~ ප්‍රගීත් එක්නැළිගොඩ ~
http://www.divaina.com/2010/05/10/feature01.html
ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?
පසුගිය මාස කීපය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියකුගේ අතුරුදන් වීමක් ගැන මහත් ආන්දෝලනයක් පැවතුණි. මේ වනතෙක් මම මේ කාරණය ගැන එක වචනයක් වත් ප්‍රසිද්ධියේ පවසා නැත. මේ සම්බන්ධයෙන් මා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ එක්තරා කාරණයක් සිතේ තබා ගෙනයි. නමුත් ඉකුත් සතියට කලින් සතියේ රාවය පුවත්පතේ සුනන්ද දේශප්‍රිය ලියන තීරු ලිපියේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා උපුටා දක්වමින් ඔහු කියා ඇත්තේ 2009 අගෝස්තු වලදී පමණ ප්රගීත්ව මුල් වතාවට පැහැරගෙන ගිය අවස්ථාවේදී ඔහු බේරා ගත්තේ මම බවය. සුනන්ද මාගේ නම එහි සඳහන් කර නොතිබුණ ද "ඉංගී්රසි පුවත්පතක මාධ්‍යවේදියකු" ඔහුව බේරාගත් බව කියමින් කර තිබූ සඳහන මා ගැනය. මීට සති කීපයකට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ මට දුරකථනයෙන් කතා කරමින් පැවැසුවේ ගුණදාස ජයලත් නමැති ප්රගීත්ගේ සමීප මිතුරකු ප්‍රගීත් මුල් වතාවේ පැහැර ගනු ලැබූ විට ඔහුව බේරා ගත්තේ මම යෑයි ඇයට පැවැසූ බවයි. මෙකී ගුණදාස ජයලත් වමේ පැරැණි ක්රියාකාරිකයෙකි. ඔහු දැන් සේවය කරන්නේ සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හැටියටය.
මෙතනදී පුදුමයකට තිබුණේ ප්‍රගීත් සහ සන්ධ්‍යා යන දෙදෙනාම මම ඉතා හොඳින් හැඳිනීමයි. මම මෙතෙක් මේ ප්රශ්නය ගැන මගේ පෞද්ගලික අදහස් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැතුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ අවශ්‍ය වූ තැන පැරැණි මිතුරකුට උදව් කිරීමට මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වීමට ඉඩකඩ තබා ගැනීම සඳහාය. පසුගිය අගෝස්තු මාසයේ ඔහු පැහැරගෙන ගිය පසු ඔහු බේරා ගත්තේ මම නම් ඒ පුවත සන්ධ්‍යාට ආරංචි වීමට තිබුණේ තුන් වැනි පාර්ශ්වයකින් නොව ප්‍රගීත්ගෙන්මය. එපමණක් නොව ඔවුන් මට ගෙදර කෑම වේලක්ද දී තමන්ගේ පුතුන් දෙදෙනාට තාත්තාගේ ජීවිතය බේරා දුන් අංකල් යෑයි හඳුන්වා දීමට ද යුතුමක් තිබිණි. නමුත් එවැන්නක් සිදුවූයේ නැත.
ඔහු උස්සාගෙන ගිය මුල් අවස්ථාවේ ඔහු බේරුවේ මම යෑයි ප්‍රගීත් විසින් සන්ධ්‍යාට නොකීම සන්ධ්‍යා අමුතු දෙයක් ලෙස පිළිගන්නා බවට පෙනෙන්නට නැත. ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ කරගෙන යන ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳ යමක් එයින්ම ගම්‍ය වනු ඇත. මම ප්‍රගීත් අවුරුදු 20 කට වඩා වැඩි කාලයක් හඳුනමි. 1997 දී මගේ "කොළ පාට සමාජය" නමැති පොතේ පිට කවරය නිර්මාණය කළේ ප්‍රගීත්ය. එය යතුරු ලියනය කරන ලද්දේ ද ඔහු හඳුනන ව්‍යාපාරික ස්ථානයකය. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ මගේ පෞද්ගලික අදහස් කිසිවක් ප්‍රසිද්ධියේ නොකියා සිටියේත් එය ඔහුගේ වාසියට ඉවහල් නොවන නිසාය. නමුත් ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී ඔහුට උදව් කළ පුද්ගලයා හැටියට දැන් මට ද මේ ජවනිකාවේ තැනක් ලැබී තිබෙන නිසා මේ ගැන තව දුරටත් නිහඬව සිටිය යුතු නැතැයි මම සිතමි.

Last edited: