පාන්-කොත්තු-නගි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාන්-කොත්තු-නගි

    පාන් පහකින්, කොත්තු දහයකින් ඉහළට? තිරිඟු පිටි මිල වැඩිවීම හමුවේ නිෂ්පාදිත මිල ඉහළ යන හැටි ව්‍යාපාරිකයෝ කියති

    loaf-of-bread1.jpg


    තිරිඟු පිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට මෙරට තිරිඟු පිටි අලෙවියේ නිරත ප්‍රධාන සමාගම් දෙක වන ප්‍රීමා සිලෝන් සමාගම හා සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම තීරණය කර තිබේ. මේ අනුව ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රු. 8 කින් සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 7කින් ඊයේ දින සිට ඉහළ යන ලදී.

    මේ වන විට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 80-110 ත් අතර වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගමේ අලෙවි හා සන්නිවේදන අංශ ප්‍රධානී කාලිංග විජේසේකර මහතා කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල වැඩිවීම හා ඩොලරයේ අගය ඉහළ යාම මත අවම වශයෙන් රු. 7 කින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි. ඒ අනුව සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 86 සිට රු. 93 දක්වා වැඩි වන බව ඔහු වැඩදුරටත් කියා සිටියේය.

    මෙම මිල වැඩීමත් සමඟම පාන් මිල රු. 5කින් වැඩි කිරීමට සිදුවන බවත්, එක කොත්තුවකට රු. 10 ක් පමණ මිල ඉහළ දමන්නට සිදුවන බවත් වෙළෙඳුන් කිහිපදෙනෙකු අද දෙරණ වෙත කියා සිටියෝය.

    මේ පිළිබඳ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.








    පාන් රාත්තලක් 350g රු 5න් වැඩි වෙනවා
    තිරින්ගු පිටි වැඩි උනේ 1Kg රු 7න්

    වැඩි කරද්දි ඔක්කොම ඩබල් වෙනවා, උන්ගේ අප්පගේ ගනං හැදිලි :frown:

     
    Last edited:
    • Like
    Reactions: Arthur Curry