පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....
ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
ඕවා ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්
නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
ඇත්ත කතාව. හැබැයි volume එකත් එක්ක බැලුවම ඕක එච්චර දැනෙන ප්‍රශ්නයක් නෙවෙයි බං. මාසෙට කෝටි 60 නෙ. අවුරුද්දට 720 යි. මේකත් සම්පූර්ණ පාඩු කියන්න බැහැ. ඔය බවුසර් ගාණ සල්ලිවලට අරන් නඩත්තු කරලා, parking space හදලා/rent කරලා දිව්වොත් ඒත් අවුරුද්දට කෝටි 500-600 යනවා. Upfront financing එකයි, scrap liquidity එකයි බැලුවාම සමහරවිට ගන්නවාට වඩා ලාබ වෙන්නත් පුළුවන්.
අනිත් පැත්තට electricity board එකටයි, සංස්ථා, අමාත්‍යාංශ ටිකටයි, sri lankan එකටයි දීලා අය කරගන්න බැරි බොල් ණය එනවා අවුරුද්දකට කෝටි 17000 ක් විතර. පාඩු ලබන්න ප්‍රධාන හේතුව ඒවා. අනික ඉතින් ඔය හම්බෙන්නෙ නැති සල්ලිවලට හිලව් වෙන්න බැංකුවලින් ගන්න වෙන ණයට ගෙවන පොලිය. සත පහකට වැඩක් නැති හැත්ත ලොකු පුටුවලයි, හිඹිජ්ජො අවශ්‍ය ප්‍රමාණය වගේ 3 ක් විතර රස්සාවලටයි දාගෙන පඩි, වරප්‍රසාද, ot ගෙවන එක අනිත් කරුමෙ. අනික මුන්ගෙ supply network එකත් අමු ගූ කියලා කතාවක් තියෙනවා. පරංගියා කෝට්ටෙ ගියා වගේ බවුසර් පැදලා හැත්ත කිලෝමීටර් ගාණ වැඩි කරගෙන ගහනවා.
හැබැයි කැත නැතිව 2020 දි රුපියල් බිලියන 34 ක විතර ලාභයකුත් ලැබුවා.
