ප්‍රේමදාස ගහපු සල්ලි එලියට
පන්සල්වලට රු. 50,000 බැගින් දෙන්න සජිත්ට සල්ලි ලැබෙන ආකාරය සොයා බැලිය යුතුයි. - හෙළ උරුමය
2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 19:18 Sri Lanka Mirror Editor
2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජාතික හෙළ උරුමය කුමක් කරන්නේදැයි එජාප හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහකා ප්‍රශ්න කර ඇති බවත්, එසේ ප්‍රශ්න කරන සජිත් පේ‍්‍රමදාස මහතා සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් 'සසුනට අරුණ" නමින් ජාතික වැඩසටහනක් අරඹා ඇති බව ප්‍රකාශන
කරන ඔහු මේ වන විට පන්සල් ගානේ යමින් රුපියල් 50,000ක් බැගින් බෙදා දෙන බවත්, පෞද්ගලිකව හාමුදුරුවන්ගේ අතට රුපියල් 50,000 බැගින් දීමෙන් සසුනට අරුණක් දෙනවා යැයි ඔහු සිතනවා නම් එය විශාල ප්‍රෝඪාවක් බවත්, ජාතික හෙළ උරුමයේ මධයම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමියන් පවසති. උන්වහන්සේ එම කාරණය සඳහන් කරනු ලැබුවේ අද (18) පස්වරුවේ ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැඩිගල්ලේ විමලසාර හිමියන් මෙසේ පැවසීය.
‘අපේ රටේ පන්සල් 9000ක් පමණ තියෙනවා. ඒ හැම පන්සලකටම රුපියල් 50,000 බැගින් බෙදුවොත් රුපියල් ලක්ෂ 4500කට වැඩි මුදලක් වැය වෙනවා. අපි ප්‍රශ්න කරන්නේ මෙතරම් මුදල් කන්දරාවක් ඔහුට ලැබුණේ කොහොමද කියන කාරණයයි. දැන් මේ රටේ මිනිස්සු මේ සම්බන්ධයෙන් කතා බහ වෙන්න පටන් අරන් සමහර අය කියනවා සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ රට පුරාම නිධන් මංකොල්ලයක් සිදු වුණා. අපේ පෞරාණික සිද්ධස්ථානවල එම නිධන් මංකොල්ලය බහුලව සිදුවූ බව කවුරුත් දන්නා කාරණයක්. සමහර විට මේ පවු ගෙවා ගන්න මේ විදියට පන්සල්වලට ගිහින් රුපියල් 50,000 ගානේ දෙනවා කියලා හිතන්න පුළුවන්.
ඒ කොහොම වුණත් මෙතරම් මුදල් කන්දරාවක් ලැබුණේ කොහොමද කියලා සෑම දෙනා තුළම සැකයක් තියෙනවා. මේ කැසිනෝ සල්ලිද, ඉවෙන්ජලිකල් ආගමික නිකායවලින් ලැබුණු මුදල්ද, එසේත් නැත්නම් වර්ල්ඞ් විෂන් වැනි ක්‍රිස්තියානි මූලධර්මවාදී රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබුණු මුදල්ද අපි දන්නේ නැහැ."
ඒ නිසා මෙම කාරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

lol katha kiyawanna epa oiii