පාතාලයන්ගේ කෝටි 400ක ඉඩම් 12ක් -සැප කාර් 26ක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 20ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. අපරාධකරුවන් සතු පර්චස් 900ක පමණ ඉඩම් ද
    බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇතැයි ගුණසේකර මහතා කීවේය. මේ අපරාධකරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක් ද සොයා ගත් බවත්, මේ ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 260කට වැඩි මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසීය.

    ගෙවීගිය මාස දෙකක කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලදී අපරාධවලින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් ඉඩම් දොළහක් සොයාගෙන තිබෙන බවද
    මෙම ඉඩම් කැබලි 12 මුළු වටිනාකම රුපියල් මිලියන හාරදහසකට අධික බවත්, මෙම ඉඩම් මිලදී ගත් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පවසා සිටි හෙතෙම, තවත් කිහිපදෙනෙකු විදේශවල සැඟව සිටින බවද පවසා සිටියේය. මීට අමතරව අපරාධවලින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සොයාගත් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් එකසිය දෙකක් අනාවරණය කරගෙන තිබෙන බවත්, එම ගිණුම්වල රුපියල් මිලියන දෙදහස් හයසියයකට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වී තිබෙන බවත් කීය.


    මේ බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටී දහයකට ආසන්න මුදලක් තහනම් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව ද රුවන් ගුණසේකර මහතා පැවැසීය. මේ අතර අපරාධකරුවන් නීති වීරෝධීව ඉපයූ දේපළ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී පොලිසියට පැමිණිලි 110ක් ලැබී තිබෙන අතර, ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර එම දේපළ තහනම් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

    මේ අතර විදේශයන්ට පලාගොස් සිටින දරුණු ගණයේ අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටර්පෝල්) රතු නිවේදන ලබාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මේ දාහතර දෙනාම මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැනටමත් විමර්ශන අරඹා ඇති බව ද ප්‍රකාශ කළේය.

    නීතිවිරෝධී ආකාරයට උපයාගත් මුදල් තැන්පත් කළ ගිණුම් හිමියන්ගෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, තවත් පිරිසක් විදේශගතව සැඟව සිටින බවත් පැවසූ රුවන් ගුණස්කර මහතා, රතු වරෙන්තු නිකුත් කර තිබෙන සැකකරුවන් අතර, මෙම බැංකු ගිණුම් හා ඉඩම් මිලදීගත් පුද්ගලයන් කිහිපදෙනෙකුත් සිටින බවද සඳහන් කළේය.


    නීතිවිරෝධී ආකාරයට මුදල් උපයාගැනීම හා එම මුදල්වලින් දේපළ මිලදී ගැනීම පිළිබඳ තොරතුරු 1917 කෙටි දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා වෙනත් දූෂිත ක්‍රියා පිළිබඳ 1997 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

    එසේම 1917 දුරකථන අංකයට පසුගිය අගෝස්තු මාසය තුළදී තොරතුරු හයසිය හැත්තෑ එකක් ලැබී තිබෙන බවත්, ඉන් තොරතුරු එකසිය දහයක් මුදල් විශුද්ධිකරණයට අදාළ තොරතුරු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය මාසය තුළදී 1997 දුරකථන අංකයට තොරතුරු තුන්දහස් අටසීයක් ලැබී තිබෙන බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එමෙන්ම, විදේශවල සැඟව සිටින මෙරට තුළ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ පුද්ගලයන් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගෙවී ගිය මාස දෙකක කාලය තුළ රතු නිවේදන නිකුත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.




    goota sa underworld clean karama mama bahinna hitan inne local weed witaray bedanne

    matat hoda namak kiyannko daganna kattiya baya wena ekak :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔව් බන්....මගෙ යාලුවෙක්ට ලක්ශ 32 ට සෙට් වුනා ඉඩමක් පානදුරේ....කෝටියක් විතර වටිනවා. ඔහොම සීන් එකක් වගේ....දැන්යි මීටර් වෙන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්....මගෙ යාලුවෙක්ට ලක්ශ 32 ට සෙට් වුනා ඉඩමක් පානදුරේ....කෝටියක් විතර වටිනවා. ඔහොම සීන් එකක් වගේ....දැන්යි මීටර් වෙන්නෙ.

    එහෙනං රාජසන්තක වෙන්න බැරි නෑ අහු උනොත්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ පාර විදෙස් ණය වාරිකය නන් ගේමක්ම නෑ වගේ.
    selvarasa-pathmanathan-262f304e-dc22-42db-877e-28e216cefe0-resize-750.jpeg

    කුමරන් පද්මනාදන්
    මුගෙ බෑන්ක් අකවුන්ට් එකෙත් කොටි ගානක් තිබුනා, නැව් තිබුනා
    ඒ සල්ලිවලින් ලංකාව දියුනු කරයි කියලයි සිංහලු බලන් හිටියෙ.
    අමතකද???