ප්‍රේතයන් හඳුනාගනිමු
ප්‍රේතයන් හඳුනාගනිමු
පූජ්‍ය බටපොළ කෝලිත හිමි
ශාන්ති විහාරය, අතරගල්ලෑව
සත් වර්ගයකට බෙදෙන ප්‍රේතයන්ගේ ගති ස්වභාව පැහැදිලි කැරෙන ලිපියකි.
සැදැහැවත් බෞද්ධයන් විසින් සත්පුරුෂ පින්කම් කොට, එම පින්කම් බලයෙන් සතර අපායෙහි නූපදීවායි ප්‍රාර්ථනා කිරීම නිතැතින් ම සිදු වන්නකි. මෙවැනි උතුම් ප්‍රාර්ථනා තව-තවත් ධර්මච්ඡන්දයෙන් කිරීමට සතර අපාය පිළිබඳ ව තේරුම් ගැනීම ඉවහල් වේ.
‘ප්‍රේත’ යන වචනයට අටුවාවෙහි අර්ථ දැක්වීම මෙසේය: “පකට්ඨේන සුඛතෝ ඉතෝ ගතා ති පේතා.” ‘උත්පත්ති ස්වභාවයෙන් ම සැපයෙන් ඉවත් වූ’ යන අර්ථය එසේ සඳහන් වේ. මේ ප්‍රේතයන් ද කර්මානුරූප ව කොටස් කිහිපයකට බෙදේ. නිජ්ඣාමතණ්හික, ඛුප්පිපාසික, පාංශුපිසාචක, පරදත්තූපජීවි, කාලකඤ්ජක, අට්ඨිසංකලික සහ මංසපිණ්ඩික යනුවෙනි.
නිජ්ඣාමතණ්හික: නිරතුරු ගින්නෙන් දැවෙන ප්‍රේතයන් මේ නමින් හඳුන්වනු ලැබේ. ඇතුළතත් පිටතත් නිරතුරු ගින්නෙන් ඇවිළේ. මෙසේ ගිනි දැල්වලින් දැවීමෙන් අවසන් වීමක් නැති ව දැවෙමින් මැරෙමින් කර්ම බලයෙන් නැවත ඉපදෙමින් නැවත දැවෙමින් කරගත් පාපකර්මය අවසන් වන තුරු එම ප්‍රේත භාවයෙන් යළි යළි උපදී. පණපිටින් සතුන් පිලිස්සීම, විස ද්‍රව්‍ය කලවම් කර සතුන්ට මෙන් ම මිනිසුන්ට ද කවා ජීවිත විනාශ කිරීම, අනුන් සතු දේපළ ගින්නෙන් දවා ලීම, අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් බාධා කර ඔවුන් දුකට පත් කිරීම ආදි පව්කම් කළ අය මනුලොවින් චුත වී අපායෙහි ඉපිද බොහෝ කලක් අපායෙහි දුක් විඳ ඉන් පසු ව මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිමින් එම දුකෙන් මැරෙමින් නැවත එහි ම ඉපදෙමින් දුක් විඳිති.
ඛුප්පිපාසික: මෙම ප්‍රේතයන්ගේ සිරුර ඇතුළත පමණක් ගින්නෙන් දැවේ. බුදු, පසේ බුදු, මහරහත් ආදි උතුමන්ට මෙන් ම සිල්වතුන්ට, මව්පියන් ආදි වැඩිහිටියන්ට නිග්‍රහ කරමින් කරදර පීඩා පමුණුවමින් ඒ අයට විපත් පිණිස කටයුතු කළ මෙන් ම යහගුණ දහම් නසමින් ලොව ජනයා අතරමං කර ඔවුන්ගේ ජීවිත පරිහානියට පැමුණුවූවෝ ද කුහකකමින් කපටිකමින් තමා සැප විඳින්නට උත්සාහ කරමින් අන් අයගේ සැපය සොරාගත් අය ද එම කර්ම බලයෙන් අපාගත වී බොහෝ කල් ගෙවා මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.
පාංශුපිසාචක: බෙහෙවින් අපිරිසිදු ස්ථාන වන අසූචි වළවල්, දුගඳ හමන කුණු ගොඩවල් ආදි ස්ථානවල ඉපදී, එහි ඇති සෙම සොටු ජරාවට පත් වන අසූචි කුණු ආදි දෑ ආහාරයට ගනිමින් බොහෝ කාලයක් දුක් විඳින ප්‍රේතයෝ මේ නමින් හැඳින්වෙති. මනුලොව ඉපිද අනුන් මුළා කර, ඔවුන් සතු දේ පැහැරගෙන, එමෙන් ම සමඟියෙන් ජීවත් වන අඹුසැමියන් භේද කර, පවුල් ජීවිත කඩාකප්පල් කර, විවිධ බොරු පොරොන්දු දී අනුන් සතු වස්තුව ලබාගත් අය එම කර්ම බලයෙන් ගුථ නරකයෙහි ඉපිද බොහෝ කාලයක් දුක් විඳ, ඉන් චුත වී මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.
පරදත්තූපජීවී: ජීවත් ව සිටින තම ඥාතීන් අනුමෝදන් කරන පින් අනුමෝදන් ව එම පුණ්‍ය බලයෙන් ප්‍රේත ලොව ඇති දුකෙන් ඉවත් ව සැපතට පත් වී ජීවත් වීමට ශක්තිය ඇති ව උපදින ප්‍රේතයෝ මේ නමින් හැඳින්වෙති. මනුලොව ඉපිද තම දූදරුවනට මව්පියන්ට තම යුතුකම් ඉටු කිරීමේ සත්පුරුෂ සිතින් ඥාතීන් කෙරේ ඇල්ම උපදවාගෙන ජීවත් වන යම් පුද්ගලයකු හදිසියේ නොසිතූ මොහොතක මිය පරලොව ගියේ නම් එවන් අය ද තම ජීවිතයේ අන්තිම කාලයේ වත් තමා සතු දේපළ මිල-මුදල් දූ-දරුවන් ආදි වස්තු පිළිබඳ අධික ආශාව අතහැරගැනීමට නොහැකි ව ලෝභ, ක්‍රෝධ සිතැති ව ජීවත් වී මිය ගිය අය ද මේ ප්‍රේත ලොව උපදිති. අප පින්කම් කර අනුමෝදන් කරන පුණ්යබලයෙන් සැපවත් වීම සේ ම සුගති භාවයට පත් වීමටත් මෙම ප්‍රේත කොට්ඨාසයට හැකියාව ඇත. එහෙත් සුදුසු පරිදි පුණ්‍යානුමෝදනා කිරීමට කිසිවකු නැති වුව හොත්, ප්‍රේත භවයෙහි දුක වැඩි වී තවත් දුක් සහිත භවයකට පත් වී, කෙමෙන් කෙමෙන් අකුසල අන්ධකාරය බලවත් වී අපාගත වීමේ අවදානමට ද මෙම ප්‍රේතයෝ මුහුණ දෙති.
කාලකඤ්ජක: බෙහෙවින් තද සීතල නිසා ශරීරය අයිස් මෙන් සීතල වී, අධික වේදනාවෙන් පෙළෙමින්, කෑගසමින් එහෙට මෙහෙට දුවන විට අයිස් ගැලවෙන්නාක් මෙන් ශරීරයේ කොටස් ගැලවෙමින් වැටෙන, කර්ම ශක්තියේ බලය නිසා ගැලවුණ ශරීරයේ කොටස් නැවත නිර්මාණය වන ප්‍රේතයන් ඉන්නා තැන මේ නමින් සඳහන් වේ. තම විවාහක ස්ත්‍රියට යුතුකම් පැහැර-හැරි අය, දරුවන්ට යුතුකම් ඉටු නොකළ අය, ස්වාමියාට නොසලකා ගර්හා කළ ස්ත්‍රීහු, දරුවන් අතරමං කරමින් ජීවත් වූ අය, අනුන් සතු ස්ත්‍රීන් දූෂණය කිරීම, මත්ද්‍රව්‍යන්ට දුරාචාරයන්ට අනුන් හුරු කරමින් අණවින කොඩිවින, යන්ත්‍ර-මන්ත්‍ර, වස් කවි ආදියෙන් අනුන්ට හිංසා කිරීම යන පාප කර්ම කළ අය නිරයෙහි දුක් විඳ පසු ව මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.
