ප්‍රතිමා නෙළන්නා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රතිමා නෙළන්නා

    ප්‍රතිමා නෙළන්නා

    vpCiM83.jpg


    ඒ එකොළොස්වන සියවසේ මවුලර් අධිරාජ්‍යයාගේ පාලන සමයයි.තරුණ ප්‍රතිමා නෙළන්නා 'ගීමත්සු' සිහිනයක් දකිමින් උන්නේය.

    ........~~~~........

    අසු යෙදු කරත්තය සෙමෙන් සෙමෙන් වීදි කොනට ඇදෙන්නට විය.විකිණීමට සුදානම් කර තිබු ප්‍රතිමා සියල්ල පසුපස බක්කියේ පිලිවෙලින් අසුරා තිබිණි.
    අධිරාජ්‍යයා කාර්යශුර අයෙක් වූ නමුදු සමහර නිලධරයෝ නොසැලකිල්ලෙන් කටයුතු කල නිසා වීදිය තරමක අබලන් විය. තැනින් තැන ගැලවුණු ගල් වීදිය පුරා විසිර තිබුණි.
    කරත්ත රෝද ගැටි උඩින් පනිමින්, වලවල් වල වැටෙමින් සෙමෙන් ඉදිරියට ධාවනය විය.කලකින් වැසි නොලැබුණු වුවත් ඔලාරිකව ගිය හිරු වසා මන්දාරම් අඳුරක් පරිසරයම අලස කරලීය.
    හිරු බැස යන්නට හෝරා තුනක් පමණ විය. නගරයෙන් කෙමෙන් මෑත් වූ රිය කඳු සහිත වංගු මාර්ගයට ප්‍රවේශ විය.
    සියවස් කිහිපයක් තිස්සේ වෙළඳ කටයුතු ඔස්සේ දිවුණු මේ මාර්ගය කඳුකරය ඔස්සේ දකුණු වෙරල කරා දිවේ.
    අතරමැද හමුවන කඩපිල් කිහිපයක් නොවන්නට කඳුකර මාර්ගය වඩාත් පාලු ස්වභාවයක් ඉසිලිය.සිහින් හඬින් අලසව ගීයක් මුමුණමින් ගීමත්සු අසු මෙහෙයවීය.
    දෙහෝරා පමණ පසු කඳුකරයට ඉතා ආසන්නයේ රිය මදකට නවතාලු ගීමත්සු අසල වන රොදට වැදී මිනිත්තු කිහිපයක් ගතකොට නැවත ගමන් අරඹාලීය.
    වැඩි දුරක් යන්නට මත්තෙන් මහත් හඬක් නගමින් රෝදයක යකඩ පට්ටම පුපුරා ගියේය.ක්ෂණිකයෙන් සිදුවූ මේ මහත් කලබගෑනිය නිසා කලබල වූ අසු සන්සුන් කල හේ රිය නතරකොට
    සිදුවූ හානිය පිරික්සන්නට වන් රියෙන් බටුයේය. තමා බෙහෙවින් අසරණ වූ බව දැක ඔහු ඉතා සන්තාපයටත්, කලබලයටත් පත්විය.
    කුමක් කරම්දැයි නොදත් හේ ලද අවසරයෙන් ජල බඳුන රැගෙන අසුට බොන්නට වතුර දී අසල පිහිටි යෝධ දේවදාර ගසක් පාමුල් වැතිරුනේය.
    සාමාන්‍යයෙන් මේ මාර්ගය වෙළඳුන් පාවිච්චි කරන මාර්ගයක් වූ අතර සොර සතුරන්ද නොවුවා නොවේ. ලඟම පිහිටි නවාතැන්පොළට තවත් සැතපුම් කිහිපයක් ඇත.
    ඒ සඳහා තවත් හෝරාවක් පමණ දුර යා යුතුය. බොහෝ දුරට සවස් යාමයට ප්‍රථම දකුණු ඉවුරේ සිට නගරය දෙසට ගැල් රථ පැමිණීමට ඉඩ ඇති බැවින් එසේ නැවතී සිටීම සුදුසු යැයි තීරණය කල ගීමත්සු ගස පාමුල වාඩිලා ගිමන් හැරීය.
    ඔහුටත් නොදන්වා නින්ද ඔහු කරා එළඹුනේය.

    wULEmw7.jpg


    ........~~~~........​

    දෑස් වසා සිටි ඔහු ඉදිරියේ සුන්දර කාන්තා රුවක් විය.සෙමෙන් තමාගේ නමින් මුමුණනු ඇසුණු ඔහු දෑස් හැරලීය.
    තමා සිටින්නේ කොහිදැයි කිසිඳු අවබෝධයක් නොතිබූ නමුත් දේවදාර ගසක් පාමුල තමා වැතිර සිටින බවත්, කාන්තාවක් හා වෙලී සිටින බවත් වෙලාව
    ගොම්මන පසුවීමට ඔන්න මෙන්න බවත් ඔහුට පසක් විය.තමා කවුද, මේ කාන්තාව ඔහුගේ කවුදැයි ඔහුට කිසි වැටහීමක් නොවීය.ඔහු හිස හරවා ඈ දෙස බැලීය.
    ඈ පියකරු දසන් පෙන්වා ඔහු හා සිනාසිය. ගීමත්සු යමක් තේරුම් ගත්තේය. එනම් තමා ඈට පෙම් කරන බවයි. එක්වරම සියල්ල ඔහුගේ මනසේ මැවෙන්නට විය.
    ඔව් ඇය 'නගීෂා'ය. මේ තමාගේ ප්‍රේම වන්තියයි.නමුත් ඒ කවදා කෙසේ වුවක්ද යන්න ඔහුට නොවැටහිණි. ඈ තමාගේ පෙම්වතිය පමණක් බව ඔහු දැන සිටියාය.
    '' අනේ අපි යමු, මට බෑ තවත් ඔහු එක්ක ඉන්න'' ඈ කෙඳිරිය.
    '' නගීෂා අපි කොහොමද එහෙම කරන්නේ, ඔහු ඔබේ ස්වාමිපුරුෂයා, ඇරත් අපි කොහේ කියල යන්නද ? රට හැම තැනම රාජ පුරුෂයෝ. බන්තූ අධිරාජ්‍යයාගේ හමුදාව අපි පසුපස පන්නාවී.''
    '' අපි කඳුකරයෙන් පලා යමු. ඔමිදෝන් ගඟෙන් එගොඩ ඔහුට බලයක් නෑ අපි අල්ලන්න.''
    '' ඒත් නගීෂා,''
    එක්වනම ඇගේ දෑස් ගිනි පුලිඟු වන දීප්තියකින් බැබළිණි. කාමාතුර ආශාවකින් බැබලුනු ඒ දෙස බැලීම පවා ඔහු අපහසු කළේය.යම් කිසි අත්භූත යමක් ඇගේ සන්තානයේ ලියවී තිබිණි.
    ඒ නම් කෙසේවත් සෞම්‍ය නොවන බව ඔහු පසක් කරලීය.ඈ වහා ඔහු දෙසට නැමී හාදුවකින් ඔහුගේ දෙතොල් තෙමීය.
    තමා ඇගේ සියලු බන්ධන වලින් මුලාවී ගියාක් වැන්න. සෙමෙන් ඇගේ පියොවුරක් ස්පර්ශ කල හේ හාදුවේ සියලු රසමුසු උල්පත ඔහුගේ මුළුමහත්
    අධ්‍යාත්මයේ ගැඹුරටම විනිවිද යනු දැනිණි. සිහින් හිරියකින් ඔහුගේ මුළු සියොලඟම වෙව්ලිය. ඈ වහා නැගී සිට ඔහුගේ දෑස් දෙස එක එල්ලේම බලා ඉතා සෙමින්
    '' අපි ඔහු මරා දමමු , ඔව් ඔබ ඔහු මරා දැමිය යුතුයි. මෙහි කෙළවරක් වන්නට නම් ඔහු අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි''

    විදුලියක් කෙටුවාක් මෙන් ඔහුගේ සියොලඟම වෙව්ලා ගියේය. මේ ඈ මද ? ඔහු නැවත ඇගේ දෑස් දෙසට එබී පිරික්සීය. ඈ මහත් සන්සුන්ව ඔහු දෙසම බලා ගත වනම බලා සිටී.
    නැත මේ නම් කල නොහැක්කකි. කිසි සේත්ම කල නොහැක්කකි.
    '' ඔව් අපි ඔහු මරා දමමු'' ඈ අඩවන් දෑසින් සිහින් කෙඳිරියකින් මුමුණා ඇගේ මුහුණ ඔහුගේ පපු මැද සෙමින් ඇතිල්ලීය.

