පාතාල කාරයො

ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    ලංකාවෙ මැරයො පාතාල කාරයො පිස්තෝල රිවෝල්වර් ගන්නෙ කොහොමද ලයිසන් අනම් මනම් නැතුව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ලංකාවෙ මැරයො පාතාල කාරයො පිස්තෝල රිවෝල්වර් ගන්නෙ කොහොමද ලයිසන් අනම් මනම් නැතුව
    හොර බඩු යකෝ. උඹ හිතුවද උන්ට ඕවා legally ගන්න පුකේ අමාරුවක් තියෙනවා කියලා. හමුදාවෙන්/පොලිසියෙන් පන්නපුවා, නැත්තන් හොර පාරෙන් ගෙන්නපුවා තමා උන්ගාව තියෙන්නෙ.
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    හොර බඩු යකෝ. උඹ හිතුවද උන්ට ඕවා legally ගන්න පුකේ අමාරුවක් තියෙනවා කියලා. හමුදාවෙන්/පොලිසියෙන් පන්නපුවා, නැත්තන් හොර පාරෙන් ගෙන්නපුවා තමා උන්ගාව තියෙන්නෙ.
    කවුරුත් දන්නවා ඕව ඉල්ලීගල් කියලා
    උබ හරි ලොකු දෙයක් කිව්වෙ. අනෙ පලයන් පොන්ස් :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලොන්නරුව හමුදා කඳවුරක ආයුධාගාරයෙන් අතුරුදන් වී ඇති T-56 ප්‍රහාරක රයිෆල් සොයා ගැනීමටත්, ඒ සඳහා වගකිව යුත්තන් හඳුනා ගැනීමටත් බහුවිධ පරීක්ෂණයක් දැනට සිදු කෙරෙමින් පවතී.

    ආයුධාගාරයෙන් T-56 ගිනි අවි 73ක් අතුරුදන් වී ඇති බව තහවුරු වී තිබේ. සිකුරාදා (23) වන විට බලධාරීන්ට ඉන් 36ක් සොයා ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, අතුරුදන් වූ අවි වලින් හරි අඩකටත් වඩා තවමත් සොයාගෙන නොමැත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) කේ.බී. මනතුංග මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන අතර, ඔවුන්ගේ පරීක්ෂණ අනුව 2019 මැද භාගයේ සිට 2020 මැද භාගය දක්වා වූ වසරක පමණ කාලයක් තුළ ප්‍රහාරක රයිෆල් හමුදා කඳවුරෙන් පිටතට ජාවාරම් කර ඇති බව සොයාගෙන තිබේ.



    පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මෑතකදී මවුන්ට් ලැවීනියා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී T-56 ප්‍රහාරක රයිෆල් 10ක් පමණ සොයා ගැනීමෙන් පසු මෙම සොරකම පළමුව හෙළිදරව් වී ඇත.

    බරපතල කනස්සල්ලට කරුණක් වන්නේ මෙම ගිනි අවි බොහොමයක් පාතාල කල්ලි ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත ලැබී තිබීමයි. මේ දක්වා සොයාගෙන ඇති ප්‍රහාරක රයිෆල් 36ම එවැනි කල්ලි වලට සම්බන්ධ සැකකරුවන්ගේ භාරයෙන් සොයාගෙන ඇති බව SSP මනතුංග තහවුරු කළේය.

    සමහර අපරාධ කල්ලි මෙම ගිනි අවි කුලියට ලබා දෙන බවද පොලිසිය විශ්වාස කරයි. ඒ අනුව, එකම අවිය අපරාධ කිහිපයක් සිදු කිරීමට යොදාගෙන ඇති බවට සැක කෙරේ.

    මේ අතර, පොලිසිය මෑතකදී සොයාගත් T-56 ගිනි අවි දෙකක් හමුදා කඳවුරේ ආයුධාගාරයෙන් සොරකම් කළ අවි තොගයට අයත්ද යන්න තීරණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. මෙම අවි වැලිකන්ද ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.



    පළමු අවස්ථාවේදී, ජනවාරි 11 වන දින පොලිසිය වැල්ලම්පිටියේදී පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබේ. ඔහු ලබා දුන් තොරතුරු මත පදනම්ව, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වැලිකන්ද වෙත ගොස් ජනවාරි 16 වන දින T-56 ගිනි අවියක්, මැගසින් එකක් සහ සජීවී වෙඩි උණ්ඩ 18ක් සමඟ අවුරුදු 53ක් වයස සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පොලොන්නරුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (CSD) සේවය කරන අයෙකු වන අතර වැලිකන්ද පොලීසියට අනුයුක්තව සිට ඇත. යුද්ධ සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් ගැවසුණු ස්ථානයකින් ප්‍රහාරක රයිෆලය සොයාගත් බවත්, එය නිවසට ගෙන ගිය බවත් සැකකරු පරීක්ෂකවරුන්ට පවසා තිබේ.

    පරීක්ෂකවරුන් අත්අඩංගුවට ගත් CSD නිලධාරියාගෙන් දින 90ක රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කර තිබේ. ඔහු පසුව ලබා දුන් තොරතුරු මත රුපියල් 200,000කට විකුණා ඇති බව කියන තවත් T-56 ප්‍රහාරක රයිෆලයක් සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම ගිනි අවිය ජනවාරි 18 වන දින වේලිඔය ප්‍රදේශයෙන් T-56 මැගසින් එකක් සහ සජීවී වෙඩි උණ්ඩ 11ක් සමඟ සොයාගෙන තිබේ. නීති විරෝධී ගිනි අවිය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවුරුදු 47ක් වයස සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැලිකන්ද, කලිංගවිල පදිංචි සාප්පු හිමියෙකි.

    මෙම සිද්ධි දෙකෙහිදීම, සොයාගත් ගිනි අවි වෙනත් අපරාධ සිදු කිරීමට යොදාගෙන තිබේද යන්න පරීක්ෂකවරුන් සොයා බලමින් සිටී.

    "බොහෝ රටවල් හා සැසඳීමේදී නීති විරෝධී ගිනි අවි සංසරණය අඩු කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත්, සංසරණය වන එක නීති විරෝධී ගිනි අවියක් වුවද වැඩියි, සෑම එකක්ම සංසරණයෙන් ඉවත් කර ගැනීමට අපි උපරිම උත්සාහය දරනවා," යැයි පොලිස් ප්‍රකාශක එකතු කළේය.



    මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක සහ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් පැවසූ පරිදි, හමුදා කඳවුරේ ආයුධාගාරයෙන් ගිනි අවි අතුරුදන් වූ ආකාරය පිළිබඳව හමුදාව සිය අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරමින් සිටී.

    "අපි දැන් පරීක්ෂණයක නිරත වෙමින් සිටිනවා. හමුදා කඳවුරක ආයුධාගාරයකින් මෙතරම් අවි ප්‍රමාණයක් අතුරුදන් වීම ඉතා බරපතල කාරණයක්," යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසීය. මෙම කරුණ ජාතික ආරක්ෂක මණ්ඩලයේදීද සාකච්ඡා කර ඇති බව ඔහු එකතු කළේය. "දැන් අපි සතුව ඇති අවි පිළිබඳව බරපතල සැලකිල්ලක් දක්වා තිබෙනවා. සියලු ආරක්ෂක පියවර ගෙන තිබෙනවා. මෙවැන්නක් නැවත සිදු නොවනු ඇති," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

    දැනට සේවයේ නියුතු පොලිස් හා ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන් සුළු පිරිසක් පාතාල සාමාජිකයන් සමඟ සම්බන්ධ වී සිටීම ද බරපතල කනස්සල්ලට හේතු වී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අඟහරුවාදා (21) පාර්ලිමේන්තුවේදී හෙළි කළේ මෑත දිනවල බලධාරීන් විසින් හමුදා මේජර්වරයෙකු, අනෙකුත් නිල 6ක්, පොලිස් නිලධාරියෙකු, සිවිල් ආරක්ෂක නිලධාරියෙකු, සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු සහ අපරාධවලට උදව් උපකාර කළ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    2024 සැප්තැම්බර් 23න් පසු නව රජය බලයට පත්වීමෙන් අනතුරුව සොයාගෙන ඇති නීති විරෝධී ගිනි අවි පිළිබඳ විස්තරද අමාත්‍යවරයා හෙළි කළේය. මෙම කාලය තුළ සොයාගෙන ඇති අවි අතර T-56 ගිනි අවි 7ක්, පිස්තෝල 10ක් සහ රිවෝල්වර් 14ක් ඇතුළත් බව ඔහු තවදුරටත් හෙළි කළේය. මේ අතර, හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3,847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක් සහ ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමයින් ('අයිස්') කිලෝග්‍රෑම් 759ක්ද මෙම කාලය තුළ සොයාගෙන ඇති බව ඔහු එකතු කළේය.

    මෑතකදී සිදු වූ ඇතැම් ඉහළ පෙළේ අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවල සහ පොලිසියේ දැනට සේවයේ නියුතු සාමාජිකයන් මෙන්ම හමුදාවෙන් පලා ගිය සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන තිබේ. මවුන්ට් ලැවීනියා ප්‍රදේශයේ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා පලායන්නෙකුද මේ අතර වේ. මේ අතර, යාපනයේ ආභරණ වෙළඳසැලක හිමිකරුවෙකුගෙන් රුපියල් මිලියන 3ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හත්දෙනා අතර හමුදා රියදුරන් දෙදෙනෙකුද සිටිති. එල්ටීටීඊය විසින් වළලා තිබූ රන් භාණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බවට තර්ජනය කර හිමිකරුගෙන් රුපියල් මිලියන 3ක් කොල්ලකෑමට මෙම කණ්ඩායම පොලිස් නිලධාරීන් ලෙස වේෂ ගන්වාගෙන සිටි බව කියැවේ. මෑතකදී මන්නාර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර දැනට සේවයේ නියුතු හමුදා සෙබළෙකුද සිටී.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    බේබිලාට දුන් බව කී පසු “ කොළඹට ගෙනා T 56 ගිනි අවි 76ක පරීක්ෂණය නතර කළේ ජෙනරාල් කමල් ගුණරත්න කී නිසා”​


    පුවත්
    18/12/2024


    Updated: 22/01/2025
    By Sri Lanka Brief

    Facebook
    Twitter





    ඡායාරූපය: මෙම ගිනි අවි පිළිබඳ රහස දැනසිටි කොස්ගොඩ තාරක අනීතිව ඝාතනය කරන ලද්දේ ඔහුගේ මව නීතිඥයකු හරහා කරන ලද ඉල්ලීම නොසළකාය.

    ( Sri Lanka brief/07.12.2024) ඊයේ එනම් 16දා පැවති උසස් පොලිස් නිලධාරි සමාලෝචන රැස්වීමේ දී කොස්ගොඩ තාරකට සම්බන්ධ යැයි සොයා ගත් ස්වයංක්‍රීය ගිනි අවි ඇතුලු ටී-56 76ක් පිළිබඳ පරීක්ෂණය තමා නතර කළේ එවකට ආරක්ෂක ලේකම් වූ කමල් ගුණරත්නගේ නියෝගයක් පිට බවයි. එසේ කීවේ දැන් උතුරු කොලඹ බාර නියෝජ්‍ය පොලිස්පති වන රොහාන් ප්‍රේමරත්නය.​

    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පවත් වන ලද්දේ පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙනි. මෙම සිදුවීම වන විට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා වූයේ එවකට පොලිස් අධිකාරී වරයකු වූ රොහාන් ප්‍රේමරත්නය. පොලිසිය විසින් කරන ලද වංචා දූෂණ පරීක්ෂණයක් මගින් වරදකරු වී තිබියදීත් ඔහු එම තනතුරට පත් කරන ලද්දේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ යටතේය.​

    කියවන්න: සීඅයිඩී අධ්‍යක්ෂක ලෙස දූෂණ වරදකරුවකු වූ ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්න‍ට ටිරන් අලස් සීඅයිඩීය ම බාරදෙයි!

    2020 ජූනි 29 දින හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී ටී-56 ගිනි අවි 11ක් සහ ටී-81 ගිනි අවියක් පොලිස් අත් අඩංගුවට පත් විය. සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට අයත් යැයි කියූ එම අවි තොගය සඟවා තිබුණේ තොග බඩු අලෙවි සැළකය.​

    මෙම අවි තොගය මාධ්‍ය ලේබලය සහිත වාහනයකින් ප්‍රවාහණය කළ බවට ප්‍රසාද් අබේවික්‍රම නම් මව්බිම පුවත් පතෙහි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නා ලදී.​

    එම ගිනි අවි ගෙනවිත් තිබුණේ දඹුල්ලේ සිට තාරකගේ අනුදැනුම මතයයි වාර්තා විය. හමුදාවේ කිහිප දෙනෙක් ද ඇතුළුව 20 කට වැඩි පිරිසක් වරින් වර අත්අඩංගුවට ගැණුනි. ඒ වන විට කොස්ගොඩ තාරක සිටියේ අත්අඩංගුවේය. හමුදා සොල්දාදුවන් දෙන ලද තොරතුරු මත හෙළිකරන ලද තොරතුරු මත ගිනි අවි අවි ගණන 40 ක් පමණ සොයා ගත් බව ද වාර්තා විය. ඉතිරි ගිනි අවි 32 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙමින් තිබුණි. එම ගිනි අවි මේ අවි ජාවාරමේ බොහෝ තොරතුරු හෙළි විය. ඒ තොරතුරුවලට අනුව ගිනි අවි තාරකගේ කණ්ඩායමට ලැබෙන්නේ හමුදාවට සම්බන්ධ වූවන් කිහිප දෙනෙකුගෙනි.​

    මෙම ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් මේජර්වරයකු අත්අඩංගුවට ගන්නා ලදී.​

    මෙම පරීක්ෂණය කරගෙන යන අතරතුර ඊට සම්බන්ධ යැයි නාරාහේන්පිට අමිල නම් සංවිධානාත්මක අපරාධ සැකකරුවකු අත්අඩංගුවට පත් විය. ඔහු එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ පුද්ගලික ඔත්තුකරුවකු බවට සැකයක් පවතී. මෙම අමිල නම් පුද්ගලයා වරුණ ජයසුන්දර විසින් මාධයවේදීන් පිරිසකට හඳුන්වා දී තිබුණේ නාරහේනපිට පිහිටි මිල්කෝ ආයතනයේ සිදුවන දූෂණ වංචා ගැන තොරතුරු දන්නා අයකු ලෙසය.​

    දැන් කෙරී යන පරීක්ෂණ සොයා ගෙන ඇත්තේ එම ආයුධ තොගය ප්‍රවාහණය කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් ප්‍රසාද් අබේවික්‍රම ද එම මාධ්‍ය කණ්ඩායමෙහි සිටි බවත් ඔහු අමිල සමඟ සම්බන්ධකම් වගා කර ගත්තේ ඉන් පසුව බවත්ය.​

    අමිල රහස් පොලිසියට දුන් ප්‍රකාශයෙහි කියා ඇත්තේ එම ආයුධ තොගයෙන් කොටසක් තමන් බේබිලාට දුන් බවයි. එසේ දුන්නේ ඩීපී ජයසිංහ ට්‍රාන්ස්පෝට් ආයතනය හිමිකරු ජයසිංහගේ පුතා විසින් කළ ඉල්ලීමක් නිසා බවයි.​

    යහපාලන ආණ්ඩු සමයෙහි තොටි ගණන් ගෙවා කෘෂි කර්ම අමාත්‍යාංශයට කුලියට ගත් ගොඩනැගිල්ල අයත්වන්නේ ඔවුන්ටය. එහි හිමිකාරිය ලෙස ප්‍රසිද්ධ වූ සබීතා ප්‍රනාන්දු විවාහ වී සිටින්නේ ජයසිංහ පවුලේ පුතකු සමඟය.​

    මෙම ප්‍රකාශත් සමඟම වාගේ මින්නේරිය යුද හමුදා කඳවුරෙහි ප්‍රධානියා කියා සිටියේ තම කඳවුරෙන් කිසිදු අවියක් අස්ථාන ගත වී නැති බවයි.​

    රාජපක්ෂ ආණ්ඩු සමයන්හි පාර රාජ්‍යයේ සන්නද්ධ හමුදා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් කණ්ඩායමටත් පිල්ලෙයාන් කණ්ඩායමටත් අවි ආයුධ ලබා දුන්නේ මින්නේරිය කඳවුරෙනි. එම අයුධ ලබා දුන්නේ හෝ ලබා ගත්තේ කිසිදු ලේඛනයක සඳහන් නොකරය.​

    ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගියේ ද මින්නේරිය හමුදා කඳවුරට බවට සාක්ෂි මගින් හෙළිදරව් විය. එය පාර රාජ්‍ය ක්‍රියාකාරකම්හි කේන්ද්‍රස්ථානයක් වූ බවට චෝදනා එල්ල වී තිබේ.​

    සිය කඳවුරෙන් ගිනි අවි අස්ථාන ගත නොවූ බවට මින්නේරිය කඳවුර බාර නිලධාරියා කරන ලද ප්‍රකාශය දැන් සැකයට තුඩු දී තිබේ.​

    නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් තරක ගේ මව ලියූ 12 දිනට පසුදද තකහනියේම තාරක ඝාතනය කරන ලද්දේ ඒවකට දේශබන්දු තෙන්නකෝන් යටතේ වූ බස්නාහිර පොලිස් අපරාධ ඒ්කකය මගිනි.

    කියවන්න: පොලීසිය තාරක ඝාතනය කළේ තමන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි!.


    ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක 2021 මැයි 13 වන දින අලුයම “ ආයුධ පෙන්වීමේ” ප්‍රොඩාව යටතේ කොළඹ බස්නාහිර අපරාධ කොට්ඨාශය විසින් මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේ දී ඝාතනය කරන ලදී. ඔහු ඝාතනය කරන ලද්දේ සිය පුත්‍රයා කොළඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය රැක දෙන ලෙස ඔහුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා, නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරවය. ඔහු ඝාතනය කිරීමට තිබූ හදිසි අවශ්‍යතාවය ඉන් පෙනුණි.​

    “කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කළ සෙබලෙකි.​

    මේ සමඟම වාගේ හෝමාගම පිටිපන දී සහ ඉන් අනතුරුව සොයා ගත් ස්වයංක්‍රීය ගිනි අවි 40 පිළිබඳ පරීක්ෂණය නතර කරන ලදී.​

    අත්අඩංගුවට ගෙන සිටි මේජර්වරයා, මාධ්‍යවේදියා ඇතුලු සියලු සැකකරුවන් නිදහස් කරන ලදී. එසේ නමුත් සොයා ගත නොහැකි වූ සහ බේබිලාට දුන් බව කී ස්වයංක්‍රීය ගිනි අවි 36 සොයා ගැනීමේ පරීක්ෂණ ද නතර කරන ලදී.​

    එසේ පරීක්ෂණ නතර කරන ලද්දේ එවකට අරක්ෂක ලේකම් වූ ජෙනරාල් කමල් ගුණරත්නගේ නියෝගයක් අනුව ද යන්නත් එම ගිනි අවි 76 කොළඹට ගෙන එන ලද්දේ කුමන අරමුණක් සඳහා ද යන්නත් සොයා ගැනීමේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.​

    සේ. පියවර්ධන විසිනි.​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පළා ගොස් තිබේ.

    අදාළ කොස්තාපල්වරයා විසින් ඊයේ (08) රාත්‍රි මාර්ග බාදක රාජකාරි සඳහා පිටත්ව යාමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 30ක් රැගෙන පිටත්ව ගොස් ඇති බවද පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් අදාල නිලධාරියා මාර්ග බාදක රාජකාරීයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමේදි ඔහුගේ ජංගම දුරකතනයට ද ප්‍රතිචාර දක්වා නොමැත.

    පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි රටට පිටව ගොස් ඇතැයි හෙළිව තිබේ.

    ඒ අනුව සැකකාර පොලිස් නිලධාරියා නැවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවද පොලීසිය පවසයි.

    ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    • Haha
    Reactions: weer 11

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    සල්ලි තියනවා නම් ඕව ගන්න එක ගේමක් නැ බන්.
    ඒත් ඕවා ලග තියෙන උන් හොයාගන්න එකයි අහු නොවී කරන එකයි ලේසි නෑනෙ. තුවක්කුව දෙනවා කියලා සල්ලි අරන් ඌව මරන්නත් පුලුවන් නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ලංකාවෙ මැරයො පාතාල කාරයො පිස්තෝල රිවෝල්වර් ගන්නෙ කොහොමද ලයිසන් අනම් මනම් නැතුව
    දැන් ගොඩක් එන්නේ මුහුදින් රටින්. කුඩු ගේන ගමන් ගේනවා කියන්නේ. ලෝකලි හදන බඩු තියනවා. හමුදාවෙන් කොටින්ගෙන් පන්නපුවා තියනවා. උන්ඩ ගොඩක් එන්නේ හමුදාව ඇතුලින් ලු.

    ලොකු ආරක්ෂිත ජාලයක් තියනවා ⁣බඩු අහුකරගන්නැතුව තියාගන්න. ලොකු බඩු යන්නේ කුලියට. ගේමක් ගහන්න බඩු දෙන සෙට් එකක් ඉන්නවා. ගේම ගහපු ගමන් බඩු ටික දුන්නාම හංගන සෙට් එකක් ඉන්නවා. ගහන එකයි බඩු තියාගන්න එකයි දෙපලක්. සමහර විට හම්බ⁣වෙලාම නැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒත් ඕවා ලග තියෙන උන් හොයාගන්න එකයි අහු නොවී කරන එකයි ලේසි නෑනෙ. තුවක්කුව දෙනවා කියලා සල්ලි අරන් ඌව මරන්නත් පුලුවන් නෙ
    police, army
    munta kiuwa gaman badu lesiyen hoysa ganna puluwan ban,
    kudu ganja unath ehemai

    ha nedda @Don GasCan
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලංකාවෙ මැරයො පාතාල කාරයො පිස්තෝල රිවෝල්වර් ගන්නෙ කොහොමද ලයිසන් අනම් මනම් නැතුව
    Ltte stuff and smuggled.
    දකුනේ පාතාලේ ලොකුවට නැගගෙන ආපු කාලේ දකුනේ හිටපු මට නම මතක නැති ඇමති කෙනෙක්ගේ deputy minister කරුනා. ඒ කාලේ දකුනේ පාතාලෙට ලොකු සප් එකක් කරුනගෙන් හම්බ වෙලා තියනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒත් ඕවා ලග තියෙන උන් හොයාගන්න එකයි අහු නොවී කරන එකයි ලේසි නෑනෙ. තුවක්කුව දෙනවා කියලා සල්ලි අරන් ඌව මරන්නත් පුලුවන් නෙ
    එහෙම සින් එකක් නැ බ න ෂුවර් පොරක්ගෙන් ගතොත්ත් මාට්ටු වෙන්නේ නැ ඉතින්. ආයුද දිල් කරන්කොටෝට මොත්තේ දේනේ නැ ඇදුනුම් කම් ටිනවානම්. ආයුද හයරි එකටත් ගන්න පුළුවන් අදුරනවානම්/
     
    • Like
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ලංකාවෙ පාවිච්චි වෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ පාවිච්චි කරලා අයින් කරපු බඩු. බලපන්කො ඔය පොලිසියෙන් අල්ලගත්තුවා නිව්ස් වල පෙන්නන්නෙ හිටපු ගමන්. කෞතුකාගාරෙ තියෙන්න ඕන එව්වනෙ උන් පාවිච්චි කරන්නෙ. මම ජීවිතේට දැකල නෑ හරි හමන් කොලිටි ගන් එකක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,617
    113
    ලංකාවෙ පාවිච්චි වෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ පාවිච්චි කරලා අයින් කරපු බඩු. බලපන්කො ඔය පොලිසියෙන් අල්ලගත්තුවා නිව්ස් වල පෙන්නන්නෙ හිටපු ගමන්. කෞතුකාගාරෙ තියෙන්න ඕන එව්වනෙ උන් පාවිච්චි කරන්නෙ. මම ජීවිතේට දැකල නෑ හරි හමන් කොලිටි ගන් එකක්.
    Policiyen alluwa kiyannema un set eka connection nathi lone wolf la set ekak. A wage un langa naha latest badu.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,323
    113
    Policiyen pannapuwa tamai. Yudde kaaledi nam yuddeta yana un gamea yaddi LTTE eke unwa marala gattu weapons, ammo gamata genalla wikunanawa. E kaale army/ navy wala un hena gammen hitiye. E dawas wala kellekge waliyakatat gamea kadayak issaraha grenade ekak gahapu navy ekea gothayekuth hitiya. Den nam ewa karanna baruwa ati.

    Honda lathe weda karana kammal kaarayek set karagattot umbata gal katas ekak hadaganna nam puluwan. Hebeyi itin e wage weda karana ekek wenna ona. Nettan umbawa allagattama umba uwa paawala dunnot uut atule.

    ලංකාවෙ පාවිච්චි වෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ පාවිච්චි කරලා අයින් කරපු බඩු. බලපන්කො ඔය පොලිසියෙන් අල්ලගත්තුවා නිව්ස් වල පෙන්නන්නෙ හිටපු ගමන්. කෞතුකාගාරෙ තියෙන්න ඕන එව්වනෙ උන් පාවිච්චි කරන්නෙ. මම ජීවිතේට දැකල නෑ හරි හමන් කොලිටි ගන් එකක්.
    70s 80s wala lankawe use kale e kaaledi aapu parana thuwakku tamai. Godak wena ratawala use karapu weapons whole sale lankawa wage third world ratawalata wikinuwa. WW2 eken passe samaharawita unge weapons wikunanna ati. Denatat okama wenawa loke. Honda ratawala use karapu weapons third world ekata resell karanawa. BTW, Chinese weapons nam lankawata popular wenna gatte Sirimawoge kaale indan. 1st time Chinese support, weapons walin gahuwe 1971 JVP insurrection ekedi.

    Ambalangoda wage areas wala nam UZI walin wedi tyapu unge news nuth yanawa. Unta nam owa set wenawa atte Navy or STF. Lankawe Godakma set wenawa atte Navy eken wennati. Mokada forces wala unma kiyana widiyata okun tamain lankawe anit forces walata wada corrupted.
    ------ Post added on Feb 17, 2025 at 9:21 AM