පාකින් ටිකට් ගැටළුවක් ...!!

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    අද උදේ (අටට විතර) බම්බලපිටිය සරස්වතී එකට ගිය උදේට කන්න ගන්න...අරගෙන යන්න ...
    වාහනේ නතර කරද්දී පාකින් ටිකට් කඩන ඩයල් එකක් ඇවිත් සල්ලි ඉල්ලුව...
    මම කිව්වා "මම පාර්සල් කරලා අරන් යන්න හදන්නේ , ඉන්නේ නැහැ කියල"

    බුවා එතකොට කියනවා නතර කලොත් සල්ලි ගන්න කියලලු එයාලට උපදෙස් දීල තියන්නේ...
    කොහොම හරි ඔය කතාව දිගට ගිහින් , මිනිහා කිව්වා ඉක්මනට ගිහිල්ල එන්න කියල...

    මට ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් හැත්තෑවක් දෙන එක නෙමෙයි...
    පාර්සල් එකක් ගන්න එන කෙනාගෙනුත් ටිකට් කඩන එක ..
    එකපාරක් කතාවක් ආව නේද විනාඩි දහයක් යනකන් චාර්ජ් කරන්න බැහැ කියල...

    අනිත් අතට හෝටලෙන් වරිපනම් , ටැක්ස් ඔක්කොම ගෙවන්නේ බිස්නස් එක කරගෙන යන්න,
    එහෙම තියෙද්දී කඩේට එන මිනිස්සුගෙන් වාහනේ නතර කරපු හැටියේම ගානක් කපන්න යන එක ඕකේද ..?
     
    • Like
    Reactions: Nalindax

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    නීතිය කොහොම තිබ්බත් ඔය මිනිස්සු බලන්නේ ඔය නීති දන්නේ නැති මුකුත් අහන්නේ නැති අයගෙන් ගානක් මාටියා ගහන්න.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,092
    113
    නීතිය කොහොම තිබ්බත් ඔය මිනිස්සු බලන්නේ ඔය නීති දන්නේ නැති මුකුත් අහන්නේ නැති අයගෙන් ගානක් මාටියා ගහන්න.

    True, happens everywhere - solution, know the law and never give in..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    විනාඩි 10ක් තියෙනවා.. පාර්කිං ටිකට් එක දෙන්න පුළුවන් ඊට පස්සේ
    එහෙමද නීතිය නැත්නම් , නවත්වනකොටම පාර්කිං ටිකට් එක දෙනවා , විනාඩි 10කට වඩා වැඩියෙන් හිටියොත් විතරයි ගෙවන්න ඕන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    එහෙමද නීතිය නැත්නම් , නවත්වනකොටම පාර්කිං ටිකට් එක දෙනවා , විනාඩි 10කට වඩා වැඩියෙන් හිටියොත් විතරයි ගෙවන්න ඕන
    මේක වෙන්න බෑ.
     
    • Like
    Reactions: hi.dushan

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    එහෙමද නීතිය නැත්නම් , නවත්වනකොටම පාර්කිං ටිකට් එක දෙනවා , විනාඩි 10කට වඩා වැඩියෙන් හිටියොත් විතරයි ගෙවන්න ඕන
    meka thamai wenna ona .. nathnam aru ena ena wahane balan inna wei.. 10 min yanskal.. kisi proof ekak nane
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය


    There is no law that requires a fee to be paid as soon as a vehicle is stopped. The first 10 minutes after a vehicle is parked are free,

    [...] a chit can be issued to record the time a vehicle is stopped. If the vehicle is stationary for more than 10 minutes, a fee of Rs. 70 will be charged.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    913
    490
    63
    එහෙමද නීතිය නැත්නම් , නවත්වනකොටම පාර්කිං ටිකට් එක දෙනවා , විනාඩි 10කට වඩා වැඩියෙන් හිටියොත් විතරයි ගෙවන්න ඕන
    Practically meka thamai hari...
    Enakota time eka dala ticket eka denawa.. yanakota ticket eke dala thiyena apu time ekath yanna hadana welawa wenakota paya gana calculate karala parking fee eka charge karanna puluwan.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මම ඉස්සර මාරම කැරි වැඩක් කරනවා පාකින් වලට. මම ඉස්සර නිතර යනවා පිටකොටුවෙන් පොඩි පොඩි බඩු ගන්න මගේ business එකේ වැඩ වලට. මම කාර් එක දාන්නේ පරණ Cargills එක ඉස්සරහා, ලක්සල ළඟ, එක්කෝ වරායේ තාප්පේ අයිනේ. කාර් එක රිවස් කරලා ඉස්සරහ පැත්ත හරෝල දාල මම ගිහින් වැඩේ කරන් එනවා. නවත්තනකොටම ඇන්ටි කෙනෙක් ඇවිත් ටිකට් එක වයිපර් එක අස්සේ ගහල යනවා ආපු වෙලාව ලියලා. මම ආයේ කාර් එකට එන්න කලින් ටිකක් එහාට වෙලා ඉඳන් බලනවා ඇන්ටි කොහෙද ඉන්නේ කියල. ඇන්ටි එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද ටිකට් කඩනවා. ඇන්ටි එහා කෙලවරට යනකන් ඉඳලා හෙමින් සැරේ පිරිපස්සෙන් වාහන අස්සෙන් ගිහින් හොරෙන්ම කාර් එකට නගිනවා, නැග්ග ගමන් ස්ටාර්ට් කරා, D එකට දැම්මා, දෙපැත්ත බැලුවා ඇරලා ගියා. එක්කෝ ඇන්ටි දකින්නේ නෑ, එක්කෝ ලෝකෙම තියන කුණුහරප ටික කියාගෙන ඇන්ටි බනිනවා. එක අතකට පව් කියලත් හිතෙනවා, ඒත් උන් සල්ලි ගන්නවා විතරයි, වාහනේ ආරක්ෂාව ගැන කිසි දෙයක් බලන්නේ නෑ. දවසක් මගේ කාර් එකේ පිටිපස්සේ silver badges ඔක්කොම ගලවන් ගිහින් තිබ්බා, එදා ඉඳන් ඕකුන්ට සත 5ක් දෙන්නේ නෑ.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,327
    113
    බුවා එතකොට කියනවා නතර කලොත් සල්ලි ගන්න කියලලු එයාලට උපදෙස් දීල තියන්නේ
    Upades dunnaa ekaa ekkan enna kiyapan.

    දවසක් මගේ කාර් එකේ පිටිපස්සේ silver badges ඔක්කොම දවසක් ගලවන් ගිහින් තිබ්බා
    Maha para haththa galopu ewun
    ------ Post added on Nov 25, 2025 at 6:27 PM