ප්‍රස්ථාව පිරුළු
ප්‍රස්ථාව පිරුළු 100 ක්
1.අටුව කඩා පුටුව සෑදුවා වාගේ.
2. පිරුණු කළේ දිය නොසැලේ.
3. වක්කඩේ හකුරු හැංගුවා වාගේ.
4. ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ.
5. ගමරාළගේ වංගෙඩිය වාගේ.
6. අබරා (අබරං) සිල් ගත්තා වාගේ. (ගමරාළ සිල් ගත්තා වාගේ.)
7. ආඬි හත් දෙනාගේ කැද හැලිය වාගේ.
8. පනින රිලවුන්ට ඉනිමං බදින්නා වාගේ.
9. කපන්න බැරි අත ඉඹිනවා වාගේ.
10. නටන්න බැරි මිනිහා පොළව ඇදයි කිව්වා වාගේ.
11. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ.
12. වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ.
13. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.
14. ලූලා නැති වලට කනයා පණ්ඩිතයා.
15. හිත ඇත්නම් පත කුඩාද.
16. හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වාගේ.
17. හිඟන්නාගේ තුවාලය වාගේ.
18. කම්මලේ ඉන්න බල්ලා වාගේ.
19. බුරන බල්ලා හපා නොකයි.
20. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
21. බල්ලා පිඳුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
22. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?
23. ගලේ පහරපු බළලා වාගේ.
24. දී කිරට බළල්ලුත් සාක්කිලු.
25. බළලුන් ලවා කොස් ඇට බාවනවා වාගේ.
26. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වාගේ.
27. පනින්න පෙර සිතා බලනු.
28. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
29. හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ.
30. උඩ පැන්නොත් බිම වැටේ.
31. ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න.
32. ගඟට කැපුව ඉනි වගේ.
33. කළුවා මාරපන ගියා වගේ.
34. උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ.
35. හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ.
36. දිළිසෙන සියල්ල රත්තරං නොවේ.
37. අතීසාරෙට අමුඩෙ ගැහුවා වාගේ.
38. කබලෙන් ලිපට වැටුනා වාගේ.
39. කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.
40. ගිලීමලෙත් ඇත දත සුද්දෝ.
41. විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ.
42. ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ.
43. පරංගියා කෝට්ටේ ගියා වාගේ.
44. ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ.
45. අන්දරේ සීනි කෑවා වාගේ.
46. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ.
47. ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ.
48. නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.
49. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු.
50. උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු.
51. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහනවා වාගේ.
52. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු.
53. කොකා බක තපස් රැක්කා වාගේ.
54. කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු.
55. ඉබ්බා අහසින් ගියා වාගේ.
56. ඉබ්බා දියේ දැම්මා වාගේ.
57. පෙරලෙන ගලේ පාසි නොබැදේ.
58. ගල හොඳනම් අඹරන කහ මක් වේද?
59. කතාව දෝලාවෙන් ගමන පයින්.
60. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ.
61. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ.
62. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.
63. මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය.;
64. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.
65. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.
66. අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ.
67. උරුලෑවා ගිය පාර වගේ.
68. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.
69. අඟේ ඉඳං කන කනවා වාගේ.
70. ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.
71. වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
72. කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ.
73. පුහුල් හොරා කරෙන් දැනේ.
74. ගලෙන් පට්ට ගන්නවා වාගේ.
75. දත් නැති දා උක් දඬු ගිනි තපින්නද?
76. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.
77. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ.
78. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ.
79. පල නොකියා පලා බෙදන්නා වාගේ.
80. ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ.
81. නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.
82. ගහේ කටු උල් කරන්න ඕන ද?
83. දාහට අරං සීයට දුන්නා වාගේ.
84. ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ.
85. අත්හැරෙන දීගේ හෙවනැල්ලත් ඇදයිලු.
86. අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ.
87. අතු කඩා මොර කන්නා වාගේ.
88. අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ.
89. පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වාගේ.
90. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
91. වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ.
92. උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හලලත් බෑ.
93. එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ.
94. රයිගමයයි, ගම්පලයයි වාගේ.
95. වන්සේ කබල් ගාන්නා වාගේ.
96. ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කපනවා වාගේ.
97. කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.
98. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වාගේ.
99. අන්ධයෝ අලියාගේ හැඩ කිව්වා වාගේ.
100. ලිදෙන් වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ
උපුටා ගැනීමකි..

godak thanks oyata kiyala dunnata 