පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප
copyright රාමචන්ද්‍රගේ අඩවිය
ලාංකීය සම්භවයක් සහිත ඉන්දියානු නිලි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් විසින් කෑම සූත්‍ර නමින් ආරම්භ කොට ඇති ආපන ශාලාව පසුගිය දවස් වල ජනමාධ්‍යයන්ගේ සැලකිය යුතු අවධානයකට ලක්විය. ඕපාදූප වෙබ් අඩවි විසින් වාර්තා කර තිබූ එක් ජනප්‍රිය පුවතක් වූයේ එම අවන් හලේ බිත්තර ආප්පයක් රුපියල් 200 ක් වන බවත්, ආප්පයක් රුපියල් 100 ක් වන බවත්ය. කොළඹ නිදහස් චතුරස්‍රය අසබඩ නව සුපිරි වෙලද සංකීර්නයක් මහත් ප්‍රචාරයක් ලබා දී පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද්දේය. එම සංකීර්නයේ බොහෝ සාප්පු සමන්විත වන්නේ මෙවැනි අධි මිල වෙලද භාන්ඩ වලින්ය. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ අවන්හල පිලිබද අලංකාරිකය පසුගිය කාල සීමාව තුළ මෙරට සීඝ්‍ර වර්ධනයක් ලබමින් සිටින එක් වැදගත් ආර්ථික-සමාජ උද්ගතයක් පිළිබද ප්රකාශනයකි. එම උද්ගතය හැදින්වීමේ පහසුව පිනිස ‘සුඛෝපභෝගී වෙළද-සේවා කර්මාන්තය’ ලෙස නම් කරමු.
ගාලූ මුවදොර අසල පැරණි ඕලන්ද රෝහල ද මෙබදු සුපිරි වෙලද සාප්පු සංකීර්නයකට උදාහරණයකි. ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන යුවල ‘මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’ නමින් එහි සුපිරි අවන්හලක් කලෙකට පෙර ඇරඹූහ. මේ ආපනශාලා ස්ථානගත වන්නේ පොදු ජනයාගෙන් ඉතාමත් දුරස්ථ අවකාශයකය. ඒ දුරස්ථභාවය නිර්මානය කරන්නේ මිල දී ගැනීමේ හැකියාව විසිනි. කොලඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති මේ වනවිට ඉදිවෙමින් තිබේ. මේවා ඉදි කෙරෙන්නේත් සමාජයේ ඉහල ක්‍රය ශක්තියක් තිබෙන ධනවත් සමාජ ස්ථර ඉලක්ක කරගෙනය. ‘කෑම සූත්‍ර’ හෝ වේවා ’මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’ හෝ වේවා - මේ සේවා හා වෙලද භාන්ඩ වල සුඛෝපභෝගීත්වය ඒවායේ මිල විසින් නිර්නය කොට ඇත. නිදහස් චතුරස්රයේ අලුත විවෘත කල සාප්පු සංකීර්නය ගතහොත්, එහි ඇති සාප්පු තුලට ගොස් බඩු මිලදී ගනු දැකිය හැක්කේ අතලොස්සක් දෙනෙකි. එය නැරඹීමට එන බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නේ එම ගොඩනැගිල්ලේ සුන්දරත්වය බලමින් ඔබ මොබ ගමන් කිරීමය. අධික මිල නමැති ප්‍රාකාරය සාමාන්‍ය ජනයා සහ මෙම සුඛෝපභෝගී වෙලද නාම වෙන් කරමින් නැගී සිටී.
මෙලෙස සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයක් වේගයෙන් වර්ධනය වන්නේ කෙසේද? යමෙක් රුපියල් 200 ක් ගෙවා බිත්තර ආප්පයක් මිල දී ගන්නේ හුදෙක් කුසගිනි නිවා ගැනීම සදහාම නොවේ. එවැනි ක්‍රියාවක් තුළ යම් සංකේතීය බලයක් තිබේ. එනම් සමාජ තත්වය හා උසස්කම පිළිබද හැගවුමක් එවැනි ක්‍රියාවක් තුළ පවතී. එවැනි ‘සමාජ තත්වයක් ’ ප්‍රදර්ශනය කළ හැක්කේ සමාජයේ සුලු තීරුවකටය. සුඛෝපභෝගී කර්මාන්තයේ ආයෝජනය කරන ව්‍යාපාරිකයින් ආමන්ත්‍රණය කරන්නේ සමාජයේ මෙම සුලු තීරුවටය.
මේ ආමන්ත්රනය සදහා බලපා තිබෙන එක් සාධකයක් වන්නේ සමාජයේ මෙම ධනවත් කොටස් අත ඒකරාශි වී තිබෙන අති මහත් ධනයයි. ඒ අතිමහත් ධනය නිසා මෙම ඉහල පාංතික කොටස් වල ක්‍රය ශක්තිය සාපේක්ෂව ඉහළය. ජාතික ආදායමේ සියයට 56 ට ආසන්න පංගුවක් මෙරට ජනගහනයේ සියයට 20 ක් විසින් භුක්ති විදිනා බව ප්‍රසිද්ධ සංඛ්‍යා ලේඛනමය දත්තයකි. සමාජ ධනය තමා අත සංකේන්ද්‍රනය කරගන්නා මෙම ඉහල පාංතික කොටස් වැඩි වැඩියෙන් වියදම් කරන්නට පෙලඹවීම තුළින් සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ ආයෝජනය කරන ප්‍රාග්ධන හිමියන්ට වැඩි වැඩියෙන් ලාභ උපයා ගත හැක. සමාජයේ සුලූ පිරිසක් අත අති මහත් ධනයක් ඒකරාශී වී තිබීමත්, සමාජ තත්වය ප්‍රදර්ශනය කිරීමෙහිලා එම පිරිස් සතුව ඇති පෙලඹීමත්, එම පෙළඹීමට ආමන්ත්රනය කොට ලාභ ඉපැයීම සදහා ව්‍යාපාරිකයින් තුල තිබෙන යොමුවත් යන බහුවිධ සාධක වල එකතුවක් ලෙසය සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන්නේ.
ධනවාදයේ සංවර්ධන තර්කය ‘පහලට කාන්දු වීමේ න්‍යාය’ යන්නෙන් විස්තර කෙරේ. ඒ අනුව ධනවත් ස්ථර වලට ආයෝජනය කරන්නටත්, වියදම් කරන්නටත් උපරිම නිදහස දිය යුතුය. එවිට උපදින ධනයෙන් පහළට කාන්දු වන දේ සමාජයේ පහල පාංතිකයන්ට භුක්ති විදිය හැක. ලංකාව තුල මේ වනවිට අත්හදා බලමින් තිබෙන්නේ මේ පහලට කාන්දු වීමේ න්‍යාය නොහොත් ධනවතුන් කා බී ගිලිහෙන රොඩු බොඩු භුක්ති විද සතුටු වෙයල්ලා න්‍යායයි. උදාහරනයක් ලෙස නිදහස් චතුරස්රයේ ආකේඩය පිරිසිදු කිරීමට එන ක්ලීනින් සර්විස් ආයතනයක කම්කරු ස්ත්‍රියක් සලකමු. එසේත් නැතිනම් එවැනි ස්ථාන ‘සොරුන්ගෙන්‘ මුරකරන මුරකරුවෙක් සලකමු. මේ ශ්‍රමිකයින්ට තමාගේත් ශ්‍රම සම්බන්ධයක් තිබෙන මෙවැනි වෙලද සංකීර්න වල තිබෙන දේ් මිලදී ගන්නවා තබා සිතන්නටවත් පුලූවන් කමක් නැත. මෙම ව්‍යවසායන් අයත් අධි ලාභ උපයන ව්‍යපාරිකයින් ගෙවන සොච්චම් වැටුපකින් ඔවුන් ජීවත් විය යුතුය. එනම් ඔවුන්ට උරුම කා බී ඉතුරු වුන පසු වැටෙන රොඞ්ඩය.
සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?
‘ප්‍රංශ විප්ලවයේ හේතුව දැන ගැනීමට නම් වර්සේල්ස් මාලිගාව දැකගැනීම ප්‍රමානවත්’ යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ. දේශපාලනිකව සිදුරු සහිත වුවද සාහිත්‍යමය වශයෙන් රසවත් මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ විප්ලවාසන්න ප්‍රංශයේ පැවැති ගැඹුරු සමාජ පරතරයයි. ප්‍රංශයේ ලුවී රජු හා රැජින අති සුඛෝපභෝගීත්වයක් සහිත වර්සේල්ස් මාලිගාවේ ජීවත් වූයේ සමාජයේ පොදු ජනයා පීඩිත ජීවිතයක් ගත කරන අතරේදීය. වංශාධිපතීහුද එවැනි සුඛෝපභෝගීත්වයක් භුක්ති වින්දාහ. ප්‍රංශ සමාජය කුපිත කළ එක් හේතුවක් වූයේ මේ අසමානතාවයයි. ජනතාව පාන් ඉල්ලන විට ප්‍රංශ රජ බිසව මොවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බවට කථාවක් ඇත. පවතින සමාජ ආර්ථික මොඩලය විසින් ලංකාවේ පීඩිත ජන කොටස් වලට කේක් වෙනුවට රුපියල් දෙසීයේ බිත්තර ආප්ප සහිත අලංකාර ආකේඩ විවෘත කර දී ඇත.
සමාජයේ සුලු පිරිසක් අත අධි සුඛෝපභෝගීත්වය ගොඩ ගසමින් වර්තමාන ධනවාදය සංවර්ධනය වෙන්නේ 19 වන ශතවර්ෂයේ යුරෝපීය සමාජ සිහිගන්වන සුලු දවැන්ත ඇති නැති පරතරයක් ප්රතිනිෂ්පාදනය කරමිනි. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ ආප්ප කඩය සහ කොලඹ නගරය තුළ හිස ඔසවන සුඛෝපභෝගී කර්මාන්තය සැබැවින්ම එම අමානුෂික ඇති නැති පරතරය හකුලුවා දක්වන අශ්ලීල ප්රකාශනයෝ වෙති. එම අවලස්සන ෆර්ඩිනැන්ඩස්ගේ සුරූපී සිනහවෙන් වසා දැමිය නොහැක්කකි.