සොබාදහමේ තවත් අපුරූ නිර්මාණයක් "දේදුණු ගස"
රේන්බෝ යුකැලිප්ටස් Rainbow Eucalyptus
දැකපු ගමන්, ගහක තීන්ත ගාලා වගේ පෙනුනට මේ තියෙන්නේ ඇත්තම ගහක්. ලෙස වඩාත් ප්‍රචලිත වෙන මෙම ශාකය Eucalyptus deglupta නමැති ශාක විශේෂයට අයත්වන අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිවිගිනියා යන රට වල බහුලව දක්නට ලැබේ.
ශාකයක කදෙහි පොත්ත හැලීයාම සාමාන්‍ය සිද්දියක් උනත්, මෙම ශාකයෙහි විශේෂත්වය වෙන්නේ තැබිලි පැහැයට හුරු කදෙහි පොත්ත හැලුණු පසු කාලයත් සමග දීප්තිමත් කොළ, නිල්, දම්, තැබිලි සහ දුඹුරට හුරු රතු පැහැයට හැරීමයි.කදෙහි පොත්ත වරින් වර කදෙහි විවිද තැන් වලින් හැලීයාම සිදුවන නිසා විවිද ස්ථාන විවිද වර්ණ වලින් වර්ණවත් වීමෙන් දේදුන්නක මෙන් වර්ණ ගැන්වෙන නිසා මෙම ශාකයට Rainbow Eucalyptus නාමය ලැබී ඇත.
ඉක්මන් වර්ධනයක් පෙන්වන මෙම අපුරු ශාකය හොදින් වැඩුණු පසු උස අඩි 100-150 පමණ වන අතර කදෙහි විශාලත්වය අඩි 6-8 පමණ වේ.
උපුටාගැනීමකි
වීඩියෝව -
හොදයි කියලා හිතෙනවා නම් බම්ප් ඒකක් ාගෙන යන්න
මගේ අනේ තේඩ් බලන්න
1. අමුතු හෙන ගැහිලි
2. ඕරෝරා ගැන දැනගනිමු
3. මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද
4. රුසියාවේ මොස්කව්
5. ගින්නක් නැතුවම දුමක් නගිනවා
6. ලෝකයේ භයානක චීන පන්සල
