පාට සරුංගල්

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පාට සරුංගල්

    නෙතු ලෙළවනවා
    මුතු නලවනවා
    සතුට නෙළනවා
    හිතට හිතෙන්


    සෙනෙහස පිනවා
    මඳහස දෙනවා
    සුවඳට ළං වී
    වතට වතෙන්


    ආදර පටලා
    සාගර වටලා
    ඉඟිළී යනවා
    නිලම්ඹරේ


    තෝඩු අරුංගල්
    වාගෙ සරුංගල්
    ගෑ වී පා වෙයි
    කැළුම් ඉරේ


    සාද නිරන්තර
    සේද වනන්තර
    දෑල රකිනවා
    පෙමට පෙමෙන්


    ආල හැඟුම් බර
    ලෝල සිතුම් හර
    තාල නඟවා
    ළැමට ළැමෙන්


    සේල අඳිනවා
    මාල බඳිනවා
    පාට ලෝක මැද
    කෝඩු නොවී


    ඈතට යනවා
    මෑතට එනවා
    කූූඩු හදනවා
    ජෝඩු වෙවී

    හඳ පානේ
    දේදුනු යානේ
    ගී මුමුණනවා
    තොලට තොලෙන්


    මී රොන් පහසේ
    ගෑවී රහසේ
    හීන දකිනවා
    නිලට නිලෙන්


    පරණ සරුංගල්
    බිමට බහිනවා
    තැන් පත් වෙනවා
    මනස් නිවී


    අලුත් සරුංගල්
    උඩට නඟිනවා
    වරල් සළනවා
    වෙනස් වෙවී


    පී.ඩී.ඇම්. ආරියදාස