තලෙයිබාන් උන්ට බාමියන් බුදු පිලිම පුපුුරවපු ඵකේ පව් පල දීලා..අැමරිකාව බළලා ලවා කොස් අැට බානවා..
ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.
ඇෆ්ඝනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක් පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක් පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.
බාමියන් බුදු පිළිම ඉදිවීම
2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.
මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.
මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.
පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර
බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)
පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.
පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.
පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)
2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.
2003 වසරේ දී තලේබාන් ත්රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.