පාතාලයේ ගෝඩ් ෆාදර්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,203
    2,207
    113
    නිහාල් අංකල්ට මම වරක් නිහාල් අයියා කීවෙමි.
    ඔහු මට බැන්නේය.
    ඒ වැලිකඩ හිරගෙදර භයානක තුන්මහල් චැපල් වාට්ටුවේ බිම්මහලේ අඳුරු කුටියක ඔහු වසා දමා සිටියදීය.

    මා එදා එහි ගියේ සිරසේ ගිය වසූදා ටෙලිනාට්‍යයේ රඟපෑමටයි.එදා මා රඟපෑවේ ජනක කුඹුකගේ නම් අතිදක්ෂ රංගවේදියා සමගිනි.
    නිහාල් කියා සිටියේ ඔහුට නිහාල් මාමා හෝ නිහාල් අංකල් කියා කියනෙ ලෙසයි.
    ඔහු අපේ තාත්තලාගෙ වයසට කිට්ටු අයෙකි.
    "ඔයා මට අයියා කියන්නෙ කොහොමද .. ඔයා ඉපදෙන්න ඉන්නකාලෙ එඩ්වඩ් අයියව (අපේ තාත්තව) මං තමයි මෝටර් සයිකලේ දාගෙන කාසල් එකට එක්කං ගියේ.ඔයාගෙ තාත්තිගෙ කාර් එක ඒ දවස්වල අපේ ගෙවල් ගාව ගරාජ් කරල තිබුනෙ.."
    හෙල පාතාලයේ ගෝඩ් ෆාදර් හෙවත් නාවල නිහාල් හෙවත් ලංකා Don ලෙස හැඳින්වුනු කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ අපේ අල්ලපු ගමේ මිනිහෙකි.
    නිහාල් මාමා 1966 දී කොල්ලුපිටියේ තැබෑරුම් මංකොල්ලය දෙද්දී මා ඉපදිලාවත් නැත.ඔහු එහි දෙවෙනි නොහොත් තෙවෙනි විත්තිකරු විය.

    කෝටිපති ගෝඩ් ෆාදර් වුනාට නිහාල් මට තාමත් රුපියල් දෙසීයක් ණයය.
    ඒ වරක් මා වැලිකඩ හිරගෙදරට දේශනාවක් සඳහා යද්දී මහ ගේට්ටුව ලඟ ටැංකිය යට ස්පෙෂල් විසිට් එකකට ගෙනත් තිබූ විටෙක, ඔහු මගෙන් ඉල්ලා සිටියේ..
    " පුතා අපේ ලොක්කගෙ ගෝලයෙක් ( නොයෙල් අයියාගෙ)එලියෙ මාර ගහ යට ඉන්නවා , ඌට බස් එකේ යන්න රුපියල් දෙසීයක් දීපං " අපේ ගෙදරිං ඒක ඉල්ල ගන්න " කියායි.නිහාල් එහෙමය.ඒ ඔහුගේ හැටිය.
    මං එලියේ සිටි චමියාට එදා දෙසීයක් දුනිමි.එය තාම ලැබුනේ නැත.

    නිහාල් මට ලොකු වීරයෙකු හෝ මා අදහන මිනිහෙකු නොවේ.
    නමුත් ඔහු අපට කුඩා කල සරුංගල් හදා දී ඇත. නාවල ඇලේ මාලු අල්ලන්නට ඔහුගේ වටිනා බිලී පිත්ත අපට දී ඇත.ඔහු පමණක් නොව ඔහුගේ මල්ලී එරිකාද කුඩා අප සමග එකට බිලී බාන්නට , සරුංගල් අරින්නට නාවල වෙලට බහී.
    බිලී කොක්කට ඇම ලෙස පණුවකු අමුමන්නට එරිකාට ඇත්තේ පුදුම දක්ෂ කමකි. එරිකා ඇම ගසන කොක්කක් අනිවාර්යයෙන්ම මාලුවෙක් ඩැහැගනී.අපි මාලුවාව ගොඩ අදින්නෙමු.එරිකා එතරම්ම පව්කාරයෙකි.
    අපි කිරුළපනය..එරික්ලා නිහාල්ලා නාවලය. ඔවුන්ට, නොයෙල්,මෝලි,ෂර්ලි කියා තව සහෝදරයන් කීපදෙනෙකු සිටියේය .
    එදා සිටම ඔවුන් ධනපතියන් විය. ඔවුන් ගමේ ප්‍රභූන්ව ඇසුරු කලහ.අපේ තාත්තලා සහ තව මිතුරන් ඔහු සමග අතේ දුරින් ඇයි හොඳයි කම් පැවැත්වීය. වෙසක් තොරණ් බලද්දීත්,දන්සැල් වඳිද්දීත් අපට ප්‍රයෝරිටි ලැබුනේ නිහාල් තාත්තාව දන්නා නිසාය.
    පසුකලෙක අම්මා අපට ඔවුන් සමග සබඳකම් පැවැත්වීමට තහනම් පැනවීය.
    ඔවුන්ද ලොකු වැඩ කරන්න පටන් ගති.

    322668686_1569494313479633_8762620687741554396_n.jpg

     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,232
    113
    ඔයා ඉපදෙන්න ඉන්නකාලෙ එඩ්වඩ් අයියව (අපේ තාත්තව) මං තමයි මෝටර් සයිකලේ දාගෙන කාසල් එකට එක්කං ගියේ.

    ලමය හම්බවෙන්නේ උගේ ගෑනිටනේ බන් මොන රෙද්දටද ඌ එඩ්වඩයව කාසල් ඇඩ්මිට් කරලා තියෙන්නේ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,077
    10,615
    113
    Kandy
    අපේ රටේ ඕනම පාතාලෙක ගෝඩ් ෆාදර් තමා ආණ්ඩුව. මෙක්සිකෝ වගේ නම් පවර්ෆුල් ඇති.