පාක්‍යමූර්ති ගේ සමීක්ෂණයෙත් මහින්ද ඉදිර&

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    පාක්‍යමූර්ති ගේ සමීක්ෂණයෙත් මහින්ද ඉදිර&

    පාක්‍යමූර්ති සරවනමුත්තු විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවට අනුව ද මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට අයත් සමාජ සමීක්ෂණ ආයතනය වන "සෝෂල් ඉන්ඩිකේටර්ස්" මගින් මෙ‍ම සමීක්ෂණය සිදුකර ඇති අතර මෙහිදී මහින්ද රාජපක්ෂ 54% කින් ජයග්‍ර‍හණය කරන බවත් සරත් ෆොන්සේකාට හිමිවන්නේ 46% ප්‍රතිශතයක් බවත් අනාවරණය වී ඇත.

    මෙම සමීක්ෂණ ප්‍රතිඵලය සමග නොසන්සුන්තාවයට පත්ව ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යයක්ෂ පාක්‍යමූර්ති සරවනමුත්තු අදාල සමීක්ෂණ වාර්තාවේ තොරතුරු මාධ්‍යට අනාවරනය නොකරන ලෙස නියෝග කර ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ. සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබදව රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකාව දැනුවත්කර ඇති බවත් එහිදී මහත් කලබලයට පත්වූ ෆොන්සේකා පවසා ඇත්තේ වහාම ප්‍රතිඵලයේ අවසන් අගයන් තමන්ට වාසිවන ආකාරයට වෙනස්කර මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස දන්වා ඇති බවත් දැනගන්නට ලැබේ.

    මේ අනුව ඉදිරි දිනයකදී වෙනස් කළ අගයන් සමග සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන බව දක්වමින් මෙම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත.

    source = www.sfbalakaya.com
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ethokata eeye news wala daapu mahinda 62% SF 38 kathaawada mekada aththa??

    naththam FB ekey mahinda 72% sf 28 kathaawada aththa??

    Boru danne epaa oi...depaththenma opinion polls me dawas wala danne Floating voters la puluwan tharam addawa ganne....ehenam mechchara viyadam karala chande thiyanne oneyda??
     

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඇයි බං ඔය පාකියසූති සරවනමුත්තුට ඔච්චර කැත නමක් දාල තියෙන්නෙ? කවුද ඔය නම දැම්මේ?
     

    Similar threads