ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය.

    ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර අවශ්‍ය ආරක්ෂාවේ ප්‍රමාණය විශේෂඥයන් විසින් තීරණය කරනු ලැබේ. ඒ අනුව ආරක්ෂාව සපයනු ලබන අතර ඒ සම්බන්ධ ප්‍රොටොකෝලවලට ජනාධිපතිවරයා ද යටත්ය.

    ඒ අනුව, දැන් ජනාධිපතිවරයාට ඉස්සර මෙන් යාළුවන්ගේ වාහන මාරු කර කර යන්නට බැරිය. නිල වාහනයක ආරක්ෂක රථ සමග ගමන් ගත යුතුය. එම ආරක්ෂක පිරිවරට ඇම්බියුලන්ස්, වෛද්‍යවරුන්, හෙදියන් වැනි අය ද අයත් වේ. හෙලිකොප්ටර්වලින් යාමට ද සිදු වනු ඇත. හෙලිකොප්ටරය යනු ඉක්මනින් ගමන් යාමට භාවිතා කරන වාහනයක් මිස උඩින් යන පළියට සුඛෝපභෝගී වාහනයක් නොවේ.

    ඒ නිසා බංකොලොත් රටේ අන්න අරූ යන හැටි කියා ප්‍රභූ ආරක්ෂක එස්කොට්වල, හෙලිකොප්ටර්වල වීඩියෝ සහිත ගොන් පෝස්ට් දමා මහජනයා අතර නායකයන්ට එරෙහිව වෛරය පතුරුවන්නට එපා. ඒ සම්බන්ධයෙන් කලින් නීතිය ක්‍රියාත්මක නොකළාට දැන් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එවැනි වීඩියෝවක් ගැනීම මෙන්ම, ෂෙයා කිරීම ද නීති උල්ලංඝනයක් විය හැකිය.

    එසේම, ජනාධිපතිවරයාට කොහේ හරි ගියාම යාළුවන්ගේ ගෙවල්වල නයිට් ගහන්නට බැරිය. ඒ සඳහා ආරක්ෂා සහිත නිල නිවාස අවශ්‍යය. ඒවා විදේශ අමුත්තන් වැනි අය පවා ගෙන්වා ගත හැකි අන්දමේ අභිමානවත් මන්දිර විය යුතුය. එබැවින් ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල, රෝහල් බවට පත් කරන බව අනුර කුමාර කීවාට කෝ කළාදැයි ජනාධිපතිවරයාගෙන් නොඅසන්න. ඔය දෙතුන්පොළක තියෙන ජනාධිපති මන්දිර එහෙමම තියෙන්නට අරින්න. ඒවා නඩත්තු කිරීම නාස්තියකැයි නොසිතන්න.

    එසේම, ජනාධිපතිවරයාට ඇල්ටෝවල යන්නට බැරිය. එතුමා ඉස්සරවත් බස්වල ගියේ නැත. එබැවින් ලංකාවේ පොදු ප්‍රවාහන බස් කෝච්චිවල ජනාධිපතිතුමා යා යුතු යයි නොසිතන්න. පස්ස තියාගෙන යන්නට ඔච්චර හොඳ වාහන මොකටදැයි ඉස්සර අනුර ඇහුවාට ජනාධිපතිවරයාට ආරක්ෂිත, සුවපහසු, ගාම්භීර වාහනයක් අවශ්‍යය. එය සෙඩාන් වර්ගයේ එකක් විය යුතුය. ඒ කියන්නෙ පස්සෙන් ඩිකියක් තිබිය යුතුය. ඩිකිය කියන්නේ අර පිටිපස්සෙන් තියෙන කෑල්ලය. ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහනයට වෛර නොකරන්න. අවස්ථාවක් ලද සැණින් ජනාධිපති මන්දිරයට කඩා පැන එම කාරයේ ටින්කරිං වැඩ නොකරන්න.

    මේකත් කිව යුතුය. ජනාධිපතිතුමාට විදේශගත වීමට සිදු වේ. එසේ විදේශගත වන විට කාර්ය මණ්ඩල රැගෙන යාමට ද සිදු වේ. එසේ යන අයට ඉරිසියා කිරීමෙන් වළකින්න. එමෙන්ම, ඒ අව ඉකොනොමි ක්ලාස් යා යුතු නැත. බිස්නස් ක්ලාස් යාම වරදක් නැත.

    එමෙන්ම ඉස්සර වගේ මැයි දිනය දාට කාර් බොනට්, පෙට්ටි කෑලි උඩ තියාගෙන පොටෝවලට බත්මුල් කෑවා සේ දැන් ඔබ සමග එක පතේ කන්නට, ගජේ ගහන්නට ජනාධිපතිවරයාට බැරිය. ඒ නිසා දැන් අන්‍රයියා හෙණ ආනාදියා ආදී ගොන් කතා නොකියන්න. ජනාධිපතිවරයකුගේ සීමාවන් ගැන හිතන්න.

    එපමණක් නොව, ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට ද දේශපාලනික වගකීම් තිබේ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආදියෙහිදී ඒවා ඉතා වැදගත්ය. ආර්යාව කියන්නට ඕනෑ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ පවා ආර්යාව කියවා ගත්තේ නැත. එහෙයින් ජනාධිපති බිරිඳ උත්සවවලට සහභාගී නොවීම මාර වැඩකැයි ගොන් වර්ණනා, කවි, සිංදු නොලියන්න. ඇය ඒ අවස්ථාවලට සහභාගී කරවන්න. අපට ද ලෝකයට ද සංස්කෘතියක් ඇති බව තේරුම් ගන්න.

