“ප්‍රගීත් සහ එල්ටීටීඊ බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබිලා නෑ: පරීක්ෂණ අවුල් කිරීමට ගොතන බොරුවක්“: රහස් පොලිස් පරීක්ෂකයෙක් කියයි: “නීති විරෝධී නියෝග දුන් අයගේ නම් හෙලිකර නීතියේ සහනය ගන්න“ -ආරක්ෂක අමාත්‍යාංශය නීති විරෝධී ඝාතන කළ නිලධාරීන්ට කියයි
ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්නගේ නායකත්වයෙන් යොදවන ලද යුද හමුදා කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්ටීටීඊ බුද්ධි අංශ සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බවට කිසිදු සාක්ෂියක් හෙලි වී නැතැයි ඒ පිලිබඳ පරීක්ෂණ කරන රහස් පොලිස් නිලධාරියෙකු ‘ලංකා ඊ නිව්ස්‘ හා පැවසීය. එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් විසින් භාවිතා කරන ලද රහස් ලිපි ලේඛන දත්ත සියල්ල යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වෙත ලැබී තිබෙන අතර එම ලිපි ලේඛන දත්ත සියල්ල ගෙන්වා පරීක්ෂා කළ නමුත් ප්‍රගීත් එක්නැලිගොඩ සහ එල්ටීටීඊ බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබූ බවක් හෙලි නොවූ බව එම නිලධාරියා කීවේය.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් කණ්ඩායම් සහ ඊට උදව් කළ කණ්ඩායම් විසින් තමන්ට හිතවත් මාධ්‍ය කරුවන් හරහා ප්‍රගීත් එල්ටීටීඊය සමග සම්බන්ධයක් තිබුනේ යයි කතාවක් ගොතන බවත් ඉන් ඔවුන් උත්සාහ කරන්නේ සිදුකරන පරීක්ෂණ අවුල් කිරීමට වුවත් කිසිදු අවුලකින් තොරව පරීක්ෂණ සිදුකරගෙන යන බවත් හේ පැවසීය.
ප්‍රගීත් පැහැර ගැනීම, ගිරිතලේ කඳවුරේ රඳවාගෙන ප්‍රශ්න කිරීම, ඒවා සිදුකෙළේ කව්ද? නියෝග දුන්නේ කව්ද? ආදිය ගැන සියල්ල හෙලිදරව් වී ඇති අතර ප්‍රගීත්ගේ සිරුරට සිදු වූ දේ ගැන මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටින බවද ඒ සියල්ල අනාවරණය වීමෙන් පසු වැරදිකරුවන්ට අධිකරණය ඉදිරියේ නඩු පවරන බවද රහස් පොලිස් නිලධාරියා කීවේය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් හා හෙලි කෙළේ ප්‍රගීත් පමණක් නොව වෙනත් නීති විරෝධී පැහැර ගැනීම් හා ඝාතනද සිදුකළ හමුදා නිලධාරීන් තමන් ඒවා සිදුකෙළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ නියෝග නිසා යයි දැන් නාහෙන් හඬන බවයි. යලි ගෝඨාභයලා බලයට නොඑන බැවින් තමන් අමාරුවේ නොවැටී නීතිය ඉදිරියට පැමිණ තමන්ට නීති විරෝධී මිනීමරු නියෝග දුන්නේ කව්දැයි හෙලිකර නීතියෙන් ලබා ගත හැකි සහනයක් වේ නම් ලබා ගෙන අමාරුවේ නොවැටෙන්නැයි නීති විරෝධී ඝාතන වලට සම්බන්ධ හමුදා නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දෙන්නේ යයිද ප්‍රකාශකයා පැවසීය. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ නීති විරෝධී ඝාතන සිදුකළ කිසිදු හමුදා නිලධාරියෙකු බේරා ගන්නැයි උපදෙස් දෙන්නේ නැතැයිද ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.