පාතාල කෙරුමන්ගේ අනවර්ථ නම් හැදුණු හැටි

SivaJ

Member
Feb 14, 2019
110
17
0
පාතාල කෙරුමන්ගේ අනවර්ථ නම් හැදුණු හැටි

පාතාල කෙරුමන්ගේ අනවර්ථ නම් හැදුණු හැටි

1. කංජිපාන ඉම්රාන්

imran.jpg

මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනීමත් සමග කතාබහට ලක්වූ නමකි, කංජිපාන ඉම්රාන්. කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳ හට්ටිය ලෙස පරිවර්තනය වේ. කංජිපාන ඉම්රාන් විසූ මාළිගාවත්තේ ප්‍රදේශවාසියෙකු පැවසුවේ, ඉම්රාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට එලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති බවයි. ඉතිරි වන කැඳ හට්ටි තම නිවසට ගෙන යාම ඉම්රාන් විසින් සිදු කළ නිසා ඔහු ප්‍රදේශයේ කංජිපාන ඉම්රාන් ලෙස ප්‍රකට වී තිබේ. 2015 වසරේදී ඔහු ඩුබායි වෙත පැන ගොස් ඇත්තේ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සෙවීමත් සමගය.

2. වෙලේ සුදා

මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හැඳින්විය හැකිය. තමන්ට වෙලේ සුදා යන නම ලැබුණේ කෙසේ දැයි ඔහුගෙන් වරක් අධිකරණයේදී ප්‍රශ්න කර තිබිණි. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින්වූ බවත් සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසුකාලයේ වෙලේ සුදා බවට පත්වූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

3. සොත්ති උපාලි

upali.jpg

1990 දශකයේ නම ගිය පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන සොත්ති උපාලි මෙරට නම ගිය අපරාධකරුවෙකු විය. උපාලි රංජිත් වන ඔහු සොත්ති උපාලි ලෙසින් ඔහුව ඇමතීම එතරම් ප්‍රිය නොකළ බව පැවසේ. ඔහුගේ එක් අතක පැවති අබාධිත තත්ත්වය නිසා ඔහුට සොත්ති උපාලි යන නම පටබැඳුණු බව වාර්තා වේ. පොලිස් නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1998 වසරේදී ඝාතනයට ලක් විය.

4. පොට්ට නවුෆර්

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පාතාලයේ ප්‍රබලයෙකු ලෙස හඳුන්වන පොට්ට නවුෆර් ද ඔහුගේ පටබැඳි නාමයට කැමැත්තක් දැක්වූ අයෙකු නොවීය. පාතාල ගැටුමකදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම මොහමඩ් නියාස් නවුෆර් "පොට්ට නවුෆර්" වීමට හේතු වී තිබේ. බදුල්ල බන්ධනාගාරයේ දැනට රඳවා සිටින පොට්ට නවුෆර් එහි සිට තම කල්ලිය මෙහෙයවන බවට ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

5. වම්බොට්ටා

Vambotta.jpg

දකුණේ පාතාලේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන අජිත් වසන්ත හෙවත් වම්බොට්ටා 2000 වසරේ සිට 2006 වසර දක්වා සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූවෙකි. වම්බොට්ටා යන නම ඔහුට පටබැඳි තිබුණේ, ඔහු මුල් කාලයේ සූරියවැව වෙළඳපොළේ වම්බටු ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වීම නිසාය. 2006 වසරේ ඝාතනය වෙද්දී ඔහුට එරෙහිව ඝාතන නඩුවක් විභාග වෙමින් තිබිණි.

6. ආනමාළු ඉම්තියාස්

මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2000 වසරේ සිට විවිධ අපරාධ සිදු කළ බවට ප්‍රසිද්ධව සිටි පුද්ගලයෙකි, එම්.කේ. ඉමිතියාස් හෙවත් ආනමාළු ඉමිතියාස්. කෙසෙල් ව්‍යාපාර සිදු කිරීම නිසා ඔහුට මෙම නම පටබැඳුණු බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තවත් සමහරෙකු පවසන්නේ ඕනෑ ම ප්‍රශ්නයකින් ලිස්සා යාමට ඔහුට ඇති දක්ෂතාව නිසා ඔහුට 'ආනමාළු ඉමිතියාස්' යන නම පටබැඳුණු බවයි. වසර ගණනාවක් මාලිගාවත්ත ප්‍රදේශය පුරා අණසක පතුරවමින් සිටි ආනමාළු ඉම්තියාස් 2009 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.

7. තෙල් බාලා

1990 දශකයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූවෙකු ලෙස කරුපයියා වාප්පුබාලන් හෙවත් තෙල් බාලා හැඳින්විය හැකියි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස තම ජීවිතය ආරම්භ කර ඇති ඔහුට තෙල් බාලා ලෙස නම ලැබෙන්නේ තෙල් කරත්තයක්‌ මිලදී ගෙන ගෙයින් ගෙට ගොස්‌ තෙල් විකිණීම සිය රැකියාව කර ගැනීමත් සමගය. පසුව එම ප්‍රදේශයේ තෙල් ව්‍යාපාරය ම ඔහුගේ අණසකට පත් වීම එම නම තවත් ජනප්‍රිය වීමට හේතු වී තිබේ. 90 දශකය අවසානයේ එල්.ටී.ටි.ඊ සංවිධානයට සහය දැක්වූ බවට චෝදනා කරමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට තෙල් බාලා ඉන්දියාවට පැන යාමට සමත් විය. 2017 වසරේ ඔහු ඉන්දියාවේදී මරණයට පත් විය.

8. කිඹුලා ඇළේ ගුණා සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා 90 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රකට අපරාධකරුවෙකු ලෙස පොලිසිය හඳුන්වයි. කිඹුලා ඇළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාලයට පිවිසි නිසා පාතාල ලෝකයේ ඔහුව හැඳින්වූයේ කිඹුලා ඇළේ ගුණා ලෙසිනි. 2008 වසරේ මොහු ඉන්දියාවට පැන ගිය අතර තවමත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලෙන බවට පොලිසිය සැක කරයි. පසුගිය වසරේ බලපිටිය මුහුදු තිරයේදී අත්අඩංගුවට පත්වූ හොරොයින් කිලෝග‍්‍රෑම් 231ට කිඹුලා ඇළේ ගුණාගේ සම්බන්ධතාවක් ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

9. කරාටේ ධම්මික

Dhammika.jpg

කඩුවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල නායකයෙකු ලෙස ක්‍රියා කළ ධම්මික ප්‍රදීප් කුමාර, දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකු වීම නිසා කරාටේ ධම්මික නමින් හැඳින්වූ බව සැලකේ. කරාටේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ සම්මාන ද ඔහු දිනාගෙන ඇති බවට වාර්තා වන අතර එක වර කිහිප දෙනෙකුට පහර දීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස ඔහු හැඳින්වෙයි. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති කරාටේ ධම්මික 2011 වසරේදී අභිරහස් ලෙස අතුරුදන් විය.

10. රණාලේ සමයං

රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ මෑත කාලයේදී දැඩි කතාබහට ලක්වූ පාතාල නායකයෙකු ලෙස හැඳින්විය හැක. 2017 වසරේ කළුතරදී බන්ධනාගාර බසයක් තුළ සමයං ඝාතනය කළ අතර ඔහුට එරෙහිව ඒ වන විටත් අපරාධ චෝදනා ගණනාවක් විභාග වෙමින් තිබිණි. තමන් සමයං ලෙස හඳුන්වන්නේ "යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි" යනුවෙන් ඔහු ඝාතනයට ලක් වීමට පෙර පුවත්පතකට පවසා තිබිණි.

-BBC Sinhala
 

JBLs

Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    නිධානෙ සජිත්
    බැංකුඅස්සෙ රනිල්
    වොඩ්කා රංගෙ
    ටොයිලට්අස්සෙ අනුරෙ
    නැව් දතා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නිධානෙ සජිත්
    බැංකුඅස්සෙ රනිල්
    වොඩ්කා රංගෙ
    ටොයිලට්අස්සෙ අනුරෙ
    නැව් දතා


    බංකු බැංකු ඇලෝයි

    තඹ සුජි

    වැට් පයියා

    සුනාමි පර්සි

    ඔසී උදයා

    බස් හෝල්ට් වංශ

    කොමිස් මලික්

    මිග් ගොට්ටා

    දුමීසබීතා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මධ්‍යම පොලිස් ස්ථානයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය (ඩුබායිහිඳී රඳවා ගැනීම නිරීක්‍ෂණය කිරීමේ ආයතනය* ඉදිරිපත් වී ඇත.

    මේ බව ඩුබායි නුවර ශ‍්‍රී ලාංකික ආරංචි මාර්ග ඊයේ (14 දා* හෙළි කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගන්නා විදේශිකයන් පිළිබඳව ඩුබායි පොලිසියට චෝදනා එල්ල වී ඇති අතර, විමර්ශන නිසිලෙස සිදු නොවීමෙන් එම ජාවාරමට සම්බන්ධ නොවූවන්ට පවා සිරගත වීමට සිදු වී ඇතැයි ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය හෙළිකර ඇත.

    මත්ද්‍රව්‍ය නඩුවක් ගැන පරීක්‍ෂා කිරීමට ඩුබායි පොලිසියට මාස 6 කට අධික කාලයක් ගතවන බව ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය කියා සිටියි. එසේම අරාබි භාෂාවෙන් ලියාගන්නා පැමිණිල්ලට සහ කටඋත්තරවලට බලහත්කාරයෙන් අත්සන් ගන්නා බව ද ඩුබායි පොලිිසියට චෝදනා එල්ල වී ඇත.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    නිධානෙ සජිත්
    බැංකුඅස්සෙ රනිල්
    වොඩ්කා රංගෙ
    ටොයිලට්අස්සෙ අනුරෙ
    නැව් දතා

    gonn ranja
    kolu mangala
    banana sujith
    john bass
    Perpetual ravi
    baloon harin
    harak harisson
    karume jayasuriya
    pissu ajith
    pacha champika