    jkaPjH0.jpg


    රැය පහන් වන්නට බොහෝ වෙලාවක් ඉතිරිව තිබිණි. කුටියේ කවුළුව අඩවන් කොට තිබිණි. එය අගුලු ලන්නට ඇයට අමතක වීදෝ, අඩවන් පියන් පතින් සිහින් මාරුතයක් ගත දවටාලීය.
    ඒ මහත් සෞම්‍යය රාත්‍රියේ මද සුළඟින් ඒ මේ අත වැනුණු දේවදාර ගස අඩවන් පියන් පතින් ඇතුලට එන්නට අනවරත අසාර්ථක අරගලයක නිරත වනු මෙන් ලතාවකට ඒ දෙසට නැමුණි.
    නගීෂා සිටියේ ඇගේ සැමියා හා යහනේය. ආලිංගන චුම්භන රැසකින් ගත පුරා දෝරේ ගිය ස්නේහයේ ගඟුලැලි ඇගේ ගත සිහිල් දියන් තෙමුවත්, ඇගේ සිත නොසන්සුන්ය.
    ඒ ගිනියම් වූ යකඩයක් වැනිය. ඇගේ ස්පන්දනය වේගවත්ය. එහෙත් සැමියා මේ නොහැඟුනාය. ඔහු මහත් සාමයෙන් ඈ හා වෙලී උන්නාය.

    7zfGDjI.jpg


    ප්‍රේම ආලිංගනේ කෙළෙවර ඔහු ඇගේ නිරුවත් පියවුරු මත හිස ඔබා දෑස් පියා ඇගේ ස්පන්දනයට සවන් යොමා සිටියේය.
    එකෙනෙහිම ඈ දෑස් අයා පසුපසින් පැමිණි ඔහු දෙස නිහඬ බැල්මක් හෙළුවාය.
    ඔව් ඔහු පැමිණ ඇත. මේ යක්ෂයාගේ මොහොතයි. ඇගේ දෑස් පුරා කෘර ගිනි එළියක් දැල්විණි.ඇගේ අත සැමියාගේ මුඛයේ රුවා ගත් ඈ දෑස් වසා ගත්තී,
    එකෙනෙහිම දැවැන්ත මුගුරු පහරක් ඔහුගේ යටි හිසට එල්ල විනි.උණුසුම් ලේ ධාරාවක් බිත්තිය පුරා විසිරිණි. ඔහු හැරෙනවාත් සමගම ඈ මහත් ආශ්වාදයෙන්,
    කෘර හඬකින් කෑ ගසා සිනාසිනි.බොල් හඬක් නගමින් බිම වැටුණු තම ප්‍රාණය නිරුද්ධ සැමියා දෙස වරක් පමණක් බැලූ ඈ විගසින් ඔහු හා දැවටී ඒ මුසල කුටියෙන් ඉවත පැන්නාය. අඩක් විවර වූ කවුළුව තුලින් සිහින් මාරුතයක් ඇතුල් විය. දේවදාර ගස නිහඬවම මද සුළඟට වැනෙමින් මේ සියල්ල දෙස බලා හුන්නේ නිහඬ සාක්ෂ්‍යය කරුවෙකු වෙමිනි.

