නැකැත් රාල;16219416 said:මේක රස්සාවකට වඩා වැඩි යමක් සහෝ.. මම HSBC එකෙයි SLT එකෙයි වැඩ කරපු කාලෙ උදේට නැගිටලා මරන්න දක්කනවා වගේ යන්නේ..( trainer කෙනෙක් විදිහට වැඩ කරනකොට නම් එහෙම නෑ) දැන් මම මුලු දවසම ඉන්නේ මගෙ දුවයි වයිෆ් එක්ක.. අනික ඔයා රස්සවක් කරනවනම් දන්නවා ඇති කොච්චර කරත් අන්තිමේට අපිට මුකුත් නෑ. ලේසියට හොඳක් අහන්නත් නෑ.. නමුත් දැන් මගේ ලඟට එන අය මට පිං දීලා යන්නේ.. සමහරු දෑත් එකතු කරලා වැඳලා යනවා.. මම මගේ හිතට එකඟව කරන්න පුලුවන් උපරිම දේ ඒ එන අයට කරලා දෙනවා.. පුදුම මානසික නිදහසක් තියන්නේ.. ඉස්සර නිවාඩු දවසටත් ගෙදර ඉන්ඳන් කල්පනා කරන්නේ ඔෆිස් එකේ වැඩ.. හරිම stress full.. ඒත් දැන් එහෙම නෑ.. මට මගේ කියලා ජීවිතයක් තියනවා..
ලංකාව වගේ නිළියොයි, මොඩයෝයි, කුඩ්ඩොයි පාර්ලිමේන්තු යවන හරක් ඉන්න රටක උඹල ෆුල් ගොඩ..මේ දවස්වල දේශපාලකයෝ එහෙම එන්නේ නැද්ද?



