ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&

    ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී !


    දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය සුපුරුදු කොටි නැඟිටින කතා සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

    ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට වූ අතර මෙවර එහි වෙනසක් වනු ඇති බවට බලාපොරොත්තු සහගතව ප්‍රචාරණයක් ගෙනගියේ ද පොහොට්ටුවම විසිනි.

    විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සති දෙකක පමණ කාලයක් එම පළාත පුරා සංචාරය කරමින් රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද උතුරේ ජනරැළි කිහිපයකටම සහභාගී වෙමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක්ම ලබාදුන්නේය. ඒ අතරම නාමල් රාජපක්ෂ මහතා හදිසියේම ඩුබායි රාජ්‍යය බලාගොස් LTTE සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන් නමැත්තාව ද හමුව තිබුණේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කරන තැනකට හෝ ගෙන ඒම සඳහා සහායක් ලබාගැනීමටය.

    නමුත් මේ සියල්ල අසාර්ථ වූ තැන ඔවුන් සුපුරුදු පරිදි රට බෙදීමේ කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවට ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් කොටි නැඟිටීමේ තැටිය නැවත වාදනය කරමින් ජාතිවාදය වැපිරීම හරහා ගොඩයෑමේ උත්සාහයක නියැළී සිටී.




    මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. විග්නේෂ්වරන් මහතා මුල පටන්ම ගෝඨාට වාසිවන ආකාරයෙන් දකුණ ඇවිස්සීමේ ප්‍රයත්නයක නිරත වන බව ලංකා නිව්ස් අපි මීට මාස කිහිපයකට පෙරම පෙන්වා දුන්නෙමු. මේ කොන්දේසි සම්බන්ධයෙන් දකුණට දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන්නේ ද ගෝඨා හිතවාදී මාධ්‍ය ආයතන විසිනි.

    දැන් සජිත් ප්‍රේමදාස මේ කොන්දේසි පිළිගත් බවත් ඒ අනුව සජිත් ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම රට දෙකඩ කරන බවටත් ගෝඨාගේ ප්‍රචාරණ ජාලය විසින් පුවත් මවමින් ඇත.

    මෙය අලුත් කතාවක් ද නොවේ. රාජපක්ෂ පාර්ශ්වය 2015 ජනාධිපතිවරණය හමුවේ ද මෙයම කළේය. ඔවුන් එහිදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය රට බෙදීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව පවසමින් ව්‍යාජ ගිවිසුමක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම එජාප සහ TNA සහාය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රට බෙදුනේත් නැත. සිදුවූ එකම දෙය වූයේ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එදා රාජපක්ෂ පිල සමඟ එක්ව සිටි තිස්ස අත්තනායක මහතාට නඩුවක් වැටීම පමණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේම තමන් පැමිණ සිටින්නේ තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට මිස ප්‍රතිවාදීන් විවේචනය කිරීමට නොවන බව පවසමිනි. තමන් කිසිවෙකුට මඩ නොගසන බවත් වැඩ පෙන්වන බවත් පවසමිනි. මේ වනවිට ගෝඨාගේ ප්‍රචාරණ ජාලය කතා නොකරන්නේම ද ප්‍රතිපත්ති ගැනය.

    ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.


    :lol:

    LNW
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර තිබේ.

    ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.

    “අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යැයි ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමලෙන් ලියා ඇති පණිවුඩයක දැක්වේ.
    එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නොහැකි විය.

    gota-twitter.jpg

    ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් සටහන

    යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමිනි.

    නලලට තිලකයක් ද තබා ගෙන යාපනයේ ජනතාව අමතන ගෝඨාබය රාජපක්ගේ සජිවි විකාශය “තමුන්නාන්සේලා දෙන්නා එදා අපි දහතුන් දහසකට ආසන්න එල්.ටීටී.ඊ සාමාජියන්” යන්න සිංහලෙන් පවසනවාත් සමඟ නතර වී ඔහුගේ ප්‍රචාරක ගීතයක් ආරම්භ වන අතර ගීතය අවසන් වීම සමග නැවත සජිවි විකාශය ආරම්භ වන්නේ “මේ ප්‍රශ්න වලට මැදි වෙලා ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ,” යි ප්‍රකාශ කරනු සමගය.

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.
    (ceylonnews.lk)




    https://www.theleader.lk/news/1332-gotabaya-jaffna-meeting

    :lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    උතුරු නැගෙනහිර ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහයත් ගෝඨාභයට

    4a615e2b35899b40893df8de777e5c09_L.jpg


    ඔක් 16, 2019

    දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ පැවැත්විණි.

    මෙම හමුව සඳහා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂමයේ උතුරු හා නැගෙනහිර පාලාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක් වුහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට වර්ධරාජා පෙරුමාල් මහතා කැමැත්ත පල කර තිබේ.

    දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පාලත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ වර්ධරාජා පෙරුමාල් මහතායි. ප්‍රධාන අමාත්‍යවරයා විමෙන් පසු ඔහු උතුරු නැගෙනහිර වෙනම ඊලාම් රජයක් ප්‍රකාශයට පත් කළේය. වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.


    rupavahini news

    72661246_721397708337653_4396017937920557056_n.jpg


    73011038_10156169868811467_9108169460514029568_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි.
    LNW



    https://www.thehindu.com/news/inter...al-elections-in-sri-lanka/article29807814.ece




    NEWS INTERNATIONAL


    Tamil groups place their demands ahead of presidential elections in Sri Lanka


    Meera Srinivasan

    COLOMBO, OCTOBER 26, 2019 22:24 IST
    UPDATED: OCTOBER 26, 2019 23:20 IST

    MORE-IN
    Sri Lanka Presidential Elections


    Seek international probe of war crimes, repeal of terrorism law and investments from Tamil diaspora

    In a show of strength and solidarity, five Tamil parties in Sri Lanka recently came together and put down their expectations of presidential candidates seeking their support in the November 16 election.

    The initiative, led by students of the University of Jaffna and the Eastern University in Batticaloa, culminated in a 13-point proposal that has now become a talking point ahead of polls.

    Call for federal structure


    The demands include evolving a political solution through a federal arrangement, with a recognition of a “separate sovereignty” status for the Tamils and their right to self-determination, rejecting a “unitary state”; conducting an international probe of war crimes; repealing the draconian Prevention of Terrorism Act; stopping Sinhala-Buddhist “colonisation” of the north and east; and enabling investments from Tamil diaspora to enhance development and employment in the war-affected areas.


    Leaders of the Ilankai Tamil Arasu Katchi (ITAK), Tamil Eelam Liberation Organisation(TELO), People’s Liberation Organisation of Tamil Eelam (PLOTE) — which are constituents of the Tamil National Alliance (TNA) — along with the Tamil Makkal Koottani (TMK) and the Eelam People’s Revolutionary Liberation Front (EPRLF) signed the document.


    දැන් කියපන් thehindu ත් ගෝඨට කඩේ යනවා කියලා... අනේ යකෝ.

    https://www.thehindu.com/news/inter...al-elections-in-sri-lanka/article29807814.ece
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උතුරු නැගෙනහිර ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහයත් ගෝඨාභයට

    73011038_10156169868811467_9108169460514029568_n.jpg


    ඔහොම මිනිස්සු ලිඳේ දාන්න එපා!

    tenor.gif