ප්‍රසිද්ධ පුද්ගල මරණ 5ක් පිටිපස්සේ තියන අ&#351

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ප්‍රසිද්ධ පුද්ගල මරණ 5ක් පිටිපස්සේ තියන අ&#351

    ලෝකයේ සහ ලංකාවේ සිදුවූ ප්‍රසිද්ධම පුද්ගල මරණ 7ක් ගැන අපි මීට කලින් අනිවා ලිපියක් ගෙන ආවා. ඊට පස්සෙ අපි ලිවුවා මියගියත් අදටත් ජීවතුන් අතර ඉන්නවා කියල සැක කෙරෙන සුප්‍රකට සහ කුප්‍රකට පුද්ගලයන්ගෙ මරණ 5ක් ගැන තොරතුරු. ඒ ලිපිපෙළ එතැනින් ඉවර වෙන්නෙ නෑ. අදටත් නොවිසඳුන අභිරහස් ඉතුරු කරල අපි අතරින් සමුගත්ත තවත් ජනප්‍රිය පුද්ගලයො බොහොමයක්ම ඉන්නවා. මේ සමහරක් අයගෙ මරණ සම්බන්ධව ගෙතිල තියන අභිරහස් කතා සහ මතවාද විශ්වාස කරන්න හිතෙන තරම් කරුණු කාරණා සහිත ඒව. තවත් ඒවා විස්වාස කරන්න බැරි තරම් විස්මය ජනකයි…



    1. කුනාල් සිං :confused::confused::confused:
    More Strange Celebrity Deaths

    More-Strange-Celebrity-Deaths-01.jpg

    Source – indiatimes.com
    කුනාල් සිං කියන්නෙ දෙදාස් මුල් ගණන් වල බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවෙ කැපී පෙනෙන රඟපෑම් කීපයකටම දායක වෙච්ච නලුවෙක්. ලංකාවෙ අයට නම් කුනාල් සිංව මතක් වෙන්න ඕනෙ “දිල් හි දිල් මේන්” චිත්‍රපටයෙ මේ සින්දුව ඇහුවම.



    2008 පෙබරවාරි 7 වැනිදා ගෙල වැළලාගැනීමෙන් සියදිවි හානි කරගත්ත කුනාල්ගේ මළසිරුර ඔහු ජීවත් වෙච්ච මුම්බායි තට්ටු නිවාසෙකදි හමුවෙනව. කුනාල් සියදිවි නසාගන්න මොහොත වෙනකොට කුනාල් එක්ක තවත් නිළියකුත් මේ නිවසේ ඉන්නවා. කොහොම වෙතත් කුනාල් ගෙල වැළලාගන්නකොට තමන් හිටියෙ නාන කාමරයේ බවයි මේ නිළිය කියන්නේ. සැක කටයුතු කිසිවක් සොයාගන්න බැරි වෙන නිසා මේ මරණය සියදිවි හානිකරගැනීමක් හැටියට පොලිසිය තීරණය කරනවා. හැබැයි මේ අදහසට එක පුද්ගලයෙක් විරුද්ධ වෙනව. ඒ තමයි හිටපු හමුදා නිලධාරියෙක් වන කුනාල්ගෙ පියා. කුනාල්ගෙ මළ සිරුරේ තැන් කීපයක සටහන් වෙලා තියන තුවාල නිසා ඔහු කියන්නෙ මේක සියදිවි නසාගැනීමේ සිදුවීමක් නොව මීනීමැරුමක්ය කියලයි. සිනමාවේ අසාර්ථක වීම් නිසා කාලෙන් කාලෙට කුනාල් මානසික පීඩාවකින් කල්ගත කලත්, ළඟදීම අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වීමට සිටි නිසා කුනාල් සන්තෝෂයෙන් කාලෙ ගත කරමින් හිටි බවයි ඔහුගේ පියා කියන්නෙ. මේ නිසා සියදිවි නසාගැනීමට කුනාල්ට කිසිම හේතුවක් නොතිබුණ බවට පියා තරයේම කියා හිටිනව.

    කුනාල්ගෙ මරණය සිද්ධ වෙලා කාලයක් ගත වුණාට පස්සෙ එකවරම ඔහුගේ මරණයට සැකපිට කුනාල් මියයන මොහොතේ නිවසේ හිටිය නිළියව අත් අඩංගුවට ගන්නවා. මෙහිදී කුනාල්ගේ අභිරහස් මරණය සම්බන්ධව ඒ නිළියගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ Lie Detector එකක ආධාරයත් ඇතිවයි. මේ ප්‍රශ්න කිරීම් වලදී ඇය කියපු පිළිතුරු කීපයක්ම බොරු හැටියට සටහන් වෙලා තියෙන්නේ මේ මරණය ගැන අභිරහස තවත් අවුල් ජාලයකට හෙළමින්. කොහොම වෙතත් සාක්ෂි මද කම නිසා මේ මරණය සියදිවි නසාගැනීමක් නොවේයයි ඔප්පු කරන්නට අදටත් නොහැකි වෙලා තියනවා.



    2. හැන්සි ක්‍රොන්යේ :eek::eek::eek::eek:


    More-Strange-Celebrity-Deaths-02.jpg




    More Strange Celebrity Deaths
    Source – skysports.com
    මුදල් පසුපස යාම නිසා තමන්ගෙ කීර්තිය අහිමි කරගත්ත හැන්සි ක්‍රොන්යේ ගැන අපි මීට කලිනුත් අපේ ලිපියක සඳහන් කලා. 2002 වර්ෂයේ ජුනි 1 වැනිදා හැන්සි ක්‍රොන්යේට ඔහුගේ ජීවිතයත් අහිමි වෙනවා. ඒ ගුවන් අනතුරකට ලක්වීම නිසා. අවාසනාවන්ත අනතුරක ප්‍රතිඵලයක් හැටියට මේ මරණය පෙනුණත් මේ අනතුර හිතා මතා ක්‍රොන්යේව මරණයට පත් කරන්න සිදු කරපු එකක් බවටත් මත පළවෙනව.

    2000 අවුරුද්ද විතර වෙද්දි මුදලට තරඟ පාවාදීමේ චෝදනාවන් සුළි කුණාටුවක් වගේ ලෝක ක්‍රිකට් පිටිය පුරා හමා යන්න පටන් ගන්නව. හුඟක් ක්‍රීඩකයන්ගෙ නම් මේ අපකීර්තිමත් ක්‍රියාවලට ඈඳෙද්දි ඒ ක්‍රීඩකයො හුඟ දෙනෙක් තමන් හා බුකී කරුවන් අතර සම්බන්ධය ගොඩ නැගූ පුද්ගලයා හැටියට ඇඟිලි දිගු කරන්නෙ ක්‍රොන්යේටයි. මේ නිසා ජීවිතාන්තය දක්වා ක්‍රිකට් සම්බන්ධ කිසිදු ක්‍රියාවක නියැලීමට ක්‍රොන්යේට තහනමක් පැණවෙනව. තමන්ගෙ ජීවිතේ ක්‍රිකට් සම්බන්ධ පරිච්ඡේදය නිමා වීමෙන් පස්සෙ ක්‍රොන්යේ ගිණුම් කළමණාකරුවෙක් හැටියට රැකියාවක නියැලෙන්න පටන් ගන්නවා. එක් දිනක් ව්‍යාපාරික සංචාරයක් අතරතුරදී ක්‍රොන්යේට වෙනදාට තමන්ගෙ ගමරට බලා යන ගුවන් යානය මගහැරී යනවා. ඔහු කරන්නේ ඒ වෙනුවට වෙනත් භාණ්ඩ ප්‍රවාහණ ගුවන් යානයක ගමන් කරන්නෙ අවසර ලබාගන්න එකයි. ඒ තමයි ක්‍රොන්යේ තමන්ගෙ ජීවිතයේදි කරන අවසාන ගුවන් ගමන. ගමන අතරතුරදී සිද්ධ වෙන යාන්ත්‍රික දෝෂයක් නිසා මේ යානයේ ගමන් කල එකම මගියා වුණ ක්‍රොන්යේත් යානයේ නියමුවන් දෙදෙනාත් ජීවිතක්ෂයට පත් වෙනවා.

    ක්‍රොන්යේගේ අවාසනාවන්ත මරණය පසුපස අදටත් නොවිසඳුණ අභිරහස් සිදුවීම් බොහොමයක් තියනවා. ක්‍රොන්යේට ගුවන් යානය මගහැරීම නිසා වෙනත් ගුවන් යානයක ගමන් කරන්න සිදුවීමත්, ඒ යානය යාන්ත්‍රික දෝෂයකට ලක්වීමත් අහම්බයක් නොව සූක්ෂම සැලැස්මක කොටසක් බවට මත පල වෙනවා. බුකී කරුවන් සහ තරඟ පාවාදීම් සම්බන්ධ කරුණු බොහොමයක් ක්‍රොන්යේ දැන සිටීම නිසා ඒ කරුණු හෙලිවේවි යැයි බියෙන් බුකී කරුවන් සහ පාතාලයන් විසින් අදාල ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිකොට ක්‍රොන්යේගේ මරණය සිද්ධ කරන්නට ඇති බවයි ප්‍රසිද්ධම මතය.



    3. ගංගොඩවිල සෝම හිමි :sorry::sorry::sorry:

    download.jpg



    More Strange Celebrity Deaths
    Source – vihara.org.au
    ගංගොඩවිල සෝම හිමියන්ගෙ මරණය ගැන අදටත් බොහෝ දෙනෙක්ගෙ සිත් තුළ සැක සංකා තියනවා. විචිත්‍රවත්, අරුත්බර ධර්ම කථිකයෙක් වූ සෝම හිමියන්ගේ අපවත් වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට සිදුවුණක් යැයි අදටත් විශ්වාස කරන පුද්ගලයන් සිටිනවා.

    සෝම හිමියන්ගේ අපවත්වීම සිදුවන්නේ 2003 දෙසැම්බර් 12 වැනිදායි. රුසියානු රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබාගැනීමට එරටට වැඩම කර සිටියදීයි උන් වහන්සේගේ හදිසි අපවත්වීම සිද්ධ වෙන්නේ. සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධ ආරංචිය අපේ රට තුල මහත් කම්පනයක් සහ කැළඹිල්ලක් ඇති කරන්න සමත් වෙනවා. සෝම හිමියන්ගේ මරණ පරීක්ෂණය පවත්වන්නේ අප රටින් බිහිවූ විශිෂ්ටතම සහ කීර්තිමත්ම අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වූ චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා විසිනුයි. මරණ පරීක්ෂණයෙන් අනතුරුව එතුමා තමන්ගේ නිගමනය හැටියට සඳහන් කරන්නේ මෙය හෘදයේ ලේ කැටියක් සිරවීමෙන් සිදුවූ මරණයක් බවටයි. කීර්තිමත් මහාචාර්යවරයාගේ නිගමනය එසේ වුවත් සෝම හිමියන්ගේ මරණය පිටුපස වෙනත් හස්තයක් ඇතැයි යන ජනප්‍රිය මතය ඒ නිගමනයෙන් යට යන්නේ නැහැ. මේ අභිරහස් මරණය පිළිබඳ සැක සංකා තවත් වැඩි කරන්නට සමත්වන්නේ සෝම හිමියන් රුසියාවේදී ගත් ඡායාරූප පෙළක් ජනතාව අතර පැතිරීමත් සමගයි. ඒ ඡායාරූප වල සෝම හිමියන් වැඩ හිඳින ඉරියවු වල සැක සහිත ස්වභාවයක් ඇතැයි බොහෝ දෙනෙක් මත පළකරනු ලැබුවා. මේ ඡායාරූප සෝම හිමියන්ව මරණයට පත් කිරීමෙන් පසුව ගන්නා ලද ඒවා බවත්, පරිගණක අනුසාරයෙන් ඒවා වෙනස් කොට සකසා ඇති බවටත් මත පළවෙන්න පටන් ගැනුනා. එකල ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ඒ ඡායාරූප පෙළ ඔබට මෙතැනින් දැකගන්න පුලුවන්.




