ප්‍රේමය හා සරණ බන්ධනය

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ප්‍රේමය හා සරණ බන්ධනය

    ප්‍රේමය හා සරණ බන්ධනය අතර බැලූ බැල්මට දැකිය හැකිවන්නේ අත්‍යන්ත බැඳීමක් වුවද යථාර්ථය වන්නේ ප්‍රේමයේ තිබූ සෞන්දර්ය හා එකිනෙකා පිළිබඳ අවධානය පමණක් නොව, ගරුත්වයද ගිලිහී යන්නේ අප නොදැනුවත්වම බවයි. විවාහය නම් වූ නීතිමය බන්ධනය ලොව ඇති නරකම බන්ධනය වන්නේ එබැවිනි.

    "වැටීගෙන මින් පස්සේ, එන්නෙපා මං පස්සෙ"

    ඔබ කිව්ව මහ සද්දෙ හැමෝටම ඇසුණා

    ඒ දෝංකාරයට පය ගසා සිටි පඩිය

    හෙල්ලුණා දැනුණා; මාව පඩිපෙළෙන් ඇදවැටුණා

    දෙවියනේ කියාගෙන දුව ආව

    සුදු ගවුම පැහැදිලි ව පෙනුණා

    එතැන් සිට අපට අපි දැනුණා

    ප්‍රේමය පටන් ගැනෙන්නේම වැටීමකිනි. අවසන විවාහයෙන් මෙය කෙළවර වෙයි. දරුමල්ලන් ලැබූ පසුව බිරිඳ උයයි පිහයි. සැමියා රූපවාහිනිය නරඹයි. දරුවා ඇඳෙන් වැටෙයි.

    "හැමදේම ගෙනත් දාලත් ගෙදර

    පොඩි එකී බලාගන්නත් බැරි ද ගෑනියේ"

    මහ හඬින් පුපුරාපු මගෙ වචන වල කැබලි

    එහා ගෙයි සාලයට වැටුණා.

    ඔබේ ඇස් විසල් වී

    වේදනා බිඳක්වත් නොවැටෙමින් ගල් ගැසී තිබුණා

    ඒත් ඔබ එතැන් සිට හෙමි හෙමින් වැටුණා

    යළිත් මට ඔසවන්න නොහැකි ලෙස

    පෙනිපෙනි ම වැටුණා.

    ...මාතෘකා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒත් ඔබ එතැන් සිට හෙමි හෙමින් වැටුණා