ප්‍රබල නායකයෙක්ට බඩු හරි

amasi

Member
Sep 3, 2018
692
19
0
ප්‍රබල නායකයෙක්ට බඩු හරි

ප්‍රබල නායකයෙක් හෝ නායකයන් කීප දෙනෙක් බලවත් අසල්වැසි රටක් එල්ල කරන බුද්ධි අංශ ප්‍රහාරයකින් මිය යනවා. මාස දෙකකින් වගේ.:D:D
 

amasi

Member
Sep 3, 2018
692
19
0
‘මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘
තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ අඟහරුවාදා (ඊයේ) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේදීය.

ඉන්දීය රහස් ඔත්තු සේවය “මාව මරන්න හදනවා, ඒත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ සැලසුම ගැන නොදන්නවා වෙන්න පුළුවන්” යයි ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පැවසූ බව එතැන සිටි අයගෙන් දැනගැනීමට ලැබුණු බවත් ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

“එහෙම කිව්වාම අපි මහත් තිගැස්මකට පත්වුණා” යයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි අයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු ඇමතූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ “මේ ගැන හොයලා බලලා අපි නැවතත් ඔබට කතා කරන්නම්” කියාය. එහෙත් හින්දු පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වාම ඒ ගැන අදාළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොතිබිණ.