ප්ලාස්ටික් වෙනුවට අලිගැටපේර

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ප්ලාස්ටික් වෙනුවට අලිගැටපේර

VeQPh9L.jpg


මේ වන විට පරිසර දුෂණය ලෝකයේම ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට මෙන්ම සතුන්ට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
මේ නිසා ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ ප්ලාස්ටික් වෙනුවට භාවිතා කල හැකි නිෂ්පාදන සොයාගැනීම සඳහායි. Biofase නම් මෙක්සිකානු සමාගමක් මෙයට
සාර්ථක විසඳුමක් සොයාගෙන තිබෙනවා. මෙම සමාගම ප්ලාස්ටික් වෙනුවට ආදේශකයක් ලෙස භාණ්ඩ නිපදවීම සඳහා අලිගැටපේර බීජ යොදාගෙන තිබෙනවා.

XvZXnFE.jpg


රසායන ඉංජිනේරුවෙක් වන Scott Munguía තමයි මේ පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදන ක්‍රමය මුලින්ම හොයාගෙන තියෙන්නේ. ඔහු පන්ති ව්‍යාපෘතියක් විදියට තමයි මෙය
අත්හදා බලලා තියෙන්නේ, නමුත් අවසානයේ මෙය ඉතාමත් සාර්ථක වූ නිසා ඔහු මෙය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු තවත් මිතුරන් දෙදෙනෙක් සමග එකතුවී Biofase ආරම්භ කර තිබෙනවා. ඔවුන් guacamole සහ අලිගැටපේර oil නිෂ්පාදන සමාගම් වලින් අලිගැටපේර බීජ
මිලදීගෙන ඒවා හැඳි ගෑරුප්පු බවට පරිවර්තනය කරනවා.

dOuNBAm.jpg


qmOPX4y.jpg


8Lc2kPP.jpg


ප්ලාස්ටික් දිරාපත් වීමට වසර දහස් ගණනක් ගත වුවත් මෙලෙස නිපදවන හැඳි ගෑරුප්පු, බිම බට ආදිය 100% ක් දිරාපත් වන ද්‍රව්‍යකින් නිපදවන නිසා දින 240කදී පමණ
සම්පුර්ණයෙන්ම දිරාපත් වෙනවා.

5Kyd6Mi.jpg


Biofase සමගම මේ වන විට විශාල වෙමින් සහ වර්ධනය වෙමින් පවතිනවා. ඔවුන් වසරකට හැඳි ගෑරුප්පු ටොන් 300 ත් 400 ත් අතර ප්රමාණයක් නිෂ්පාදනය කරන අතර
ඉදිරියේදී මෙය පිඟන් කෝප්ප සහ ආහාර බඳුන් නිෂ්පාදනය කිරීම තෙක් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම Biofase සමාගම දැනටමත් ඔවුන්ගේ නිෂ්පාදන
එක්සත් ජනපදය සහ යුරෝපය වෙත අපනයනය කරනු ලබනවා.