ප්ලාස්‌ටික්‌ සැත්කමට වසර 100 යි!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ප්ලාස්‌ටික්‌ සැත්කමට වසර 100 යි!

    ප්ලාස්‌ටික්‌ සැත්කමට
    වසර 100 යි!

    d12-2.jpg
    වර්තමානය වනවිට ප්ලාස්‌ටික්‌ සැත්කම් ගැන බොහෝ කතාබහ ඇතිව තිබෙනවා. මුල් වකවානුවේ මිනිසුන්ගේ ශරීරයේ විවිධ විකෘති තත්ත්වයෙන් මග හැරවීමට සහ හදිසි අනතුරුවලින් සිදුවූ විකෘතිකම් වෙනස්‌ කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්ලාස්‌ටික්‌ සැත්කම් යොදාගන්නා ලදී.

    එහෙත් වර්තමානය වනවිට ප්ලාස්‌ටික්‌ සැත්කම් යනු රූප ස්‌වභාව වර්ධනය කරගැනීම සඳහා යොදාගන්නා ප්‍රබල සැත්කමක්‌ ලෙස යොදාගනු දක්‌නට ලැබේ. ඒ අනුව මුහුණෙහි සුන්දරත්වය වර්ධනය කිරීම, පියයුරු විශාල කිරීම, එල්ලා වැටෙන රැළි වැටුණු සම සකස්‌ කිරීම සඳහා ප්ලාස්‌ටික්‌ සැත්කම යොදා ගනී.

    d12-1.jpg
    මෙතරම් සංකීර්ණ සැත්කමක්‌ වන ප්ලාස්‌ටික්‌ සැත්කම් ක්‍රියාදාමයට මේ වන විට වසර 100 ක්‌ පිරී තිබේ. ලෝකයේ මුල්ම ප්ලාස්‌ටික්‌ සැත්කම සිදුවන්නේ වර්ෂ 1914 දීය. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවරදීය. පළමුවන ලෝක යුද්ධයෙන් තුවාල ලබා සිටි සෙබළුන්ගේ ශාරීරික විකෘතිතා දුටු ශ්‍රීමත් හැරල්ඩ් ගිලිස්‌ නම් වෛද්‍යවරයා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඇරඹීය. එහිදී ඒ විකෘතිතා යථා තත්ත්වයට පත්කිරීම සඳහාද එදා සැත්කම් සිදුකර ඇත. ප්ලාස්‌ටික්‌ සැත්කම්වල මූලාරම්භය ලෙස සැලකෙන්නේ එයයි. වෛද්‍ය හැරල්ඩ්ගේ පළමු සැත්කමට මුහුණ දුන්නේ පළමු ලෝක යුද්ධයේදී නාවිකයකු ලෙස කටයුතු කළ වෝල්ටර් යේඕය. වෛද්‍ය හැරල්ඩ්ට මේ සිතුවිල්ල පහළ වූයේ ශරීරාංගයන් විකෘති වූ සෙබළකු නෑ හිතමිතුරන් සමග සිටියදී දක්‌නට ලැබුණු සංවේදී සිදුවීම් නිසා හටගත් කම්පනයෙනි.

    වෝල්ටර් යේඕගේ මුහුණ යුද සටන් වැදී සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි. නාසය හා ඇසිපිය බරපතළ ලෙස විනාශව තිබිණි.

    වෝල්ටර්ට කළ සැත්කමේදී ඔහුගේ සිරුරේ වෙනත් තැනකින් ලබාගත් සම හානි වූ ශරීරාංගවලට බද්ධ කරමින් ඒ විකෘතිතා මඟහැරවීමට වෛද්‍ය හැරල්ඩ් හා ඔහුගේ කණ්‌ඩායම සමත් විය. සැත්කම සාර්ථක වුවද වෝල්ටර්ගේ විකෘතිතා සම්පූර්ණයෙන්ම මඟහැරවීමට හැකියාවක්‌ නොලැබුණේ එය අත්දැකීම් රහිත පර්යේෂණාත්මක සැත්කමක්‌ නිසාය. කෙසේ හෝ මේ සිදුවීම වූ 1914 ප්ලාස්‌ටික්‌ සැත්කමේ මූලාරම්භය ලෙස සැලකේ. 1917 න් පසු එය විධිමත් ලෙස කිසිදු විකෘතිතවක්‌ ඇති නොවන පරිදි සිදුකිරීමට වෛද්‍යවරුන්ට හැකි විණි.

    ශිරෝමි මාපා