පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප

    copyright රාමචන්ද්‍රගේ අඩවිය

    ලාංකීය සම්භවයක් සහිත ඉන්දියානු නිලි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් විසින් කෑම සූත්‍ර නමින් ආරම්භ කොට ඇති ආපන ශාලාව පසුගිය දවස් වල ජනමාධ්‍යයන්ගේ සැලකිය යුතු අවධානයකට ලක්විය. ඕපාදූප වෙබ් අඩවි විසින් වාර්තා කර තිබූ එක් ජනප‍්‍රිය පුවතක් වූයේ එම අවන් හලේ බිත්තර ආප්පයක් රුපියල් 200 ක් වන බවත්, ආප්පයක් රුපියල් 100 ක් වන බවත්ය. කොළඹ නිදහස් චතුරස‍්‍රය අසබඩ නව සුපිරි වෙලද සංකීර්නයක් මහත් ප‍්‍රචාරයක් ලබා දී පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද්දේය. එම සංකීර්නයේ බොහෝ සාප්පු සමන්විත වන්නේ මෙවැනි අධි මිල වෙලද භාන්ඩ වලින්ය. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ අවන්හල පිලිබද අලංකාරිකය පසුගිය කාල සීමාව තුළ මෙරට සීඝ‍්‍ර වර්ධනයක් ලබමින් සිටින එක් වැදගත් ආර්ථික-සමාජ උද්ගතයක් පිළිබද ප‍්‍රකාශනයකි. එම උද්ගතය හැදින්වීමේ පහසුව පිනිස ‘සුඛෝපභෝගී වෙළද-සේවා කර්මාන්තය’ ලෙස නම් කරමු.

    ගාලූ මුවදොර අසල පැරණි ඕලන්ද රෝහල ද මෙබදු සුපිරි වෙලද සාප්පු සංකීර්නයකට උදාහරණයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන යුවල ‘මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ නමින් එහි සුපිරි අවන්හලක් කලෙකට පෙර ඇරඹූහ. මේ ආපනශාලා ස්ථානගත වන්නේ පොදු ජනයාගෙන් ඉතාමත් දුරස්ථ අවකාශයකය. ඒ දුරස්ථභාවය නිර්මානය කරන්නේ මිල දී ගැනීමේ හැකියාව විසිනි. කොලඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති මේ වනවිට ඉදිවෙමින් තිබේ. මේවා ඉදි කෙරෙන්නේත් සමාජයේ ඉහල ක‍්‍රය ශක්තියක් තිබෙන ධනවත් සමාජ ස්ථර ඉලක්ක කරගෙනය. ‘කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ හෝ වේවා - මේ සේවා හා වෙලද භාන්ඩ වල සුඛෝපභෝගීත්වය ඒවායේ මිල විසින් නිර්නය කොට ඇත. නිදහස් චතුරස‍්‍රයේ අලුත විවෘත කල සාප්පු සංකීර්නය ගතහොත්, එහි ඇති සාප්පු තුලට ගොස් බඩු මිලදී ගනු දැකිය හැක්කේ අතලොස්සක් දෙනෙකි. එය නැරඹීමට එන බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නේ එම ගොඩනැගිල්ලේ සුන්දරත්වය බලමින් ඔබ මොබ ගමන් කිරීමය. අධික මිල නමැති ප්‍රාකාරය සාමාන්‍ය ජනයා සහ මෙම සුඛෝපභෝගී වෙලද නාම වෙන් කරමින් නැගී සිටී.

    මෙලෙස සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයක් වේගයෙන් වර්ධනය වන්නේ කෙසේද? යමෙක් රුපියල් 200 ක් ගෙවා බිත්තර ආප්පයක් මිල දී ගන්නේ හුදෙක් කුසගිනි නිවා ගැනීම සදහාම නොවේ. එවැනි ක‍්‍රියාවක් තුළ යම් සංකේතීය බලයක් තිබේ. එනම් සමාජ තත්වය හා උසස්කම පිළිබද හැගවුමක් එවැනි ක‍්‍රියාවක් තුළ පවතී. එවැනි ‘සමාජ තත්වයක් ’ ප‍්‍රදර්ශනය කළ හැක්කේ සමාජයේ සුලු තීරුවකටය. සුඛෝපභෝගී කර්මාන්තයේ ආයෝජනය කරන ව්‍යාපාරිකයින් ආමන්ත‍්‍රණය කරන්නේ සමාජයේ මෙම සුලු තීරුවටය.

