ප්‍රබල සුලි කුණාටුවක් ශ්‍රී ලංකාව දෙසට – ඉදිරි පැය 24 දැඩි අවදානම්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    KGQVprE.jpg


    නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගතව පැවතුනා.

    අද පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවට ද අනුමාන කෙරෙනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.

    https://mawurata.lk/archives/4396
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,603
    5,996
    113
    හෝම් ස්වීට් හෝම්
    ගෝඨා බලයට ආවත් හරි රටම හරි අවදානමක
    ඉදිරි පැය 24 අවදානම් කියලා නිව්ස් එනවා
    සති දෙක අවදානම් කියලා තව එකක කියනව
    මම නං කියන්නේ ඉදිරි වසර 9 අවදානම් කියලා