ඇත්ත කෙටියෙන්
Whey Protein හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.
Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ‍්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්‍ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප‍්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි.
එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.