"ප්‍රා" නවකතාව - පළමු කොටස

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    "ප්‍රා" නවකතාව - පළමු කොටස

    සීරුවට වැටෙන ධාරානිපාත වරුසාවේ කිසිඳු අඩුවක් නැත. එක් පැත්තකින් ඇඟ කිලිපොලා යන්නට තරම් ශබ්දයෙන් ඇසෙන හෙණ පුපුරණ හඬ නිසාවෙන් හුස්ම වැටෙනවාද යන්න පවා නොදැනෙන තරමට ශරීරය හිරිවැටී ඇත. පරිසරයේ සීතල තරමටම හැඟීම්ද සීතල නොවන කෙනෙක් නැතිවන තරමට මේ මොහොතේ පරිසරයට විසින් ජීවිත වෙලා ඇත.

    වහලයේ තහඩුව මත වැටෙන ඝන වැහි පොද නිසා නොනවත්වා මැවෙන ටක ටක ශබ්දය ජනේලයක් හෝ විවෘතව නැති කාමරය තුලින් පිටව යා නොහැකිව එහිම සංසරණය වන නිසා මහ කාලගෝට්ටියක ශබ්දයක්, නැත්නම් යන්ත්‍රාගාරයක ඝෝෂාවක් වැනි ශබ්ද කම්පනයන් කාමරය තුල පුරවමින් සිටියි. විටින් විට වහලය සහ යට ලීය අතර හිඩැසෙන් කාමරයට එබෙන විදුලි එළියට පෙනෙන්නේ කාමරයේ මැද බාල්කයට කඹයකින් එල්ලා ඇති දෙයකි.

    එය මිනිස් ශරීරයකි, තවමත් හුස්ම වැටෙන මිනිස් ශරීරයකි. දෑත් එක්කොට බැඳ බොහෝ වේලාවක් තිස්සේ බාල්කයේ එල්ලා තැබීම නිසා මස්කඩයක කොක්කේ එල්ලා ඇති හරක් ගාතයක් මෙන් එය සුළඟට පවා චලනය වන තරමට නිසොල්මනේ ය. හුස්ම වැටෙන බවක් පෙනේනනට නැත, එහෙත් අමු ලේ දහරාවන් ගලා හැලෙන පපුව යන්තමින් චලනය වන බවක් පෙනේ, එසේනම් ඒ ප්‍රාණියා තවමත් ප්‍රාණය නිරුද්ධව නැත.

    ‘ග්රාස්...’

    වාහනයක එන්ජින් ශබ්දය නතරවන්නට පෙර තිරිංග වේගයෙන් තදවී නැගෙන ශබ්දය ඇසුනේ කාමරයෙන් පිටය. ධවල පැහැති වෑන් රථයෙන් එළියට බසින හඬත්, කාමරය ඉදිරිපිට සිමෙන්ති පොළවේ පා ගැටෙන හඬත් ඇසෙත්ම බාල්කයේ එල්ලා ඇති ප්‍රාණියාගේ ඉදිමී ලෙයින් නැහැවී ඇති ඇස් පිහාටු යන්තමින් සෙලවෙන්නට විය. එය බලාපොරොත්තුවක සංඥාවකි.

    ‘ක්‍රීස්..ග්’

    කාමරයේ දොර විවෘතවිය, ඉන් ඇතුලට එන්නේ තිදෙනෙකි. එක් අයෙක් දොර අසලට වී සිගරට්ටුවක් දල්වමින් අවට බලන්නට විය. තිදෙනා කාමරයේ එල්ලා ඇති ප්‍රාණියා අසලට පැමිණියහ.

    ‘සර්.. මේ පාහරයා වචනයක් කියන්නේ නෑ..’

    තිදෙනාගෙන් වඩාත් උස, අත්දිග බැනියමක් ඇඳ එහි අත් නවා සිටි පුද්ගලයා ඉදිරියට පැමිණ බාල්කයේ එල්ලා ඇති ප්‍රාණියා අසල නතරවිය. ඉතා සෙමෙන් හුස්ම ගත් අමුත්තා මදක් ගෙල ඉහළට කර ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන ප්‍රාණියා දෙස බලා සිටින්නට විය. මිනිත්තු කිහිපයක් එසේ ගතවිය.

    ‘උඹ දන්නවා මේ කතාකරන්නේ කව්ද කියලා.. මට උඹ ඒක දැනගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ..”

    ඒ වචන ඇසෙත්ම බාල්කයේ එල්ලා සිටි ප්‍රාණියා තම දෑස් විවෘතකර බලන්නට අසාර්ථක උත්සාහයක් ගනු ලැබීය. එය සාර්ථක නොවුණ තැන මුවෙන් අපැහැදිලි කෙඳිරියක් නගා පා චලනය කරන්නට උත්සහ දැරීය. අමුත්තා මේ සියලු දේ ඉතා ප්‍රවේසමෙන් බලාසිටින්නට විය.

    ‘උඹට කරන්න තියෙන්නේ එකම දෙයයි.. කව්ද ඒ කෙල්ල..ඒකි නියෝජනය කරන්නේ කොතනද... උඹ ඒ ටික කියපං..ඊට පස්සේ උඹට යන්න පුළුවන් ..’

    බාල්කයේ එල්ලා සිටි ප්‍රාණියා වේගයෙන් හුස්ම ගන්නට උත්සහ කරන අයුරු පෙනේනනට විය. අමුත්තා සන්සුන් ලෙස ඒ දෙස බලාසිටියි. ප්‍රාණියා ඉතා අපහසුවෙන් මුහුණ දෙපසට කර තමන් එය නොදන්නා බව සංඥා කරන්නට විය. සැනෙකින් අමුත්තා සමග සිට හැඩි දැඩි පිරිමියෙක් පැන මුහුණට පහර කිහිපයක් එල්ල කරද්දී කෙඳිරියක් වැනි විලාපයක් නගනවා හැරෙන්නට කල හැකි අන්යමක් ඉතා දුර්වල සිරකරුවාට නොවීය.

    ‘මේ වල්බල්ලා කියන්නේ නෑ සර්..’

    මොහොතක් ඉතා සන්සුන්ව බලාසිටි අමුත්තා කාමරයෙන් පිටවන්නට දොර දෙසට ගමන් කරන අතරේ ඔහු සිටියේද කල්පනාවකය.

    ‘මැරෙන්න දෙන්න එපා..’

    ‘හරි සර්..’

    වෑන් රථයට නැගි අමුත්තා තවත් එක් පුද්ගලයෙක් සමග පිටව යන්නට විය. කාමරය පුරා ගලා හැලෙන රුධිරයට ලොබින් එන නිල මැස්සන්ගේ ශබ්දය මිසක හෙණ හඬ පවා ඒ මොහොතේ නතරවී තිබිණි.

    *************

    වැලිපිටිය වීරමන් බංගලාවේ දුරකතනය කිහිපවරක්ම නාද වෙද්දි මෙහෙකරු දාවිත් දුරකතනයට පිළිතුරු දුන්නා. එහා පැත්තෙන් ඇහෙන පුරුදු හඬ නිසා දෙවරක් නොහිතාම දාවිත්ගේ මුහුණේ හිනාවක් මතුවුණා.

    ‘අනේ තත්පරෙන් මම ලොකු මහත්තයට කතා කරන්නම්..’

    එසේ කියූ දාවිත් රිසිවරය නොදැනෙන්නට පරිස්සමෙන් මේසය උඩින් තියලා අසාමාන්‍ය වේගයකින් ඉස්තෝප්පුව පැත්තට දුවගෙන ගියා. ඉස්තෝප්පුවේ සිමෙන්ති කණුවක් උඩ පැළකරලා තිබුණ ඕකිඩ් පැලයේ මලක ලස්සන විඳිමින් හිටපු වීරමන් මහත්තයා ලඟට දාවිත් දිව්වේ අඩියට දෙකට.

    ‘ලොකු මහත්තයා..කෝල් එකක්..ඉක්මණට එන්න..’

    ‘කව්ද දාවිත්?’

    ‘මම හිතන්නේ ජනාධිපතිතුමා’

    වීරමන් මහත්තයාගේ මූණට ආවේ වචනයෙන් විස්තර කරන්න බැරි හිනාවක්. ඉක්මණින් ඉස්තෝප්පුව පහුකරගෙන සාලයේ දුරකතනය ලඟට ආපු වීරමන් මහත්තයා කළුවර සෝපාවේ හරිබරිගැහිලා වාඩිවුණේ බොහොම දීර්ඝ කතාවකට. ඒ අතරේ දාවිත් හෙමින් සීරුවේ ගිහින් වීරමන් නෝනා හෙවත් නිර්මලා මැඩම්ගේ කණටත් දුරකතන ඇමතුමේ විස්තර අරගෙන ගියා.

    ‘ආයුබෝවන් සුබ උදෑසනක් ජනාධිපතිතුමා’

    ඉතාම ගරුසරුව වගේම මිත්‍රශීලීව වීරමන් මහත්තයා කතාව පටන් ගත්තා. ටිකකින් හිනාවෙන් පුරවගත්ත මූණක් එක්ක වීරමන් මහත්මිය ඒ කියන්නේ නිර්මලා ඇවිත් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ලඟින් වාඩිවෙලා රිසීවරයෙන් ඇහෙන කෙඳිරිලිහඬට කන්දෙන්න පටන්ගත්තා.

    ‘මම මේ කතාකලේ අර ඡන්දේ ගැන පණිවිඩේට..මොකද පුත්තරයා ගෙදරද?’

    ‘පුතා නම් ගෙදර නෑ අයියේ.. අනේ ලොකු දෙයක් මම කරපු ඉල්ලීම සලකලා බලපු එක..’

    ‘නෑ නෑ..ඒ ගැන ප්‍රශ්නයක් නෑ..ඒත් මම මේ කතාකලේ මට ඒ ගැන පක්ෂෙ එක්ක කතාකරන්න වෙනවා කියන එක කියන්න..මොකද පක්ෂෙ ඇතුලෙත් ඕවට නැත්නම් එක එක කසුකුසු යන්න පටන්ගන්නවනේ..මල්ලි දන්නවනේ මුන්ගේ හැටි..’

    වීරමන් මහත්තයාගේ මුහුණේ දීප්තිය මදක් අඩුවුණත් බලාපොරොත්තුව මූණෙන් හේදිලා ගියේ නෑ. නිර්මලා හිටියෙත් තමන්ගේ සැමියගේ මූණේ ලක්ෂණ පිරික්සන ගමන්.

    ‘මොකද අයියේ මම නොදන්නේ..මොකක්හරි ඉඩක් තියනවද කියලා හොයලා බලන්න අයියෝ..මොකද මේක මගේ උපන් ගම..අපේම එකෙක් බලයේ ඉන්නවා කියන එක මට වගේම අයියටත් හොඳයි නේ..’

    ‘ඒක ඇත්ත මල්ලි.. මම මේ ගැන කතාකරලා පණිවිඩේ දෙන්නම්..කෝ නංගි ඉන්නවද..කියන්න මම පස්සේ වෙලාවක එයාට කතාකරන්නම් කියලා.. තියන්නම්..බුදු සරණයි..’

    ‘හරි අයියේ මම කියන්නම්..’

    ‘අනිත් එක මල්ලි..ඡන්දෙට එන බලාපොරොත්තුවක් තියනවනම් කොල්ලට කියන්න ටිකක් චර්යාව යහපත් කරගන්න කියලා එහෙම..මොකද මේ රටේ මිනිස්සුන්ට දේවල් අමතක වුණාට පත්තරවල වෙබ්වල පිටු මකන්න බෑනේ..’

    වීරමන් මහත්තයාගේ මූණ කළුවුණේ ඇසිල්ලකින්. ඒත් ඒ වගක් අඟවන්නේ නැතිව ජනාධිපතිතුමාගේ වචනයට පිළිතුරු දුන්නා.

    ‘හොඳමයි අයියේ..මම මිනිහට මේ දේවල් ටික කියන්නම්..බුදු සරණයි”

    දුරකතන රිසීවරය දුරකතනය උඩින් තියපු වීරමන් මහත්තයා ටිකක් කල්පනා කරන්න පටන්ගත්තා. මේ නිශ්ශබ්දතාවය කොහොමත් නිර්මලාට ඉවසන්න පුළුවන් එකක් නෙවෙයි, ඒක පොඩිකාලේ ඉඳලම එන අසනීපයක්. ඒ නිසා තමන්ගේ සැමියා දිහාවට තව අඟලක් දෙකක් ලංවුණා.

    ‘මොකද අයියා කියන්නෙ වීරේ..’

    උත්තර දෙනවා වෙනුවට වීරමන් මහත්තයා දිග සුසුමක් හෙළුවා.

    ‘පක්ෂෙත් එක්ක කතාකරන්න වෙනවලු.’

    ‘එහෙමද?’

    ‘හ්ම්.. ඒක තමයි..බලමු මොකද වෙන්නේ කියලා’

    නිර්මලා වගේම විරමන් මහ්තතයත් සෝපාවේ වාඩිවෙලා විනාඩියක් දෙකක් නිශ්ශබ්දව කල්පනා කලේ ඊළඟට මොකද කරන්නේ කියන එක.

    ‘ඇරත් මේ හාදයා දාගත්තු ලෙඩ ටික අයියට තාම මතකයි..’

    නිර්මලා දිග හුස්මක් ගත්තේ හරියට තමන්ටත් ඒ සිද්ධි මතක් වුණා වගේ කියලා අඟවන්න එක්කමයි.

    මීළඟ කොටස 27 වැනි බදාදා

    මූලාශ්‍රය - www.her.lk
     
    • Like
    Reactions: waruna87