    එසේම, ජනාධිපතිවරයාගේ පවුලේ අයට ද ආරක්ෂාව අවශ්‍ය බව ද, වාහන අවශ්‍ය බව ද මතක තබාගන්න. ඔවුන් රජයේ වාහනයක, ආරක්ෂාව සහිතව ගමන් යන විට කින්ඩිය දැමීමෙන් හෝ සමන්ත විද්‍යාරත්න මෙන් හෙණ ගහනවායි කීමෙන් වළකින්න.

    එසේම, ජනාධිපති අනුරට දැන් වයස 56කි. ධූර කාලය අවසන් වන්නට පෙර ඔහුට වයස අවුරුදු 60 පිරේ. එනම්, වැඩිහිටි පුරවැසියකු බවට පත් වේ. ඒ වන විට ඔහු අත්දැකීම්වලින් ද තවත් මුහුකුරා ගොස් සිටිනු ඇත. හැට පැන්නාය, කොණ්ඩෙ ඉදුනාය කියා නාකියා, සීයා වැනි වචනවලින් අමතන්න එපා. කොණ්ඩය ඩයි කිරීම හෝ නොකිරීම ඔහුගේ පෞද්ගලික තීරණයකි. එමෙන්ම, නාකින් දේශපාලනයෙන් පැන්නිය යුතු යයි කියා ඔහු දෙවන වරට තරග කරන එක වැළැක්වීමට ද කටයුතු නොකරන්න.

    තවද, ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ ජනාධිපති ධුරයේ වගකීම් හේතුවෙන් විශාල අවදානමක් ගන්නා අයයි. ජනාධිපතිකම නැති වූ පසු ඔවුන්ට ආපහු ගාමන්ට් යන්නට හෝ ඉස්කෝලවල උගන්නන්නට යන්නට හෝ ගෙදර සිට ඇඳුම් මහන්නට බැරිය. ජනාධිපතිවරයාට හා කලත්‍රයාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය වන්නේ එහෙයිනි. එමෙන්ම, හිටපු ජනාධිපතිවරු ගෞරවනීය පුරවැසියන් වන බැවින් ඔවුන් නඩත්තු කිරීම අපගේ වගකීමකි. ඒ වෙනුවෙන් යම් වියදමක් දරන්නට සිදු වේ. ඒවා කප්පාදු කර ඒ අය පාරට බැස්සුවාය කියා මේ රටට මහ ලොකු මුදලක් ඉතිරි වන්නේ නැත.

    ජනාධිපතිවරයාගේ වියපත් මව තඹුත්තේගම ජීවත් වන අකාරය ජනාධිපතිවරයාගේ ගෞරවයට හේතු වන්නේ නැත. එබැවින් ඇයට සුවපහසු නිවසක්, සේවකයන් හා ආරක්ෂාව සැපයිය යුතුය. ඇය යූටියුබ්කාරයන්ගේ බයිට්ටෙකක් වීම වැළැක්විය යුතුය.

    අවසාන වශයෙන් මෙය ද කියමි. අනුර කුමාර දිසානායක දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. කලින් ජනාධිපතිවරුන්ට මෙන් මයිනා, සිරා, ගෝටා, නාකියා, සීයා වැනි පද භාවිතා නොකරන්න. ඒ නායකයන් මෙන් ජනාධිපති අනුර එවැනි අපහාසාත්මක ආමන්ත්‍රණයන් ඉවසිය යුතු නැති බව ද මම කියමි.

    මෙම ලිපිය ඔබ දන්නා මාලිමා සාමාජිකයන් අතර බෙදාහරින්න. ශිෂ්ට පුරවැසියන් සිටින යහපත් රටක් හදමු!




    - අජිත් P. ජයසිංහ,
    Praja.lk
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇත්ත තමයි

    සිංහල බෞද්ධයෙක්, නිවන් දකින්න හිතාගෙන බුදුන් අර්හත් කියලා කෑගහලා බෝම්බයක් බැඳගෙන ආවොත් අනුරගේ ජීවිතය අනතුරේ 😕
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හෙලිකොප්ටර්වලින් යාමට ද සිදු වනු ඇත. හෙලිකොප්ටරය යනු ඉක්මනින් ගමන් යාමට භාවිතා කරන වාහනයක් මිස උඩින් යන පළියට සුඛෝපභෝගී වාහනයක් නොවේ.
    හොලිකොප්ටර් දෙකක් යයිද?

    රනිල්ගේ පරිවාර හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයකින් කටියාව වෙල්යායට ගොඩ බස්සවයි​


    https://divaina.lk/රනිල්ගේ-පරිවාර-හෙලිකොප්ට/
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    Security thing true..

    Vip Security expert lata udin yama moda kamak
    ගියපු අය කුඩු වෙලා ගියා, stf බෝම්බ expert කෙනෙක් ඉන්නවා අපේ අයියා කෙනෙක්. හදිසි වෙලාවට වාහන ඇවිත් එයා අරන් යනවා. එයා සැකයි කිව්වොත් කිසිම ප්‍රභූවරයෙක් ඒ ප්‍රදේශය ගන්නේ නැත.