ප්ලාස්ටික් නර්ඩ්ල් ගැන වදවෙලා ඉවරද?
========================
සමහරු හිතන්නෙ ප්ලාස්ටික් ඇට ඔක්කොම අහුලල ඉවරයි කියල. නෑ තවම එකතු කරනව. ඒත් මගෙ තක්සේරුවෙ හැටියට කොහොම එකතුකලත් 50%කට වැඩිය එකතු කරන්න බැහෑ. ඉතිරිය වැලි අතර සැගවිලා මුහුදු වෙරල දිගේ මන්නාරමට ගිහින් ආදම්ගෙ පාලම දිගේ ඉන්දියාවෙ බටහිර වෙරලට යනව. තව කොටසක් මුහුද දෙසට ගිහින් පැතිරිලා යනව. මම හිතන්නෙ අඩුම ගනනෙ ප්ලාස්ටික් නර්ඩ්ල් බිලියන 70-75ක් වත් තියෙන්න ඇති. කිලෝ 25 බෑග් 46960 ක් සහ අඩි 20 කන්ටේනර් 20ක්. 2017 ඩර්බන් වරායෙ පෙරලුනු නැවෙන් ප්ලාස්ටික් නර්ඩ්ල් ටොන් 50ක් වැටිල මුහුදු වෙරලෙ කිලෝමීටර 2000 ක විතර පැතිරුනා. මේ ප්ලාස්ටික් ඇට වලට සති 3ක් 4ක් යනවිට ඇල්ගී බැදිල දුර්වර්න වෙනකොට මසුන් පහසුවෙන්ම ආහාරයට ගන්න පෙලඹෙනවා.මෙතෙක් කරපු පරීක්ශන වලින් පෙනෙනවාමුහුදු ජීවීන් විශේශ 180ක් පමන ප්ලාස්ටික් වරදවලා ආහාරයට ගන්නා බව. නැත්නම් මොනයම් ආකාරයකින් ඔවුන්ගේ ආමාශයට ප්ලාස්ටික් ගිහින්තිබුනා. ප්ලාස්ටික් නර්ඩ්ල් වල තත්වයත් එලෙසමයි. මේ ප්ලාස්ටික් නර්ඩ්ල් වලට පරිසරයෙ තිබෙන විවිධ විශ රසායන බැදෙන්න පුලුවනි. ඒ අතර කර්මාන්තශාලාවලින් පිටකරන persistent bioaccumilating toxins (PBT) ගොඩක් තියෙනව. ප්ලාස්ටික් ඇට පරිසරයෙදි microplastic බවට පත්වීම සිදුවෙනවා. මේව නැවත නැවත මසුන්ගෙ ආහාරදාම වලට ඇවිල්ල අපේ ආහාරයට එකතුවෙන එක වලක්වන්න බැහැ. ඒ නිසා හිතන්න එපා වෙරල සුද්ධ කලාම ඔක්කොම ඉවරයි කියල. අපේ රටේ ඕනෑම ප්රශ්නයක් තියෙන්නෙ උපරිම සති දෙකයි.ප්ලාස්ටික් ඇට හැබැයි අවුරුදු 500ක් වත් ආයෙ ආයෙ අපට වද දෙයි. ඔය අතරෙ මහාචාර්යවරු කිහිපදෙනෙකුත් ඉන්නවා ඕක සුලු දෙයක් කියන. සමහර අයට ඕකත් සුලුදෙයක් තමයි.
උපුටා ගැනීම ෆේස් බුක් තුලින්