ප්‍රායෝගිකව බලමු
කුසල අකුසල කර්ම මොනවද කියල ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියල විතර හොයද්දි කරුණු වගයක් ලැබුණා, ඒ ධර්මාචාර්ය විභාගය සඳහා නිර්දේශිත, "ථෙරවාදී බුද්ධ ධර්මයේ මුලික ඉගැන්වීම්" කියන පොතෙන්. ඔයාලත් වැදගත් වෙයි කියල හිතන නිසා මේ උපුටා දක්වනවා.
"කුසල අකුසල විනිශ්චය කිරීමේදී නිර්ණායක තුනක් පිළිබඳව මජ්ඣිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සුත්‍රයේ දක්නට ලැබේ. එහි එන පරිදි රාහුල තෙරුන් අමතන බුදුරදුන් මෙසේ වදාරණ සේක.
'රාහුලය, ඔබ කුමක් සිතන්නෙහිද? කැඩපතෙහි ඇති ප්‍රයෝජනය කුමක්ද?'
'ප්‍රත්‍යවේක්ෂණයට ස්වාමිනි'
'එලෙසම ඔබ සෑම ක්‍රියාවක් කරන විටම චනයක් පවසන විටම සෑම සිතුවිල්ලක් සිතන විටම ප්රත්යවේක්ෂණය කළ යුතුය. ඔබට යමක් කරන්නට වුවමන වූ විට එය තමාගේ හෝ අනුන්ගේ හෝ උභය පක්ෂයේම හෝ විපතට හේතු වේද, දුක් ඇති බවට පෙරලන සාවද්‍ය ක්‍රියාවක් හෝ අකුසල වීද යනුවෙන් ප්රත්යවේක්ෂණය කළ යුතුය. ප්රත්යවේක්ෂණයෙන් එය දුක් පිණිස පවතී යැයි වැටහේ නම් ඒකාන්තයෙන්ම ඔබ එය නොකළ යුතුය. එහෙත් ප්රත්යවේක්ෂණයෙන් එය දුක් පිණිස නොව සුව පිණිස පවතී යැයි හැඟෙ නම් ඔබ එය කළාට වරදක් නැත,,,' "
ප්රත්යවේක්ෂණය - ආවර්ජනය | කල්පනා කොට බැලීම | ඡායාව | දොස් පැවරීම | නින්දාව | පරාවර්තනය | ප්‍රතිබිම්බය | මනස්කාරය
උභය පක්ෂය - දෙපක්ෂය
තවත් ලේසි වෙන්න වචන වල තේරුම් හොයලත් දැම්ම ඔන්න.
කෙටියෙන් කිව්වොත් තමන්ට හා හෝ අනුන්ට යහපතක් වන දේ කුසල් ලෙසත් අයහපතක් වන දේ අකුසල් ලෙසත් හඳුවන්න පුළුවන්.
මේකෙන් කිසියම් හෝ උදව්වක් වෙන්න ඇති කියල හිතනවා, කියෙව්වට ස්තුතියි.