    4. මයිකල් ජැක්සන් :baffled::baffled::baffled::baffled:



    More-Strange-Celebrity-Deaths-04.jpg

    More Strange Celebrity Deaths
    Source – metroweekly.com
    ලොවම කම්පා කරවමින් සහ මවිතයට පත් කරමින් 2009 ජුනි 25 වැනිදා “පොප් රජු” මයිකල් ජැක්සන් මෙළොවින් සමු ගන්නව. ඒ “ප්‍රොපොෆෝල්” නැමැති බලගතු නිර්වින්දන ඖෂධයක අධි මාත්‍රාවක් ශරීරගත වීමකිනුයි. මයිකල් ජැක්සන් පෙළෙමින් හිටපු ඉන්සොම්නියා කියන නින්ද නොයෑමේ රෝගී තත්ත්වයකට පිළියම් වශයෙන් ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රඩ් මරේ විසින් තමයි මේ ප්‍රොපොෆෝල් ඇතුලු තවත් ඖෂධ වර්ග කිහිපයක් මයිකල් ජැක්සන්ට ලබාදෙන්නේ. වගකීම් විරහිත විදිහට මේ ඖෂධ වර්ග නිකුත් කිරීම මගින් මයිකල්ගේ මරණයට වගකිවයුතු වරදකරුවෙක් බවට කොන්රඩ් පත්වෙන්නේ වසර 4ක සිර දඬුවමක් හිමි කර ගනිමින්. වෛද්‍ය කොන්රඩ්ට මේ විදිහට දඬුවම් ලැබුණත් මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධ මතභේදාත්මක කතන්දර එතැනින් නවතින්නේ නම් නැහැ.

    මයිකල් ජැක්සන්ගේ “දිස් ඉස් ඉට්” සංගීත ප්‍රසංග චාරිකාවේ සංවිධායකවරුන් වූ AEG Live ආයතනයට ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නට පටන් ගැනෙනවා. නිසි සොයාබැලීමකින් තොරව වෛද්‍ය කොන්රඩ් මරේව මයිකල් ජැක්සන්ගේ සේවයට යෙදවීමත්, මයිකල්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඔහුට අහිතකර ඖෂධ ලබා දෙන තැනට වෛද්‍යවරයාව පත් කිරීමත් යන කාරණා වලට AEG ආයතනයට චෝදනා එල්ල වනවා. කොහොම වෙතත් මයිකල් ජැක්සන්ගේ පවුලේ අය විසින් මේ ආයතනයට එරෙහිව පවරණ ලද නඩුවෙන් ජයගන්නට AEG Live ආයතනය අවසානයේදී සමත් වනවා.

    මේ සියල්ලටම වඩා පුදුම සහගත කාරණාව වන්නේ අදටත් මයිකල් ජැක්සන් ජීවතුන් අතර සිටිනවායැයි කියා බහුතර පිරිසක් විසින් විශ්වාස කිරීමයි. ජනප්‍රියත්වයෙන් මිදී නිදහසේ කල් ගත කරන්නටත්, තමන්ගේ ජීවිතයට ඇති තර්ජන වලින් බේරෙන්නටත් මයිකල් ජැක්සන් තමන්ගේ මරණය ව්‍යාජ ලෙස රඟදැක්වුව කියලයි ඒ අය කියන්නෙ. මයිකල්ගේ මරණයෙන් පස්සෙ ගෙවුණු කාලය ඇතුළත ඔහුව පණපිටින් දැක්කාය කියන පිරිසත් සෑහෙන ඉන්නව.මේ කතා ඉතින් තමන්ගෙ ප්‍රියතම තරුවගේ වියෝව විශ්වාස කරන්නට බැරි ප්‍රේක්ෂකයන් පතුරවන දේවල් වෙන්න පුලුවන්. ඒවායේ සත්‍යාසත්‍ය බව කොහොම වෙතත් මයිකල් ජැක්සන් කියන්නේ මියගියත්, නැතත් අදටත් ප්‍රේක්ෂක හදවත් වල ජීවමානව ඉන්න චරිතයක් බව නම් සත්‍යයක්.



    5. බෘස් ලී :oo::oo::oo::oo:

    More-Strange-Celebrity-Deaths-05.jpg



    More Strange Celebrity Deaths
    Source – lexisbirds.blogspot.com
    බෘස්ලී කියන විශිෂ්ටතම සටන් කරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහිවූ ජනප්‍රියතම තරුවක් වන බෘස්ලී වයස 32දී තමයි අකාලයේ දිවියෙන් සමුගන්නෙ. ශාරීරික ශක්තිය අතින් ඉහල තලයක වැජඹුන මේ සටන්කරුවාගේ මරණයට හේතු වෙන්නේ හිසේ කැක්කුමක් සඳහා ගන්නා ලද ඖෂධයක් ආසාත්මික වීමයි. බෘස්ලීගේ මේ අනපේක්ෂිත මරණය වටා ගෙතිලා තියන අභිරහස් කතන්දර බොහොමයි.

    බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බෘස්ලීව විෂ ශරීරගත කිරීමකින් මරණයට පත්කලා කියලයි. බෙටී ටින්ග් පෙයි නැමැති නිළියකගේ නිවසේදී තමයි බෘස්ලී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ බෘස්ලී තමන්ගේ හිසේ කැක්කුමට ගත්ත පෙති වෙනුවට වෙනත් විෂ පෙති වර්ගයක් බෙටී ටින්ග් විසින් ඔහුට ලබා දුන්නා කියලයි. අසාධ්‍ය තත්ත්වයේ සිටි බෘස් ලීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා කල බවටත් ඇයට චෝදනා එල්ල වනවා. සමහරු කියනවා බෘස් ලීගේ මරණය පසුපස ඉන්නෙ චීන අපරාධ කල්ලි කියල. බෘස් ලීට වස ලබාදුන්නා යැයි සමහරු චෝදනා කරන බෙටී ටින්ග් බෘස් ලීගේ මරණයෙන් පසු කාලෙක එවැනි අපරාධ කල්ලි හා සම්බන්ධ පුද්ගලයෙක් සමග විවාහ වීම නිසා මේ චෝදනා තවත් බරපතල ඒවා බවට පත්වෙනවා. තවත් සමහරු දරණ මතයක් තමයි බෘස්ලී විසින් සාම්ප්‍රදායික සටන් ක්‍රම පිටරැටියන්ට ඉගැන්වීම ගැන අප්‍රසාදයෙන් සිටි චීන සටන් ගුරුවරුන්ගේ කුමන්ත්‍රණයකට අනුව බෘස්ලීව මරාදැම්මාය කියන එක.

    බෘස්ලීගේ මරණයට හේතුව කුමක් වුවත්, බෘස්ලීගේ අකල් මරණය නොවෙන්නට බිහි වෙන්න තිබ්බ සිනමා නිර්මාණ සහ සටන් කලාවේ ප්‍රගමනයන් ගැන හිතද්දි, බෘස්ලීගේ අහිමිවීම කියන්නෙ ලෝකයටම සිද්ධ වෙච්ච විශාල පාඩුවක් බව නොකියම බෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    කෝ සෝම හාමුදුරුවන්ගෙ ඡායාරූප ටික
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේ දෙසැම්බර් 12 වෙනිදට සෝම හාමුදුරුවෝ
    අපවත් වෙලා

    අවුරුදු 10ක් වෙනවා මචන්... :(:(


    55771257.jpg


    අද කවුද සෝම හාමුදුරුවෝ ගැන කතා කරන්නේ! අපේ ඊලග පරම්පරාව මේ හිමියන් කවුද කියලාවත් දන්නේ නැති වෙයි..


    images


    ඇත්තටම අපේ සෝම හාමුදුරුවෝ අපවත් උනා නෙවෙයි,, ලේ පිපාසිත විජාතික නපුරු බලවේග සහ අපේ රටේ දෙක නැති ආශ්චර්ය විදහාපාන අපත පාලක තන්ත්‍රය විසින් අපවත් කරනු ලැබුවා..

    99802881xs6.png


    මගේ උපන්දිනෙත් යෙදිලා තියෙන්නේ 12 වෙනිදා,,,,
    එදා 2013 දෙසැම්බර් 12 වෙනිදායින් පස්සේ ඒ දිනයත් හුදෙක් මලගමක් වැනිය..
    එදා ඒ චිතකය අබියස මා ඇතුලු තරුණ තරුණියන් කී දෙනෙක් නම් විලාප දී මහ පොලොව මත හඩා වැලපෙන්නට ඇත්ද සොයුරනි ?

    :(:(

    150577_109486939125086_100001913428570_83844_6587350_n.jpg


    මේ වෑයම ඒ බියකරු මතකය නැවත ඔබගේ දෑස් ඉදිරිපිට දිග හරින්නටය.. අන් කිසිවක් නිසා නොව... ඒ හිමියන්ගේ මතකය සදා අප සිත් සතන් තුල රැදී පැවතිය යුතු නිසාය.















































































    157068_109489785791468_100001913428570_83917_6414909_n.jpg






    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
    :yes::yes:


    [ proud to be a buddhist ]

    :love::love::love: tshirtZ :love::love::love:


    :confused: