ප්ර.ජා.සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ &#
ප්ර.ජා.සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ
නායකකමට අනුර කුමාර අර්ජුන කුළල් කන හැඩ
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුර කුමාර දිසානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් අතරේ ගැටුමක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා ඒ තනතුරේ මීට පෙර කටයුතු කළේය. ෆොන්සේකා මහතාට හිතවත් අය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක තනතුරට පත් කිරීමට උත්සහ දරන අතර, ජනතා විමුක්ති පෙරමුණේ අය අනුර කුමාර දිසානායක මහතාට ඒ තනතුර ලබාදීමට කටයුතු කරති.
සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වූ අවස්ථාවක ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ඉකුත් මහ මැතිවරණයේ දී කොළඹ දිසාවට තරග කළ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයා ලෙස පත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ගණන පස් දෙනකු දක්වා වැඩිවන අතර ෆොන්සේකා මහතාගේ කණ්ඩායම මන්ත්රීවරුන් දෙදෙනා දක්වා පහළ බසිනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ සියලු කරුණු හොඳින් දැනගෙන මේ කාර්යයේ නියැළී සිටින අතර ඔවුන් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටිනවාය යන ප්රචාරය සැබෑවක් නොවන බව මින් පැහැදිලි වන්නේ යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ponsekage seat ekatai dan pore 