ප්‍රේමකීර්ති වමතින් කවි ලියයි

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ප්‍රේමකීර්ති වමතින් කවි ලියයි

    ගොඩාක් කාලෙකින් තමයි එළකිරි එකට ලොග් උනෙත් ඉතින් ඒකට හේතුවක් උනේ ප්‍රේමකීර්ති අප අතරින් සමුගත් දවස නොදැනුවත්වම මා විසින් ගෘප් එකක ඔහු ගැන යම් සටහනක් තැබීමයි. ඉතින් ඔහු ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් ඉතාම කෙටියෙන් ඔහු ගැන මේ සටහන තියන්න හිතුනා ඔහු ගැන කතා කරන්න හොදම දවස අද කියලයි මට හිතෙන්නේ


    හිමගිර මට වැලි අහුරකි
    මහා සමුදුර දිය රැල්ලකි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්


    සමරවීර මුදලිගේ දොන් ප්රේ මකීර්ති ද අල්විස් වර්ෂ 1947 ජූනි 3 වැනිදා කොළඹ දී උපත ලැබීය.

    පියා සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස්

    මව මැස්ටිගේ දෝන ආමරදී ගුණතිලක

    කොළඹ ආනන්ද විද්යාොලයට ඇතුළු වූ ප්රේ්මකීර්ති 1963 දී අධ්යකන පොදු සහතික පත්රෙ පෙනී සිට ඉන් සමත් විය

    1961 සිට ඔහු ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ කටයුතු කළේය

    1967 ඔහු සහන නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ද වී 1971 දෙවෙනි ශ්රේ ණියේ නිවේදකයෙකු ලෙසද 1974 එම තනතුරෙහි ස්ථිර කරන ලදී

    ඔහුගේ ප්ර9ථම විවාහය ගුවන් විදුලි මාධ්ය වීදිනියක් වන දයා ද අල්විස් සමග සිදු විය

    සිය ප්රහථම විවාහය දෙදරීමත් සමග දයගෙන් ද්ක්කසාද වූ ඔහු වසර ගනනන්වක් තනිකඩයෙකු මෙන් ජීවිතය ගත කලේය

    1986 දී පමණ නිර්මලා ද සිල්වා මෙනවිය නැවත විවාහ විය

    මේ රට අරාජික කාලයක 1989 ජුලි 31 එනම් අද නම් දවසක රාතීරතනියෙදී නාදුනන තුවක්කුකරුවෝ පිරිසක් ඔහුව ගෙයින් එලියට කැදවාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කොට දැමුහ.