ප්‍රකාශයක් නොකරම නික්ම ගොසින්!!
මෙතෙක් මෙරට බිහිවූ ජනප්‍රියතම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ මාධ්‍ය ප්‍රකාශන, අදින් පසු යළිත් අපට අසන්නට නොලැබෙනු ඇත. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කිරීමත්, අජිත් රෝහණ මහතා කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත් කිරීමත් හේතුවෙනි.
අජිත් රෝහණ යනු කෙටියෙන් පැවසුවහොත් බ්‍රෑන්ඩ් එකකි. නොඑසේනම් සන්නමකි. මෙරට ඉතිහාසයේ කොතෙකුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු රාජකාරි ඉටුකර තිබුණත්, අජිත් රෝහණ මහතා තරම් කථා බහට ලක් වුනු, අතිශය ජනප්‍රිය වුනු, සියල්ලටම වඩා මතකයේ රැඳුනු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නොසිටි බවටනම් විවාදයක් නොමැත. ඔහුගේ තර්කානුකූල, සමබර හා ඔහුටම ආවේනික භාෂාව හැසිරවීමේ හැකියාව ඔහුගේ ජනප්‍රියත්ව පසුපස තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ආණ්ඩු පරිවර්තයක් තුලදීද, ඔහුට සිය තනතුරේම රැඳෙන්නට හැකි වූයේ එකී සමබරතාවය නිසාවෙනි. අද ඔහුව අනගමනය කරන පිරිසක්ද බිහිවී තිබේ. ඒ හඬ, ඒ ශෛලිය අනුකරණකරන්නටද ඇතැමුන් උත්සාහකරනු අප දැක ඇත. අජිත් රෝහණ යනු බ්‍රෑන්ඩ් එකක්යැයි මා පැවසුවේ එබැවිනි. බොහෝ දෙනෙකු ඔහුව විවේචනය නොකළාද නොවේ. ඒ, ඔහුගේ රාජකාරිය, එනම් ඔහු විසින් සිදුකරනු ලබන්නේ මාධ්‍ය ප්‍රකාශ නිකුත්කිරීම පමණක්ය යන කරුණ හරි හැටි අවබෝධකර නොගත් පිරිසක්ද අප අතරම සිටින බැවිනි.
කෙසේනමුත් ඔහු මාධ්‍යවේදීන් සමගින් ඉතා සුහදව හිඳිමින්, සිය රාජකාරිය අකුරටම ඉටුකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ලෙසින් ඉතිහාසගත වනු ඇත.
ප්‍රදීප් ප්‍රේමලාල්

Last edited: