ප්‍රකාශයක් නොකරම නික්ම ගොසින්!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ප්‍රකාශයක් නොකරම නික්ම ගොසින්!!


මෙතෙක් මෙරට බිහිවූ ජනප්‍රියතම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ මාධ්‍ය ප්‍රකාශන, අදින් පසු යළිත් අපට අසන්නට නොලැබෙනු ඇත. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කිරීමත්, අජිත් රෝහණ මහතා කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත් කිරීමත් හේතුවෙනි.

අජිත් රෝහණ යනු කෙටියෙන් පැවසුවහොත් බ්‍රෑන්ඩ් එකකි. නොඑසේනම් සන්නමකි. මෙරට ඉතිහාසයේ කොතෙකුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු රාජකාරි ඉටුකර තිබුණත්, අජිත් රෝහණ මහතා තරම් කථා බහට ලක් වුනු, අතිශය ජනප්‍රිය වුනු, සියල්ලටම වඩා මතකයේ රැඳුනු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නොසිටි බවටනම් විවාදයක් නොමැත. ඔහුගේ තර්කානුකූල, සමබර හා ඔහුටම ආවේනික භාෂාව හැසිරවීමේ හැකියාව ඔහුගේ ජනප්‍රියත්ව පසුපස තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ආණ්ඩු පරිවර්තයක් තුලදීද, ඔහුට සිය තනතුරේම රැඳෙන්නට හැකි වූයේ එකී සමබරතාවය නිසාවෙනි. අද ඔහුව අනගමනය කරන පිරිසක්ද බිහිවී තිබේ. ඒ හඬ, ඒ ශෛලිය අනුකරණකරන්නටද ඇතැමුන් උත්සාහකරනු අප දැක ඇත. අජිත් රෝහණ යනු බ්‍රෑන්ඩ් එකක්යැයි මා පැවසුවේ එබැවිනි. බොහෝ දෙනෙකු ඔහුව විවේචනය නොකළාද නොවේ. ඒ, ඔහුගේ රාජකාරිය, එනම් ඔහු විසින් සිදුකරනු ලබන්නේ මාධ්‍ය ප්‍රකාශ නිකුත්කිරීම පමණක්ය යන කරුණ හරි හැටි අවබෝධකර නොගත් පිරිසක්ද අප අතරම සිටින බැවිනි.

කෙසේනමුත් ඔහු මාධ්‍යවේදීන් සමගින් ඉතා සුහදව හිඳිමින්, සිය රාජකාරිය අකුරටම ඉටුකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ලෙසින් ඉතිහාසගත වනු ඇත.


ප්‍රදීප් ප්‍රේමලාල්

11054356_10153058411571259_6148808563908490970_n.jpg
 
Last edited:

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දේශපාලන හිකනලුන් නිසා පොදු බඩුවක් වගේ උන් මිනිහ ගිය එක මිනිහගෙ අනාගතෙට හොදයි. ඔහුට සුභ පතනවා
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Police Training school එකේ lunch එකෙන් පස්සේ lectures වලට වැඩිපුරම දාන්නේ මෑන්වලු. එකෙක්ටවත් නින්ද යන්නෙ නැතිව ලෙක්චර් එක හවස 4 වෙනකම් අදිනව කියලා යාළුවෙක් කිව්වා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම දක්ෂ පොරක්... ඒ කාලේ මහින්දට කඩේ ගියත් පොරගේ දක්ෂතාවය අගය කරන්න ඕනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පට්ටම දක්ෂ පොරක්... ඒ කාලේ මහින්දට කඩේ ගියත් පොරගේ දක්ෂතාවය අගය කරන්න ඕනේ

    රජයෙ නිලදාරින් රජයෙ නියොග ඉටු කරන්න ඔන එක කඩෙ යැමක් නෙමෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සරහට වෙඩි වැදුනෙ පැනල දුවද්දි කිව්ව අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා :baffled: :baffled: නැතුව පාලුයි.. :oo:
    ආයෙත් ඒ විහිළු කතා කවද අහන්නද :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    පට්ටම දක්ෂ පොරක්... ඒ කාලේ මහින්දට කඩේ ගියත් පොරගේ දක්ෂතාවය අගය කරන්න ඕනේ
    ඌ කලේ උගේ ඩියුටිය බන් .මොනවා කරන්නද ?? දක්ෂයාට උනත් පවුලක් කියලා එකක් තියෙනවා නේ ?? ඉතිං කඩේ නොයා මොනවා කරන්නද ?? මෙකේ වැරැද්ද පද්ධතිය .එකේ අවුල නිසා ඕනෑම හොඳ පුද්ගලයෙක්ට මෙවැනි දේවල් කිරීමට සිද්ධ වෙනවා සහ එරහිව නැඟී සිටින අයට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A vage educated aya police valata ganna ona. policiyata badenna avama sudusukama ADVANCE LEVEL vath thiyenna ona . Meya nam Law final exam pass una educated kenek.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරහට වෙඩි වැදුනෙ පැනල දුවද්දි කිව්ව අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා :baffled: :baffled: නැතුව පාලුයි.. :oo:
    ආයෙත් ඒ විහිළු කතා කවද අහන්නද :(

    :( ane අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා :sorry:
     

    Similar threads