    ........~~~~........​

    '' අනේ ඔහු සාමාන්‍යයෙන් එලි වෙනතෙක් නිදන කෙනෙක් නොවේ, මුකුත් අසනීපයක්ද දන්නේ නෑ '' අසල්වැසි ස්ත්‍රිය නිලධාරියා හා පැවසීය.
    ඔහු පැමිණ සිටින්නේ අධිරාජ්‍යයාගේ අලුත් මාලිගාවේ උද්‍යානය සඳහා බාර දුන් පිළිම වල වැඩ අවසන් කොට ඇතිදැයි නිරීක්ෂණය කිරීම සඳහාය.
    ඒ සඳහා සය මසක කාලයක් ගීමත්සු හට ලැබිණි. මහත් කාර්යශුර හා දක්ෂ තරුණයකු වූ ඔහු තවමත් අවිවාහකය.
    උදෑසන හිරු උදාවට කලින් පිබිදීම පුරුද්දක් කොට තිබු හේ නිහඬ නමුත් අසල්වැසි කා සමගත් සමාදානයෙන් සතුටින් කල් යැවූ අහිංසකයෙකි.
    අසල්වැසියන් අතර හේ ප්‍රශංසනීය පුද්ගලයෙකි.
    නමුත් නිලධාරියාට මේ කම් නැත. ඔහු පැමිණ සිටින්නේ රාජකාරි සඳහාය. ප්‍රමාදය ඔහු නොඉවසිලි කරලිය.
    '' අර කොනේ ඇති ඔහුගේ නිදන කුටියේ කවුළුවෙන් කතා කරන්න'' සේවකයෙකුට විදාන දුන් නමුත් ප්‍රතිපල රහිතය. මෙසේ කිහිප විටක් උත්සාහයෙන් පසු
    කෝප වූ නිලධාරියා ගේ දොර බිඳ ඇතුළු වීමට පියවර ගත්තේය. නමුත් සාලයේ හෝ කුටියේ ඔහුගේ සලකුණක් නොවිය.
    ''පසුපස තියෙන ප්‍රතිමා කාමරයේ බලන්න ?''
    ඔහු සේවකයාට නියෝග දුනි.මොහොතකින් වහා පැමිණි සේවකයා මහත් තැති ගත ස්වභාවයෙන් සිටිනු දුටු නිලධාරියා වහා දිව ගියේ අනතුරක සේයාවක් ඉව වැටුණු කලක මෙනි.
    අසරණ තරුණයා '' ගීමත්සු '' ලේ විලක් මැද මුනින් අතට වැටී සිටී.ඔහුගේ හිස අසලින් බරැති කාන්තා ප්‍රතිමාවක් බිඳී ඇත.
    ප්‍රතිමාව වැටී ඇත්තේ ඔහුගේ යටි හිසට බව අවබෝධ වීමට නිලධාරියාට වැඩි මොහොතක් ගත වුයේ නැත.
    ඔහු අසලට ගොස් ඔහුගේ හිස හරවා ප්‍රාණය නිරුද්ධ තරුණයාගේ මුහුන දෙස වරක් බලා අසල තිබු බිඳුණු ප්‍රතිමාවේ මුහුණ දෙස බැලිය.
    එක්වනම තම සියොළඟ පුරා නුහුරු සීතලක් දිව යනු දැනුනු ඔහු මොහොතකට නිසොල්මන් විය.ඒ ප්‍රතිමාවේ දෑස ජීවමාන දෑස් මෙන් විය. ඒ එක්තරා කුරිරු සිනහවකින් බැබළිණි.
    තව දුරටත් එහි සිටීමෙන් අපහසු නොවන පිණිස හේ වහ වහා එලියට පැන සේවකයන් දෙදෙනෙකු වාසල කරා පිටත් කලේ මේ අවාසනාවන්ත පුවත අධිරාජ්‍යයාට සැළ කරනු පිණිසය.

    RyIu8Hi.jpg


    සමාප්තයි.
    ...................................//...................................​


    කතාව සම්පුර්ණයෙන් ලිව්වේ මම. මම සාමාන්‍යයෙන් කෙටි කතා ලියන කෙනෙක් නෙවේ.ඉඳල හිටලා නිසඳැස් කවි එහම නම් ලියල තියේ. මේ කතාව ලියන්න අදහස පහල වුනේ, පහුගිය සතියේ අපි යාළුවො කට්ටිය කළුපහන කන්ද නගින්න ගියා. ඒ දෙවෙනි දවසේ රාත්‍රිය අපි උන්නේ කැලේ මැද වාඩි ලාගෙන.ඒ රෑ අපි කෝපි එහෙම හදාගෙන කතා කලේ ඔය වගේ අභිරහස් හොල්මන්, කතන්දර. ඒ වෙලාවේ තමා හිතුනේ කතාවක් ලියල එලකිරියට දාන්න ඕනේ කියල. අපේ ලින්ඩා අයියගේ '' අරුම පුදුම සිද්ධි '' හූය කියෙව්වට පස්සේ ඒ අදහසට පෝර ටිකක් වැටුන. ඉතින් කියවල බලල අඩුපාඩු කියන්න.
    කිරී වාසි ඔබට ජය වේවා :yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි දෙයියනේ කියල ලියපු පලවෙනි කෙටි කතාව :baffled:.... වැඩේ සාර්ථක නෑ වගේ :(

    හරි ඉතින් මට විතරනෙ තෙරිලා නැත්තෙ.ඔය අනිත් අයට තෙරිලා තියෙන්නෙ.මට එහෙම බොරුවට ඔයාව රවට්ටන්න කියන්න බැ ඩොඩෝ..මට තෙරුනෙ නැ.මම කිවුවෙ එක...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරි ඉතින් මට විතරනෙ තෙරිලා නැත්තෙ.ඔය අනිත් අයට තෙරිලා තියෙන්නෙ.මට එහෙම බොරුවට ඔයාව රවට්ටන්න කියන්න බැ ඩොඩෝ..මට තෙරුනෙ නැ.මම කිවුවෙ එක...

    Oops........... :baffled::baffled::baffled: