ප්‍රීතිමත්_සමුගැන්ම

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ප්‍රීතිමත්_සමුගැන්ම


    කලින් වගේම මේකත් සින්දුව රසවිඳලම කියවන්න ,,,




    නිශ්ශබ්දතාවය දසත පැතිරී
    සැරසෙන්නේ සුන්දර වූ සමුගැන්මට
    විවෘත වූ හදවත් අතර ඔබේ හදවතේ අඟුල් දමා
    ජීවිතය යැයි කියා වැළඳ ගන්නා තනිකම
    උරුම වූ ඔබ තැවෙන්නේ මරණය ගැනද
    විරහවට පෙම්බැඳි ඔබ හා
    ඔය දිදුල නයන යුගල අත්හල හැකිද
    පියවරෙන් පියවර මේ මහා ආත්මීය අනුකම්පාව
    අතරින් යාත්‍රා කරන්න, මගේ පෙම්බරයාන
    කෙදිනකවත් සිහින දකින්න අමතක නොකරන්න
    කෙදිනකවත් සුවඳ විඳීම අත් නොහරින්න
    මගේ සමනළයාන,
    ඔබේ ලෝකයේ මම මලක් වෙම්
    මගේ පුංචි තාරකාව,
    ඔබේ ලෝකයට මම ආදිත්‍ය වෙම්
    රමණීය වන උයනෙහි අනන්තය දක්වා
    රැව්දෙන්න අපේ හඬ
    හදවතේ දොරගුළු විවර කරනු වස්
    මගෙන් ඔබට හර්ද සුත්‍රයක්
    සමුගැන්මේ උදුල බලයෙන් ඔබට
    සමුදෙම් මම හදවතේ ඉඩ තබා


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ලස්සනට ලියලා තියෙනවා:yes:
    rep+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: daredevill

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට මචෝ.... ඇත්තටම මැෂින් වගේ හිතන්නැති මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියන එකට උඔ හොද සාධකයක් බං....:D:D