ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය

    මහාචාර්‍ය සේනක බිබිලේ මහතා...

    9yKI1zk.jpg

    මෙතුමා උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.

    මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ මහතා පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

    1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය.

    සේනක බිබිලේ මහතා ශ්‍රි ලංකාවේ වැඩි දෙනකු අතර කතාබහට ලක්වුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම් ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීමත් වෛද්‍යවරු අතින් අවම ප්‍රමාණයෙන් අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය නිර්දේශ කරවීමත් ඔහුගේ අරමුණ විය.

    තවද ඖෂධ වල ඖෂධීය නාම වෙනුවට වෙළෙඳ නාම භාවිත කිරීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් ඔහු වෙතින් එල්ල විය. ඔහු විසින් හඳුන්වා දෙන ලද ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට යොමු වු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටද ඔහු පාත්‍ර වුයේය.

    නමුත් 1977 දී සේනක බිබිලේ මහතා අභිරහස් ලෙස ජිවිතයෙන් සමුගත්අතර ඔහු විසින් ගෙන ගිය ඖෂධමය ප්‍රතිපත්ති හරහා පහර වැදුණු වෙළඳපල ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ යැයි අදටත් පවතින මතයකි.

    සේනක බිබිලේ මහතා ශ්‍රි ලංකීය දේශපාලනයේද වැදගත් චරිතයකි. ඔහු ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුයේය. මාක්ස්වාදය පිළිබඳ දේශනද පැවත්වු ඔහු පසු කලෙක කොළඹ නගර සභා මැතිවරණයටද ඉදිරිපත්වීමට එකඟ වුයේය.

    සේනක බිබිලේ මහතා යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු මුදලකට මහා ජනතාවට බෙහෙත් ලබාදීම ඔහුගේ අරමුණ විය...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිරි මාම කරපු හොද වැඩ අතලොස්සෙන් එකල්..

    සේනක බිබිලේගෙ ඖෂධ ප්‍රතිපත්තිය පොඩියට හරි ක්‍රියාත්මක කලා
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිරි මාම කරපු හොද වැඩ අතලොස්සෙන් එකල්..

    සේනක බිබිලේගෙ ඖෂධ ප්‍රතිපත්තිය පොඩියට හරි ක්‍රියාත්මක කලා


    SIRI?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රටේත් ඒහි මිනිසුන්ගේත් පිනට උපදින්නාවූත් මිනිසෙක් විය...:(:(
    TFS & +Reps
     
    • Like
    Reactions: euler