අපගේ මැයි දින පණිවිඩය
අපගේ මැයි දින පණිවිඩය
Posted on 01 May 2012.
Rating: 0.0/7 (0 votes cast)
ලක්ෂ ගණනක්, දහස් ගණනක් මිනිසුන් අරගල කරති. දහස් ගණන් පෝස්ටර් ගසති. තොට ලග තොරණ මෙන් දැවැන්ත ඇටවුම් ඉදිකරති. සමරති, ගොරවති, ගිරිය පුප්පාගෙන කෑ ගසති. සම්මුඛ සාකච්ඡා දෙති. නොදෙති. ප්‍රතික්ශේප කරති. අවසානයේ ආණ්ඩු පිහිට වූයේ තමා යැයි පුරාජෙරු දෙසති. ප්‍රතිථලය කුමක් ද?
ඡන්දය දිනුවාට පසු තමන් කඩේ ගිය අයව තමන්ට පෙනෙන්නේ මෙසේය. ‛‛ වසර 1994 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණ රාත්‍රියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ප්‍රතිඵල අසන කිහිපදෙනා අතරට ඊට කලකට පෙර චන්ද්‍රිකා වෙසගනක් ලෙස හැදින්වූ හැරී ජයවර්ධනද සිටියේය. මා එහි ගිය පසු මට බොන්නට විස්කි වීදුරුවක් රැගෙන එමින් සිටි චන්ද්‍රිකාට ඇසෙන පරිදි හැරී ජයවර්ධන මට කීවේ ‛ වික්ටර් මේ ළමයා අපිව බෙිරා ගත්තා කියාය’.
අපි ඉහතින් සදහන් කලේ අනාගතයේ තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත්‍රපටියේ කොටසක් නොවේ. එය චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් කිරීමෙන් අපට සමාජවාදය කරා යා හැකි යැයි සිතූ අමන මෝඩයෙකුගේ විකට ජවනිකාවකි.
අද සුවිශේෂි මැයි දිනයක් ගොඩ නැගීමට අවශ්‍ය නම් කෙනෙකු තමන්ගේ බුද්ධිය පාදා ගත යුතුය. අප ඉගෙන ගත යුත්තේ කා ගැනද? කුමන දේවල් ගැනද? ඒ සදහා පෙළපාලි යාම අවශ්‍යද? ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කඩේ යන විට සජින් වාස් ගැන ඔවුන් සිහිනෙන්වත් සිතුවාද? කුමාර් මහත්තයාගේ චින්තනයේ දිග පළල තුල චන්ද්‍රපාල ලියනගේ හා මහින්ද අබේසුන්දර වැඩ සිටියේ ද? අහංකාර පණ්ඩිත බැරෑරුම් මාක්ස්වාදී වචන තෙපලන්නේ නැතිව අපි චන්ද්‍රපාල ලියනගේ වැනි විකටයෙකුටත් අහුවුණා යැයි ස්වයං විවේචනය කළ නොහැක්කේ මන්ද? රැඩිකල් මැයි දිනයක් සැමරීම යනු ලංකාවේ සියලු විකටයන්ට බැරෑරුම් වම රැවටුනා යැයි විවෘතව ප්‍රකාශ කිරීම නොවේද?
අපගේ අවසාන අදහස සදහා අපි මහාචාර්ය සනත් ගුණතිලකව මෙසේ උපුටන්නෙමු. ‛‛ සනත් ගුණතිලක අයත් මිනිසුන්ගේ කුලකය ඉතාමත් කපටි ලෙස බලවත් අයට සමීප වීමට අවශ්‍ය තියුණු පොන්න හැකියාවකින් යුක්තය. ඔවුහූ සිරිතක් වශයෙන් ආණ්ඩුවක් බලයට පත් කිරීම සදහා කිසිවක් නොකරති. ඒ සදහා ක්‍රියා කරන්නේ පොන්න වම්මුන්ය. එහෙත් බලයට පත්වන කවර ආණ්ඩුවකට හෝ ඉක්මනින් සෙට් වීමේ අපූරු හැකියාවක් සනත් ගුණතිලක කුලයේ අය සතුය. ඒ සමගම ඔවුන් ඉක්මනින් එම ආණ්ඩුවේ අයිතිකරුවන් බවට පත්වෙමින් ලැබෙන බලය උපරිම වශයෙන් පාවිච්චිකර ධනය උපයා ගනිති. නිරීක්ෂණ නිවට ඉවක් ඔවුන් සතුය. බලයට එන ආණ්ඩු අවසන් මෙහොතේ කඩාගෙන වැටෙන්නට ඔන්න මෙන් කියා තිබෙන විට ඒවා අතහැර යමින් ඊලගට බලයට එන ආණ්ඩු වලට එක් වීමටත් ඔවුහූ දක්ෂයෝ වෙති.
කුමාර් මහත්තයාගේ දක්ෂතාවය යනු සනත් ගුණතිලක වර්ගයේ දක්ෂතාවයක්ද? පුබුදු ජයගොඩ නම් වන ඔහුගේ සිංහල බෞද්ධ උද්ඝෝෂකයාට අනුව තමන්ගේ නායකයා විප්ලවාදියෙකි. සනත්ලාගේ වර්ගයේ විඥාණයක් ගැන ඔහු විශේෂඥයෙකි. තමන්ම කඩේ ගිය ජාතිවාදී ආණ්ඩුව තමන්වම අත් අඩංගුවට ගන්නා බවට ඔහු පෙර නිමිති නොදුටුවේ මන්ද?
අරගලය විසින් ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙනු ඇත….
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

Last edited: