ප්‍රිතිදායක පුවත
පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 2 කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.
ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,
"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 2 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"
"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියලා"
යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරයට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.
.......ගත්තේ බුකියෙනි ...

Last edited: