පාතාලෙ

AnuradhaRa

Well-known member
  • මිනී මැරුම්, කප්පම් ගැනීම් වැනි මැර ක්‍රියාවනට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයින් කිහිපදෙනකු ශ්‍රී ලංකාවෙන් ඉතාලියට පැනවිත් මිලානෝ නුවර හා අවට නගරයන් හි ජිවත්වන බවත් මොවුන් දැන් දැන් එම නගරවල ජිවත් වන අනෙකුත් සාමකාමී ශ්‍රී ලාංකිකයනට ද හිරිහැර කිරීමට පටන්ගෙන ඇති බවත් ඉතාලියේ පොලිසිය කියයි. ඝාතන කිහිපයකට මෙම පාතාල සාමාජිකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් හවුල් යැයි කියන ඉතාලි පොලිසිය එවැනි මැර ක්‍රියා කරන්න වුන් පසු පස පන්නයි. මුදල් හබ හා ඉඩම් ගනුදෙනු විසඳා ගැනීමට ද ඇතැම් පිරිස් මෙම පාතාල නායකයින්ගේ පිහිට පතන බවත් ඉතාලියට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ඇතැම් දේශපාලනාඥයන්ගේ ද මෙම පාතාල නායකයිනට උදව් ඇතිව ඔවුන් සමග විනෝද චාරිකා යන බවත් මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති. මෙවැනි පාතාල නායකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාවේ කළ මිනී මැරුම් කොල්ල කෑම් ඇතුළු මැර ක්‍රියා ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතාලි පොලිසියට දැනුම් දෙන්නේ නම් මෙවැනි මැරයින් පිළිබඳ ඉතාලි පොලිසිය නිරතුරු අවධානයකින් පසුවන බවත් මිලානෝ නුවර ලාංකිකයෝ කීයති.
     

    AnuradhaRa

    Well-known member
  • tlakiri.JPG