ප්‍රථම වතාවට කේබල් කාර්!

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ප්‍රථම වතාවට කේබල් කාර්!

    කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට

    p4-1.jpg

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට යයි.

    ප්‍රථමයෙන් කිලෝ මීටර දෙකහමාරක පමණ දුරින් යුත් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යන්නේ නුවරඑළිය සින්ගල් ට්‍රී කඳු බිමේ සිට ග්‍රෙගරි වැව් ඉවුර දක්‌වාය. ලබන මැයි මාසයේ පමණ මෙහි වැඩකටයුතු ආරම්භ කොට ලබන වසරේ මාර්තු මාසය වන විට නිමා කිරීමට බලාපොරොත්තුවේ.

    පෞද්ගලික සමාගමක්‌ මගින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී සිදුවිය.

    මෙහිදී එම්. එල්. එම්. පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ මිලන්ත ගජනායක මහතා හා නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පෙගමගේ මහතා ගිවිසුමට අත්සන් තැබූ අවස්‌ථාවයි මේ.

    මෙම අවස්‌ථාවට එක්‌වූ එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන ලක්‌ෂ්මන් ගුණවර්ධන, මහේෂ් පීරිස්‌ හා නාගරික මන්ත්‍රීන් වන මොහොමඩ් ෂලීල්, රාධා ක්‍රිෂ්ණන්රාජාරාම්, ගණකාධිකාරිනී අයි. විඡේතුංග, නාගරික ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති. - ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ




     
    Last edited: