ප්‍රශ්න තුනකට උත්තරයක්
ප්‍රශ්න තුනකට උත්තරයක්
Posted on 01 September 2012.
Rating: 7.0/7 (1 vote cast)
1.පුබුදු ජයගොඩ සහෝදරයා එක්ස් එකේ පැරණි අය කිට්ටු කරගන්නවා කියන කථාව වැරදියි.ඒක ඒ සහෝදරයාගේ පුද්ගලික වැඩක් නෙමෙයි.විවිධ ස්ථාවරවල පසුවන වමේ කොටස් සමග හැකි උපරිම සංවාදයක් හදාගන්න ඕනෙ කියන එක ජන අරගල ව්‍යාපාරය කැඩෙද්දිම ආපු සාමූහික තීන්දුවක්.ඒක එක් නායකයෙක්ට බැර කරන එක විකාරයක්.පුබුදු එක්ක තියෙන ඇරියස් එක මොකක්ද කියන එක මට තේරුම් ගැන්මට අපහසුයි
2.එක්ස් එකේ හිටපු අය විතරක් නෙමෙයි වමේ අදහස් දරන වෙනත් අය එක්ක පවා ජන අරගල ගනුදෙනු කරනවා.මහින්ද දේවගේ අජිත් රූපසිංහ වික්‍රමබාහු 71 සහෝදරත්ව සංසදයේ අය වගේ.ඒ නිසා ජන අරගල කථා කරන්නේ දීප්ති එක්ක තරහ අය සමග විතරයි කියන එකත් කරුනුමය වශයෙන් සාවද්‍යයි.නිර්මාල් එක්ක ප්‍රශ්නයක් තියෙන්නෙ දීප්තිගෙ කණ්ඩායමට.දීප්තිගෙ ප්රශ්නය අනෙත් සංවිධාන තමුන්ගේ ප්‍රශ්නයක් කරගන්න ඕනෙද?එහෙම එකක් නැහැ.ජන අරගල එක සද්භාවයෙන් මේ සියලු පාර්ශවයන්ට කථා කලේ මේ වෙලාවෙ වමේ සාකච්ඡාව උස්සන්න එහෙම හැදෙන සංවාදයක් වැදගත් වෙයි කියල හිතපු නිසා.ඒක දීප්තිට කෙලවන්න කරපු දෙයක් නෙමෙයි ඊට වඩා එහා හිතල කරපු එකක්.දීප්තිට කෙලවන්න සිරිතුංග එක්ක සාකච්ඡාවක් හදාගන්නෙ නැහැනෙ.ඔබලා නිර්මාල්ලා එක්ක තියෙන තරහ කියන කන්නාඩිය තුලින් සියල්ල බලන එකයි ගැටලුව.
3.මට හොදටම විශ්වාසයි දීප්තිගේ කන්ඩායම සමග වුනත් සංවාදයකට ජන අරගල සම්පූර්ණයෙන්ම සූදානම්.ඒ අයගේ පුවත්පතේ ත්‍රිමාන එකේ සටහනක් එහෙම්මම පල කරල තිබුන.ප්රශ්නය දීප්තිලා කට්ටිවාදීව මුල සිටම ජන අරගල එකට පහර දෙමින් සිටීම.සමහර පහරදීම් ඉතාම පදනම් විරහිතයි සහ ද්වේශසහගතයි.මේකට හේතු දෙකක් තියෙනවා කියා මා සිතනවා.
අ) නිර්මාල්ලා සමග තියෙන තරහ අනෙත් සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වීමේ පරම නිර්නායකය කොට ගැනීම
ආ) දීප්ති එජාපය සමග ලයින් එකක සිටීම සහ ජන අරගල ව්‍යාපෘතිය එම ව්‍යාපෘතිය සමග පරස්පර වීම.
ධනවාදයට විවේචන ගේන ගමන් සරල ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එජාපය පසුපට ගෑටීම වෙනුවට දීප්ති වගේ අය වමේ ෆයිට් එක තුල සිටිය යුතුයි කියා මා පුද්ගලිකව සිතනවා.දීප්ති මෙරට න්‍යායික දේශපාලනයට කල දායකත්වය ගැන ඇගයීමක් ජන අරගල එකටත් තියෙනවා යැයි මා සිතනවා.ඔවුන් මග හැර එජාපය සමග ගනුදෙනු කරන්නේ දීප්තියි.ඔබලා වෙන්ව සිටිය යුතු අය නොව එක්ව සටන් කල යුතු අයයි.නිර්මාල්ලා සමග තිබෙන ඇරියස් එක අත්හරින්නට කියා අප කියන්නේ නැහැ.ඒත් ඒ වගේ කෝන්තර උඩ සිය සමස්ත උපාය මාර්ගය තීන්දු නොකිරීමට තරම් දේශපාලන සංවිධානයක් දේශපාලනිකව පරිණත විය යුතුයි.
- චාමර
ප්‍රශ්න තුනකට උත්තරයක්
චාමර අපෙන් අහන ඉහත ප්‍රශ්න තුනම අපිට සන්දර්භගත කරන්න පුලුවන් ජවිපෙ සම්ප්රදාය කියල. ඒ කියන්නෙ රෝහණ විජේවීර ලංකාවේ නිෂ්පාදනය කරන ලද විඥාන බල රටාවක් තියෙනව. ඔහු තමන්ගේ දේශපාලන අනෙකාට දක්වන ප්‍රතිචාර දෙකක් තියෙනව.
(1) නිහඩව ඉදීම
(2) අවශ්‍ය මොහොතේ එකතු වෙලා පස්සෙ හලලා දානවා
ඒ අනුව චාමර විසින් මතු කරන සියලු දෙනා එක්ක සංවාද කිරීම කියන කාරණය තවමත් විවෘත එකක්. මොකද එය තවම දේශපාලන අන්තයකින් අවසන් වෙලා නැති, තවමත් සංවාද තලයේ පවතින්නක් නිසා. අපි දන්නවා ‘ජන අරගලය’ විවිධ වාමාංශික කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්නෙ අපිට කෙළවන්න නෙවි කියල. නමුත්
චාමර සහෝදරයාගේ මූලික ප්‍රශ්න තුන අරඹයා කාරණා 3 ක් ගැන අවධාරණය කරන්න අපි කැමතියි.
(1) වම නම් සංකල්පය
අපි සමාජ යථාර්ථය සමග පොර බදන කොට අපිට ගැටෙන්න වෙන්නෙ භෞතික වස්තු එක්ක නෙවි. අපිට ගැටෙන්න වෙන්නෙ ඉතිහාසය සමග. දේශපාලනය (විප්ලවවාදී) හරහා අපි වෙනස් කරන්න හදන්නෙ ඉතිහාසය මිසක් ද්‍රව්‍යමය ලෝකය නෙවි. ද්‍රව්‍යමය ලෝකය වෙනස් කරන්න වාමාංශිකයන් අවශ්‍යත් නැහැ. ඒක විද්‍යාඥයන්ට, කලාකරුවන්ට, වෘත්තිකයන්ට කරන්න පුලුවන් වැඩක්.
මේ හින්ද වම කියන සංකල්පයේ හරය යුතෝපියාවක්. මේ නිසා වම කියන්නෙ පවතින තත්ත්වය නිශේධනය කරන සංකල්පයක්. යුතෝපියාවන් නිෂ්පාදනය කරන්නෙත් ඉතිහාසයම තමයි. මීට අමතරව වම කියන්නෙ හුදු නිශේධනයක් විතරක් නෙවි. එය එක්තරා අර්ථයකින් සංස්කරණ (constructive) වාදීයි. ඉතිහාසය වෙනස් කරන්න ඕනෑම යුතෝපියාවකට බුද්ධිමය ආයුධ අවශ්‍යයි. නමුත් මේ ආයුධත් ඉතිහාසයේම නිෂ්පාදන. ඒ නිසා ඉතිහාසය වෙනස් කරන ආයුධ එය තුළම පවතින ඒවා මිස ඉන් පිටත පවතින ඒවා නෙවි. මේ නිසා ඉතිහාසය වෙනස් කරන්න පාවිච්චි කරන ආයුධ නිසා ඉතිහාසය වෙනස් නොවී ආයුධ මොට්ට වෙන්න පුලුවන්. ඒවා විනාශ වෙන්න පුලුවන්. ඒ සදහා කිසිදු තනි පුද්ගලයෙක් වගකීම බාරගත යුතු නැහැ. නමුත් ඉතිහාසය වෙනස් කිරීමේ ක්‍රියාවලියට සහභාගි වූ ඕනෑම පුද්ගලයෙකු තම ක්‍රියාව නිසා හටගත් ප්‍රතිඵල සදහා තම පුද්ගලික වගකීම සහතික කරන්න ඕනෙ.
ප්රභාකරන් හෝ විජේවීර ඒ සදහා තම ජීවිතයෙන්ම ඒ වගකීම බාරගත්තා. ඒ හින්ද ඉතිහාසය වෙනස් කරන්න කෙනෙකු යොදාගන්නා බුද්ධිමය ආයුධ ගැන තමන්ගෙ වගකීම බාරගන්න ඕනෙ.
මේ සන්දර්භය තුළ ජන අරගලයට මුක්කු ගහන අපේ සංවිධානයේ අය ගැන පුද්ගලික ගැටලු නෙවි අපි මතු කරන්නෙ.
ඒ අය පාවිච්චි කරන්නෙ ඉතිහාසය වෙනස් කරන්න අපගේ සංවිධානය විසින් හදුන්වා දුන් බුද්ධිමය ආයුධ. එතකොට එම ආයුධ සම්බන්ධයෙන් අපගේ වගකීම අප බාරගන්නවාට අමතරව අපිට ඒ අයත් එක්ක අමතර කෝන්තරයක් නැහැ. මෙම අර්ථයෙන් පුබුදු ජයගොඩ කරන්නෙ ඉතිහාසය වෙනස් කරන්න වෙනත් වාමාංශික පිරිසක් යොදාගත්ත බුද්ධිමය ආයුධ ගණිකා වෘත්තියේ යෙදවීමක්.
කෙනෙකු වෙනත් අය පාවිච්චි කරන බුද්ධිමය ආයුධ යොදා ගන්න උත්සාහ කරනව නම්, ඒ ගැන තමන්ගේම වූ අර්ථකතනය කියන්න ඕනෙ. ඒක කඩපිල් සාකච්ඡාවක් වෙන්න බැහැ. උදාහරණයක් වශයෙන් අර්නෙස්ටෝ ලැක්ලාව්ගේ දර්ශනය ක්රියාවේ යොදවන්න ්රජන අරගලයට අයිතිවාසිකමක් තියෙනව. හැබැයි ඔවුන් ඒ සදහා තමන්ගේ අර්ථකතනය සමාජගත කරන්න ඕනෙ. ඒ සදහා අවස්ථාවාදය යොදා ගැනීම වමේ සම්ප්රදාය නෙවි. ඒක විජේවීරගේ සම්ප්රදාය වෙන්න පුලුවන්.
මිනිස්සුන්ගේ ඉතිහාසය මිනිස්සු හදපු එකක්. නමුත් ඉතිහාසයේ බිහිවී ඇති මේ ප්‍රතිඵලවලට පුද්ගලයන් වග කිව යුතු යැයි වාමාංශිකයන් හිතන්නෙ නැහැ. එය සාමූහික වගකීමක්. ලංකාව මේ තත්ත්වයට පත්වෙන්නෙ තනි පුද්ගලයෙක් වග කියන්න අවශ්‍ය නැහැ. එය සාමූහිකව බාරගත යුතු වගකීමක්.
යුතෝපියාවක් කියන්නෙ සමාජය වෙනස් කරන්න මනුෂ්‍යයෙකුට තියෙන ආශාව. ඒ ආශාව තියෙන අය එකතු වුණාම යුතෝපියානු ව්‍යාපෘතියක් හට ගන්නව. එමගින් අලුත් ගෙවල් හැදෙන්නත් පුලුවන්, තියෙන ගෙවල් කැඩෙන්නත් පුලුවන්. ඒ අනුව වම කියන්නෙ හුදු නිශේධනයක් නෙවි. නමුත් විවිධ කණ්ඩායම් නිදහස, සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින්න පුලුවන්. ඒ සියලු දෙනා වාමාංශිකයන් නෙවි. ඒ වගේම තවත් සමහරුන් ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටිනව. මේ එක ලක්ෂණයක්වත් වාමාංශික වෙන්න තියෙන අනිවාර්ය ලක්ෂණ නෙවි.
මීට අමතරව වම කියන්නෙ හුදු වැඩ කරන පන්තිය වෙනුවෙන් පමණක් පෙනී සිටින දේශපාලන බලවේගයක් නෙවි. ඉතිහාසයේ සමහර අවස්ථාවල ජර්මනියේ ලංකාවේ වගේ වැඩකරන පන්තිය ජාතිවාදය වැළද ගන්නව. එවැනි මංසන්ධියකදී වම කියන්නෙ වැඩ කරන පන්තියේ විවේචකයො වෙනව. මේ නිසා හැමවිටම පන්ති ප්රතිවිරෝධතා සමග දේශපාලන පක්ෂ සමපාත වීමට ඉඩක් නැත. දේශපාලන අරගලයක කාබන් කොපියක් නෙවි වාමාංශික දේශපාලනය. සමහරවිට වාමාංශය විසින් ඉතිහාසය හෙළා දකින අවධි තියෙනවා. මන්දයත් වම කියන්නෙ සමාජ සබදතාවල සහ මනුෂ්‍ය ස්වභාවය ගැන සුඛනම්‍ය ප්රපංචයක් නිසා. මේ සන්දර්භය තුළ චාමර සහෝදරයාට වැටහෙනව ඇති
පුබුදු ජයගොඩ කියන්නෙ දන්නෙ නැති නයින්ව මලුවල දාගෙන නටවන කෙනෙක්. ඒකෙ ප්‍රතිඵල එයාත්, එයා අනුදත් ව්‍යාපාරයත් අනාගතයේදී අත්විදීවි.
අපි මේ ඉදිරිපත් කළේ වම ගැන පිළිගත් සංකල්පය. කවුරුහරි වම ගැන කතා කරනවා නම් එයා පළමුවෙන්ම කළ යුත්තේ වම කියන සංකල්පය නිර්වචනය කිරීම.
(2) දෘෂ්ටිවාදය නම් සංකල්පය
චාමරගේ ප්‍රශ්නවලින් ගොඩක් මතු වෙන්නෙ දෘෂ්ටිවාදය (Ideology) ගැන කිසිම අදහසක් නොමැති වීමේ සන්දර්භය. ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් තම පක්ෂ ඉතිහාසය තුළ ්රදෘෂ්ටිවාදය නම් සංකල්පය ගැන කිසිම අදහසක් තිබිල නැහැ. මේ අය ක්‍රියාත්මක වෙන්නෙ පූර්ව-දෘෂ්ටිවාදී ලෝකයක. ප්‍රංශ විප්ලවයට මැදිවූ දෘෂ්ටිවාදයේ පියාගේ බෙල්ල ගහල යන්න අවස්ථාව එන සන්දර්භය ජවිපෙට සහ ජන අරගලයටත් අදාළයි. චාමරත් ඇතුලුව, සියලු වම්මු ඒකාබද්ධ කරන ඒකාබද්ධ න්‍යායක් පරිකල්පනය කරන බොහෝ දෙනෙක් අමතක කරන කාරණය තමයි වම ඇතුළතින් බෙදිල තියෙන්නෙ දෘෂ්ටිවාදය නිසා කියල. මේ විවිධ අය අතර තියෙන්නෙ පවුල් ප්‍රශ්න, ඉඩම් ආරවුල්, ඊර්ෂ්‍යයාව පිළිබද ගැටලු, පුද්ගලික ආරෝවන් නෙවි.
චාමර වගේ අය අපි සහ පුබුදු ජයගොඩ අතර ප්රතිවිරෝධයන් වටහා ගන්නේ මීටර් 100 ධාවන තරගයක් නිවේදනය කරන නිවේදකයෙක් වගේ. කේලාම්, කටකතා කියන්නෙ දේශපාලන විග්රහ කරන භාෂාවට අයිති සංකල්ප නෙවි.
මේක අපි යළි යළිත් අවධාරණය කළත් හැමෝම මේ වරද යළි යළිත් කරනව. මේක මෙහෙම වෙන්නෙ පුබුදු ජයගොඩත් ඇතුලුව ලංකාවේ වමේ කිසිදු කෙනෙකුට ‘දෘෂ්ටිවාදය’ කියල අදහසක් නැතිකමයි.
දෘෂ්ටිවාදය කියන්නෙ ව්‍යාජ විඥානයක්වත්, ලෝකය උඩුයටිකුරු වී පෙනීමක්වත්, මායාවක්වත්, විකෘතියක්වත් නෙවි. දෘෂ්ටිවාදය කියන්නෙ, ‘යථාර්ථය’ කියන්නෙ තමන් තුළ තිබී ඉවතට ගිය තමන්ගේම සාරය බව නොපිළිගැනීමට හදන ප්‍රබන්ධය. පුබුදු ජයගොඩ තමන්ගේ ගෝලයන්ව අපෙන් ප්‍රශ්න අහන්න දාල තමන් බක පණ්ඩිතයෙක් වෙන්න උත්සාහ කරන්නෙ සංවිධාන තග හරහා. මේක දෘෂ්ටිවාදයක්. අපි දන්නව තිරයට පිටුපස මුකුත් නැහැ කියල. තිරයම තමයි යථාර්ථය කියන්නෙ. දෘශ්යමානයම තමයි සාරය. සියලු දෙනා සමග සාකච්ඡා කරන්න
පුබුදු ජයගොඩ හෝ ජන අරගලයේ නායකයන් එක පයින් කැමතියි තමයි. ඒක සහතික ඇත්ත. හැබැයි ඒ විවෘතභාවය අප සම්බන්ධයෙන් වලංගු නොවීම අහම්බයක් නෙවි ක්ෂතියක්.
අනික වාමාංශිකයන් කියන්නෙ තමන්ගේ යුතෝපියාවට අදාළ ආයුධ හරහා ඉතිහාසය වෙනස් කරනවා මිස එක එකා එක්ක කඩමණ්ඩිවල කයිවාරු කෙළ කෙළ ඉන්නවටද? අපි කිසි දවසක කියන්නෙ නැහැ අපි එක්ක යමෙකු කතා කළ යුතුයි කියල. දේශපාලනයේ සුවිශේෂත්වය තියෙන්නෙම මේ එක එකා එක්ක වාචාල කතා කර කර ඉන්න එක නෙවි. සමාජය සංවිධානය කරන සම්බන්ධීකරණ න්‍යාය ගොඩනැගීම සහ පාරේ හම්බවෙන එක එක වාචාලයන් එක්ක කතා කරන එක කියන්නෙ ක්‍රියාව අනුව වැඩ දෙකක්. ඒ හින්ද අපි කියන්නෙ ජන අරගලය අපිත් එක්ක කතා නොකරන නිසාම තමයි ඔවුන් වඩාත්ම රැඩිකල් වෙන්නෙ. මොකද
ඔවුන්ගේ විවිධ සමාජ ස්ථර ඒකාබද්ධ කරන්න නායකයෙක් නැති මොහොතක අපිත් එක්ක කතා කරනවා කියන්නෙ ඔවුන් තවත් දියාරු වෙනව කියන එක.
1905 සහ 1915 අතර ලෙනින් වැඩ කරපු ශෛලිය තමයි අපි අනුගමනය කරන්නෙ. ඒ කාලේ ලෙනින් කාවවත් ගණන් ගන්නෙ නැහැ. කරන එකම දෙය තමයි තමන්ගෙ මතයට අන්‍යයන් නම්මවා ගන්න එක. ඒ හින්ද තමයි අපිට එක එකා එක්ක එකතු වෙලා ඒකාබද්ධ බලු පූට්ටු රැස්වීම් තියන්න අවශ්‍ය නැත්තෙ.
අපිත් එක්ක එකතු වෙන්න ඕනෙ අපගේ දේශපාලන මතය සමග එකග වෙන අය. දේශපාලන ක්‍රියාවලිය තුළදී හැර ජීවිතයේ ඉතුරු වැඩවලදී (අවම වශයෙන් මේ මොහොතේ) අපිත් එක්ක කවුරුවත් එකග නොවුණාට අපිට ගැටලුවක් නැහැ. අපිට අනුව මිනිසුන් ජීවිතය තුළ නිදහස් වුණාවේ. නමුත් මිනිසුන් සියලු දෙනාටම ප්‍රකාශ වෙන්නට හැරීම ෆැසිස්ට්වාදය කියල කිව්වෙ වෝල්ටර් බෙන්ජමින්. අද ්රජන අරගලය කරමින් ඉන්නෙ හැම එකාටම තමන්ගෙ වේදිකාව මත ප්‍රකාශ වෙන්න ඉඩ හැරීම. ඒකට කවුරු හරි කියනවා නම් ‘වමේ සංවාදය’ කියල කරුණාකරලා හිට්ලර් ජර්මනිය සංවිධානය කරපු විදිහ හදාරන්න.
(3) අවිඥාණය (unconscious)නම් සංකල්පය
චාමර විසින් දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන මිනිසුන්ට අදාළව විවේචනය කරන්නෙ විඥාණය විතරයි. උදාහරණයක් හැටියට ඔහු කියනව පුබුදු ජයගොඩ X කණ්ඩායමෙන් ඉවත්ව ගිය අය සමග සංවාද කරන්නෙ දේශපාලන හේතූන් මත පමණක් කියල. ඒ වගේම පුබුදුලා එක්ක හැම තිස්සෙම දීප්තිට තියෙන්නෙ කට්ටිවාදී ගැටලුවක්. දීප්තිට නිර්මාල් එක්ක තියෙන්නෙ තරහක්. දීප්ති රහසින් UNP ලයින් එකත් එක්ක ඉන්නව. දැන් චාමරට අනුව පුබුදුට තියෙන්නෙ විඥාණයක් විතරයි. නමුත් දීප්තිට තියෙනව රහස් සිතිවිලි සමූහයක්. මේ චාමරට මිනිස් සබ!දතා ගැන තියෙන පූර්ව-අවිඥාණික අදහසක්. මිනිසුන්ට අවිඥාණයක් තියෙනව කියල විශ්වාස කරපු ගමන් අපිට යථාර්ථය ගැන තියෙන වැටහීම විප්ලවවාදීව වෙනස් වෙනව. අවිඥාණය කියන්නෙ ඇදක් යට හෝ මේස රෙද්දට යටින් ඇති රහසක් නෙවි. අවිඥාණය කියන්නෙ තමන් දන්න දෙයක් නොදන්නව වගේ සලකලා ක්‍රියාකාරී වෙන්න උගන්වන දැනුම. මිනිසාට අවිඥාණයක් තියෙන හින්ද තමයි ඔහු/ඇය නරුමවාදී වෙන්නෙ.
පුබුදු දන්නවා තමන් X කණ්ඩායමෙන් හයර් කරපු අය සමාජ වැඩවලට තදින් කැත වැඩ කරපු අය බව. (එයා මේ හින්දනෙ විමල් වීරවංශ එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ නැත්තෙ) නමුත් ඒ බව දැන දැනම ඒ ගැන නොදන්නව වගේ ක්‍රියාකරමින් තමන් කරන වැඩය දේශපාලනික අර්ථයකින් සුජාතකරණය කරනව.
ඒ සදහා තම ගෝලයන් ලවා විවිධ ප්‍රශ්න අස්සනවා. නමුත් මේ ගෝලයන්ට අමතක වෙන එක වැදගත් පාඩමක් වන්නේ දීප්තිට මෙන්ම (ඔවුන් දීප්තිගේ රහස් ජීවිතය ලියන පරිදි-දීප්තිට නිර්මාල් එක්ක තියෙන පරිදි-මේ අදහස තවම සමාජය නොදනියි. එය මම සමාජයට ප්‍රකාශ කරමි) පුබුදුටත් අවිඥාණයක් ඇති බවයි. මෙම ගෝලයන් ද අවිඥාණය ගැන උගත් දිනෙක තමන්ගේ ප්‍රධාන සගයෙකු වන පුබුදුටත් අවිඥාණයක් ඇති බව උගනීවි. ඊළගට මෙම අවිඥාණය ක්‍රියා කරන්නේ අපගේ කැමැත්තට අනුකූලව ද නොවේ. අවිඥාණය ප්‍රකාශ වීම අපට සවිඥාණකව පාලනය කළ නොහැක. අපි අවිඥාණය වටහා ගැනීමට ප්‍රකට උදාහරණයක් ගනිමු.
එක්තරා තරුණයෙක් තම පෙම්වතිය සමග ආහාර වේලක් ගැනීමට එක්තරා ආපන ශාලාවක් වෙත ගමන් කරයි. එසේ ගොස් වේටර්වරයාට මෙසේ කියයි. අපිට දෙන්නෙකුට නිදාගන්න ඇදක් දෙන්න. ඇත්තටම තරුණයාට කීමට අවශ්‍ය වූයේ අපි දෙන්නට කෑම කන්න මේසයක් යන්නයි. නමුත් ඔහුගේ අවිඥාණික ආශාව වූයේ කෑම කෑමෙන් පසු තම පෙම්වතිය සමග සංසර්ගයේ යෙදෙන්නටය. නමුත් අවිඥාණය විසින් තරුණයාගේ මුලු සුන්දර රාත්‍රියම විනාශ කළේ සුලු කට වැරදීමක් නිසාය. මෙපරිදිම
පුබුදු ජයගොඩ X කණ්ඩායමේ පැරණි සාමාජිකයන් සමග සහජීවනයකට යාම එක්තරා කට වැරදීමක් මිස වාමාංශික සංවාදයක් නොවේ.
කාලය විසින් පුබුදුගේ අවිඥාණය විසින් ජන අරගලයට කළ විනාශය අපට උගන්වනු ඇත. ඒ අවිඥාණයේ හැටිය.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,