පාදුක්ක ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම සේවා වසමෙන් ඉන් වැඩි පිරිසක් වාර්තා වන බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර ගහංගම මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,
“ 24 වන දින ගලගෙදර නැගෙනහිර අරුක්වත්ත, වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් මරණයක් ලෙස වාර්තා වීමෙන් පසුව අපි ඒ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ 40ක් පමණ සිදුකරා. එයින් 16 ක ප්‍රතිඵල අප වෙත දැන් ලැබිලා තියෙනවා. ඒ අය අතරින් 10 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට තහවුරු කර ගෙන තිබෙනවා. ඒ අනුව එදා සිට මේ දක්වා තාවකාලික සංචරණ සීමා පවත්වාගෙන රෝගය පිටතට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව රෝගීන්ගේ වැඩිවීමත් සමග අද දින සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ලෙසට අද බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරා. එම ප්‍රදේශය තුළ මේ වන විට 104 දෙනෙක් තහවුරු කරන ලද රෝගීන් වාර්තා වෙලා තියෙනවා.“
Derana