
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකට වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.
පාඨලී චම්පික රණවක විසින් පවරා තිබූ නඩුවක තීන්දුව අවුරුදු 13කට පසු කොළඹ දිසා අධිකරණය විසින් අද (10) දිනයේ දී ලබා දෙමින් මෙම නියෝගය ලබා දුන්නා.
2010 ජනාධිපතිවරණ සමයේ චම්පික රණවක විදුලිබල අමාත්‍ය ලෙස කටයුතු කරන අතරතුර කතරගම නිවාඩු නිකේතනයකට ඇඳක් රුපියල් 80,000කට කොළඹ සිට ගෙන ගිය බවට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් ප්‍රකාශයක් කර තිබුණා.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එමගින් චම්පික රණවකගේ චරිත ඝාතණයක් සිදුව ඇති බවටත් අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රකාශය සිදුකළ රංජන් ජයලාල් සහ එය වාර්තා කළ මාධ්‍ය ආයතනය, මාධ්‍යවේදිනිය යන සියලු පාර්ශ්ව එම අසත්‍ය ප්‍රකාශයට වගකිව යුතු බවද ගරු අධිකරණයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
එමෙන්ම, එම සියළු පාර්ශ්වවලට අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ පාඨලී චම්පික රණවකට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසයි.
- https://hirunews.lk/424701/court-orders-kaduwela-mayor-to-pay-compensation-to-patali