ප්‍රොමිතියස්
Titan Prometheus
ග්‍රීක පුරාවෘත්ත වල කියවෙන විදියට අයිඇපටස් සහ ක්ලෙමීන් කියන ටයිටන් යුවලට හිටියා එම්පමෙතියස්, ඇට්ලස්, මෙනෝටියස් හා ප්‍රොමිතියස් කියලා පුත්තු හතරදෙනෙක්.Titan Prometheus
මේ හතරදෙනාගෙන් ප්‍රොමිතියස් සහ එම්පමෙතියස් කියන්නේ නිවුන් සහෝදරවරු.
ඔයාලා අහලා ඇති නේ දෙවිවරුයි ටයිටන්ලයි අතරේ යුද්ධයක් තිබුනා කියලා. ඉතින් මේ යුද්ධෙදී එම්පමෙතියස් ප්‍රොමිතියස් දෙන්නා සියුස්ගේ හමුදාවට එකතු වෙලා අනිත් ටයිටන්ලට විරුද්ධව යුධවැදුනා. අන්තිමේදි දෙවිවරු යුද්ධේ දිනලා ටයිටන් හමුදාවට දෙන දඩුවම විදියට එයාලව ටාටරස් වලට පිටුවහල් කරා .
සියුස්ට යුද්ධෙ දිනන්න ප්‍රොමිතියස් සහ එම්පමෙතියස් දුන්න සහයෝගේ නිසා සියුස් මේ දෙන්නා ගැන බොහොම පැහැදීමකින් තමයි හිටියේ.
යුද්ධෙන් පස්සේ අනිත් දෙවිවරු ඔලිම්පස් වල ජීවත් වෙන්න ගියත් මේ දෙන්නා කැමති වුනේ පෘතුවියේ ජීවත් වෙන්න.
පුරාවෘත්ත වල ප්‍රොමිතියස් සැලකෙන්නේ ගින්නට අධිපති දෙවියන් විදියට. එවගේම මෙයා දක්ෂ මැවුම් කරුවෙක් වගේම කපටි මොළයක් තියන කෙනෙක් විදියට ඔලිම්පස් වල ප්‍රසිද්ද වෙලා හිටියේ.
දවසක් සියුස් මේ සහෝදරයන් දෙන්නට දුන්නා ලොකු අභියෝගයක්. එ තමයි පෘතුවියේ සතුන් නිර්මාණය කරලා එයාලට දෙවියන්ගේ ගති ලක්ෂණ ලබා දෙන එක.
ඉතින් මේ දෙන්නා මේ අභියෝගය බාරගෙන ඇතීනා දෙවගනගේ උදවුත් අරගෙන වැඩේ කරන්න පටන් ගත්තා.
එම්පමෙතියස් එක එක විදියේ සතුන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. සමහර සතුන්ට පියාබන්න පුලුවන් සමහර සතුන්ට වතුර යට ඉන්න පුලුවන් සමහර සත්තුන්ට ගස් නගින්න පුලුවන්. මේ වගේ එක එක ගති ලක්ෂන තියන එක එක විදියේ සත්තු එම්පමෙතියස් නිර්මාණය කරගෙන යනවා.
එත් ප්‍රොමිතියස් මැටියි මඩයි ටිකක් අරගෙන උඩුකයක් අඹන්න පටන් ගන්නවා. ටිකකින් අත්දෙකක් ඊට පස්සේ ශක්තිමත් කකුල් දෙකක්, දීප්තිමත් ඇස් දෙකක් අඹන්න පටන් ගන්නවා. අවසානයේ බලද්දි ප්‍රොමිතියස්ට පෙන්න තියෙන්නේ දෙවියන්ගේ රුවට සමාන ලස්සන මැටි රුවක්.
ප්‍රොමිතියස් ඉතාමත් හොදින් මේ නිර්මෙණේ නිම කරපු නිසා ඇතීනා දෙවගන සෑහීමකට පත් වෙලා මේ නිර්මාණෙට ජීවය ලබා දෙනවා.
ඉතින් මේ විදියට ප්‍රොමිතියස් හා ඇතීනා දෙවගන පලවෙනි මිනිසා නිර්මාණය කරනවා.
දැන් ප්‍රොමිතියස් තමන්ගේ නිර්මාණෙ වුන මිනිසුන්ට දෙවියන් සතු ලක්ෂණයක් එ කියන්නේ හැකියාවක් ලබා දෙන්න බලනවා. එත් මේ මේ නිර්මාණය කරන්න ගොඩක් වෙලා ගිහින් තිබුන නිසා එම්පමෙතියස් තිබුනු හැකියාවන් හැම එකක්ම සතුන් අතරේ බෙදලා දීලා. මිනිස්සුන්ට දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.
මේක දැකපු සියුස් හයියෙන් හිනා වෙලා මුන් දෙවියන් වගේ පෙනුනත් කිසි හැකියාවක් නැති පිරිසක්. මුන් හැමදාම ඔලිම්පස් දෙස බලාගෙන අපිව වන්දනාමාන කරන්න සලස්වමු කියලා හෙන නෝන්ඩියක් දැම්මා.
ප්‍රොමිතියස් මේ නිසා හෙන අවුලෙන් හිටියේ. එයා හිතුවේ එයාගේ නිර්මානේ මීට වඩා වැදගත්, එවගේම මීට වඩා විශාල අරමුණක් තිබෙන බවයි. ඉතින් ඒ නිසා එයා එයාටම පොරොන්දු වුනා පුලුවන් හැම වෙලාවෙම මිනිසුන්ට කොහොම හරි උදවු කරන්න පුලුවන් හැම දේම කරනවා කියලා.
සටහන - @chatura_CN
මීලග කොටස - ප්‍රොමිතියස්ගේ දඩුවම
කලින් ටික
දෛවයේ සහෝදරියන් තිදෙනා
Last edited: