීමට තීරණය කොට තිබේ .

    මාස 6ක් ඇතුලට ජයක් සමග පරාජයද මලිමාවට ලැබී තිබෙන අතර .

    හුට්ටච්චි , මොංගල් චතුරංග , කාර් සමන්ත, සහ ආචාර්ය කතානායක වැන්නවුන්ගේ සහය විපක්ෂයට ලැබීමත් සමග මේ පසු බෑමට මලිමාවට ඉතාම අඩු කාලයකින් ලැබීම පෙරමග සලකුණු හොඳ නැති බව මනාව පෙන්වයි.

    දෙකයි පනහේ නෝමල් කොලුවා 9 දක්වා වැඩි වීම කැපී පෙනෙන අතර, අළු ගසා ඊළඟ මැතිවරණයෙන් කුකම් සිදුවේදැයි සියල්ලම බලා සිටි
    ඒ වගේම, දුරකථන උන්නාන්සේ ගේ කණ්ඩායමත් කැපී පෙනෙන ලෙස චන්ද ප්‍රමාණය වැඩි කරගෙන ඇත .

    ඉදිරියේ මාලිමා රජයට විශාල සමාජ පීඩනයක් ඇති වීම මේ මගින් හොඳට පේනවා

    ඊළඟ සති කිහිපය තුල පටි තදකරගන්න වෙන්නේ කට්ටියටම , විදුලි බිල වැඩි කිරීම, නව බදු එකතු වීම , ඉන්ධන මිල තව සති 3කින් ඉහල යාම වැනි ඉතාම සුන්දර වැඩසටහන් පෙළක් ඔබ වෙත මාලිමා රජය දායාද කිරීමට නියමිතය




    495935225_1090368016453870_7573794020978886730_n.jpg


    GqZ_VrCWQAAMSYb

    ------ Post added on May 8, 2025 at 11:59 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    apit oya vipakshe wadakata nathi buwalata atha dennema na echarai. mari mongal rata kanna inna gothayo