අට්ඨිසංඛලික: සැතපුම් ගණන් දිගු ශරීර ඇති, ඇටසැකිල්ල පමණක් ඇති, ලේ මස් නහර නැති, ඇට ඇතුළෙන් එන තද වේදනාවෙන් දිවා රාත්‍රී විලාප තබමින් කෑගසන ප්‍රේතයන් ඉන්නා තැන මේ නම් වේ. සත්ත්ව ඝාතනය කර මස් කටු පවා තෘෂ්ණාවෙන් රස විඳිමින් මසට ලොල් ව ජීවිත ගත කළ අය, මිනිසුන්ට දරුණු ලෙස හිංසා කරමින් ශාරීරික වේදනා දුන් අය, ඥාතීන්ට කුරිරු ලෙස උපහාසාත්මක ලෙස හිංසා කළ අය, මත්ද්‍රව්‍ය පානයට ලොල් වෙමින් අන් අය ද ඒවාට හුරු කරමින් මනුෂ්‍ය ප්‍රජාවට දුක දුන් අය, තම රාජකාරිය අවංක ව ඉටු නොකර ඒ වෙනුවෙන් අල්ලස් ගත් අය, තමන්ට හැකියාව තිබිය දී දෙමාපියන්ට වැඩිහිටියන්ට නොසැලකූ අය, එම අකුසල කර්ම බලයෙන් නිරයේ බොහෝ කාලයක් දුක් විඳ, මෙම ප්‍රේත අපායෙහි පසු ව ඉපදෙති.
මංසපිණ්ඩික: ඉතා දුගඳ හමන මෙම ප්‍රේතයන්ගේ ශරීර කුණු වී ගිය මස් ගොඩක් මෙනි. මෙම ප්‍රේතයන්ට තම ශරීරය ලෝදිය හැළියක දමා තම්බන්නාක් මෙන් තද වේදනා දැනේ. පණ පිටින් සතුන් වතුරේ දමා තම්බා මස් කෑ අය, පණ පිටින් සතුන්ට තළා මස් ඉදිමී ගිය පසු මස් කෑ අය, දෙමාපියන්ට වද දුන් අය, දරුණු වචනවලින් අනුන්ගේ සිත් රිදවූ අය, කුහකකමින් අනුන්ගේ සැපයට බාධා කරමින් අනුන් දුකට පත් කළ අය, එම අකුසල කර්ම බලයෙන් අපායෙහි ඉපිද, පසු ව මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.
මේ ප්‍රේත ලෝක පිළිබඳ විමසා බලද්දී මිථ්‍යා දෘෂ්ටියේ ඇති බරපතළකම පෙනී යයි; දානාදි කුසල කර්මයන්හි නොයෙදී දරුවන්ට වස්තුවලට, ඉඩම්වලට ලෝභයෙන් ජීවත් වීමේ ආදීනව පෙනී යයි; තමා පමණක් සැප විඳිමින් අනුන් ගැන නොසලකා ජීවත් වීමේ පිරිහීම පෙනී යයි; අන් අය කරන හොඳ දේවලට ගැරහීමේ විපාක තේරුම් යයි; අනුන්ගේ හැකියාව වස්තු සම්පත් මෙන් ම අනුන්ගේ හොඳ ලෝකය කියනු අසා සිටිය නොහී විවිධ උපක්‍රම මගින් අන් අයගේ ගුණ විනාශ කිරීමේ භයානක බව තේරුම් ගැනීමට පිළිවන.
මෙම ප්‍රේත ලෝකවල ඉපදීමට මූල කාරණා විමසද්දී පන්සිල් රැකීමෙන් ඈත් වී, පඤ්ච දුශ්චරිතයට හුරු වීමත්, තෙරුවන්ට මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට අගෞරව කිරීමත්, පීඩා කිරීමත්, වෙහෙර විහාරස්ථාන සතු දේ සොරකමින් පරිභෝග කිරීමත්, විශේෂයෙන් දක්නට පුළුවන.
‘පේත වත්ථු වර්ණනාව‘ නමැති පොත කියවීමෙන් මේ පිළිබඳ තවත් තතු- විත්ති දත හැකි ය
namaskara ඩොට් LK

Last edited:

මොකෝ බන් මේ උදෙ පාන්දරම භූතයෝ අල්ලන්න හිතුනේ....!
මම භූතයෙක් දැක්කා බන්
joke 