පාඨලීගේ FB එකටත් අබ සරණයි!

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පාඨලීගේ FB එකටත් අබ සරණයි!

    පාඨලීගේ FB එකටත් අබ සරණයි!

    6544437953.jpg


    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිල Facebook ගිණුම සහ Like page එක 'බ්ලොක් කර' ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කල විමසිමකදි අමාත්‍යවරයා සදහන් කළේ කිසිඳු හේතුවක් නොදක්වමින් මෙම නතර කිරිම සිදුකර ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් හරහා කරුණු විමසා ඇති අතර පරිපාලනය දන්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි.

    තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක පවසා සිටියා.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක තම පෞද්ගලික අදහස් හා මතය දැරීමේ නිදහස වල්මත්ව භාවිත නොකොට ආගමික සංස්කෘතික දේශපාලනික හෝ සමාජයීය වශයෙන් කිසිඳු අවැඩක් සිදු නොවන අයුරින් පවත්වාගෙන ගිය තම නිල Facebook ගිණුම හා FB පිටුව විසන්ධිකරවීම හා පසුපස යම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

    - See more at: http://lankanewsalert.com/?p=17167#sthash.fFKAp8k7.dpuf