සුළි කුණාටුවක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මෙරට නැගෙනහිර වෙරළට ලබන බදාදා සවස් කාලයේ දී සුළි කුණාටුවක් ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    cqCpB6V.jpg


    එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එහි බලපෑම හේතුවෙන් යළි දැනුම් දෙනතුරු කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසය.

    එමෙන්ම දැනට එම ප්‍රෙද්ශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හෙට (01) වනවිට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 5.30 වන විට ත්‍රිකුණාමලය දෙසින් කි.මී 750ක් දුරින් පීඩන අවපාතයක් ලෙස පවතී.

    එම පද්ධතිය ඉදිරි පැය 12 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ.

    එම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා දිනයේ දී ඇතුළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වන වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 - 3ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

    Derana