    මේ ආමන්ත‍්‍රනය සදහා බලපා තිබෙන එක් සාධකයක් වන්නේ සමාජයේ මෙම ධනවත් කොටස් අත ඒකරාශි වී තිබෙන අති මහත් ධනයයි. ඒ අතිමහත් ධනය නිසා මෙම ඉහල පාංතික කොටස් වල ක‍්‍රය ශක්තිය සාපේක්ෂව ඉහළය. ජාතික ආදායමේ සියයට 56 ට ආසන්න පංගුවක් මෙරට ජනගහනයේ සියයට 20 ක් විසින් භුක්ති විදිනා බව ප‍්‍රසිද්ධ සංඛ්‍යා ලේඛනමය දත්තයකි. සමාජ ධනය තමා අත සංකේන්ද්‍රනය කරගන්නා මෙම ඉහල පාංතික කොටස් වැඩි වැඩියෙන් වියදම් කරන්නට පෙලඹවීම තුළින් සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ ආයෝජනය කරන ප‍්‍රාග්ධන හිමියන්ට වැඩි වැඩියෙන් ලාභ උපයා ගත හැක. සමාජයේ සුලූ පිරිසක් අත අති මහත් ධනයක් ඒකරාශී වී තිබීමත්, සමාජ තත්වය ප‍්‍රදර්ශනය කිරීමෙහිලා එම පිරිස් සතුව ඇති පෙලඹීමත්, එම පෙළඹීමට ආමන්ත‍්‍රනය කොට ලාභ ඉපැයීම සදහා ව්‍යාපාරිකයින් තුල තිබෙන යොමුවත් යන බහුවිධ සාධක වල එකතුවක් ලෙසය සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන්නේ.

    ධනවාදයේ සංවර්ධන තර්කය ‘පහලට කාන්දු වීමේ න්‍යාය’ යන්නෙන් විස්තර කෙරේ. ඒ අනුව ධනවත් ස්ථර වලට ආයෝජනය කරන්නටත්, වියදම් කරන්නටත් උපරිම නිදහස දිය යුතුය. එවිට උපදින ධනයෙන් පහළට කාන්දු වන දේ සමාජයේ පහල පාංතිකයන්ට භුක්ති විදිය හැක. ලංකාව තුල මේ වනවිට අත්හදා බලමින් තිබෙන්නේ මේ පහලට කාන්දු වීමේ න්‍යාය නොහොත් ධනවතුන් කා බී ගිලිහෙන රොඩු බොඩු භුක්ති විද සතුටු වෙයල්ලා න්‍යායයි. උදාහරනයක් ලෙස නිදහස් චතුරස‍්‍රයේ ආකේඩය පිරිසිදු කිරීමට එන ක්ලීනින් සර්විස් ආයතනයක කම්කරු ස්ත‍්‍රියක් සලකමු. එසේත් නැතිනම් එවැනි ස්ථාන ‘සොරුන්ගෙන්‘ මුරකරන මුරකරුවෙක් සලකමු. මේ ශ‍්‍රමිකයින්ට තමාගේත් ශ්‍රම සම්බන්ධයක් තිබෙන මෙවැනි වෙලද සංකීර්න වල තිබෙන දේ් මිලදී ගන්නවා තබා සිතන්නටවත් පුලූවන් කමක් නැත. මෙම ව්‍යවසායන් අයත් අධි ලාභ උපයන ව්‍යපාරිකයින් ගෙවන සොච්චම් වැටුපකින් ඔවුන් ජීවත් විය යුතුය. එනම් ඔවුන්ට උරුම කා බී ඉතුරු වුන පසු වැටෙන රොඞ්ඩය.

    සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

    ‘ප‍්‍රංශ විප්ලවයේ හේතුව දැන ගැනීමට නම් වර්සේල්ස් මාලිගාව දැකගැනීම ප‍්‍රමානවත්’ යනුවෙන් ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. දේශපාලනිකව සිදුරු සහිත වුවද සාහිත්‍යමය වශයෙන් රසවත් මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ විප්ලවාසන්න ප්‍රංශයේ පැවැති ගැඹුරු සමාජ පරතරයයි. ප්‍රංශයේ ලුවී රජු හා රැජින අති සුඛෝපභෝගීත්වයක් සහිත වර්සේල්ස් මාලිගාවේ ජීවත් වූයේ සමාජයේ පොදු ජනයා පීඩිත ජීවිතයක් ගත කරන අතරේදීය. වංශාධිපතීහුද එවැනි සුඛෝපභෝගීත්වයක් භුක්ති වින්දාහ. ප‍්‍රංශ සමාජය කුපිත කළ එක් හේතුවක් වූයේ මේ අසමානතාවයයි. ජනතාව පාන් ඉල්ලන විට ප්‍රංශ රජ බිසව මොවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බවට කථාවක් ඇත. පවතින සමාජ ආර්ථික මොඩලය විසින් ලංකාවේ පීඩිත ජන කොටස් වලට කේක් වෙනුවට රුපියල් දෙසීයේ බිත්තර ආප්ප සහිත අලංකාර ආකේඩ විවෘත කර දී ඇත.

    සමාජයේ සුලු පිරිසක් අත අධි සුඛෝපභෝගීත්වය ගොඩ ගසමින් වර්තමාන ධනවාදය සංවර්ධනය වෙන්නේ 19 වන ශතවර්ෂයේ යුරෝපීය සමාජ සිහිගන්වන සුලු දවැන්ත ඇති නැති පරතරයක් ප‍්‍රතිනිෂ්පාදනය කරමිනි. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ ආප්ප කඩය සහ කොලඹ නගරය තුළ හිස ඔසවන සුඛෝපභෝගී කර්මාන්තය සැබැවින්ම එම අමානුෂික ඇති නැති පරතරය හකුලුවා දක්වන අශ්ලීල ප‍්‍රකාශනයෝ වෙති. එම අවලස්සන ෆර්ඩිනැන්ඩස්ගේ සුරූපී සිනහවෙන් වසා දැමිය නොහැක්කකි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මම නම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. මොනයම් ම හෝ වියාපාරයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් එක රටට ශක්තියක්. ඕනෑම වියාපාරයක් ඒ ඒ සමාජ ඉස්තවර වලට ඉල්ලක්ක කරලා තමයි ගෙනියන්නේ. උදාහරනෙකට BMW , Benz වාහන නිෂ්පාදනය සලකන්න පුළුවන්. ඒවා ඉහල පන්තිය ඉල්ලක කරලා හදන්නේ. එක වැරද්දක් නෙවි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    I am not a supporter of the govt, or what they are doing. But it must be borne in mind that in most of the counties including Singapore such complexes are made for the tourists. Do you know Land Rover Defender is made for export, not for UK consumers. According to the company it is too expensive for the general public . Queen uses Range Rover, but not even the rich could afford . So if Ministry of Crab or other places are for rich and tourists , why should we object . These are marketing and branding strategies . We cannot develop with JVP mentality or being jealous. As long as the owners made their money legitimately (eg Cricketers or Acress in Bollywood ) we should be happy that they invested in Sri Lanka rather than in India , Maldives or Singapore. There are lot of sri lankans who invest in these countries and even in west (UK, USA) and also in Dubai due to various factors. (I have never been to any of the places mentioned or have any intention of going but that is my decision and I respect others desire if they could spend ! I do not mind any person investing in SL as long as the money is not black money. Investment is good for all sri lankans
     
    hats off

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. මොනයම් ම හෝ වියාපාරයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් එක රටට ශක්තියක්. ඕනෑම වියාපාරයක් ඒ ඒ සමාජ ඉස්තවර වලට ඉල්ලක්ක කරලා තමයි ගෙනියන්නේ. උදාහරනෙකට BMW , Benz වාහන නිෂ්පාදනය සලකන්න පුළුවන්. ඒවා ඉහල පන්තිය ඉල්ලක කරලා හදන්නේ. එක වැරද්දක් නෙවි.

    uaba kiyana eka hari
    එක රටට ශක්තියක් වෙන්නේ
    විදේශ ගනිදෙනුකරුවන් මත
    එකත් එම ව්‍යාපාරය නිසා රැකියා උත්පාදනය වීම මත
    එහෙම නැතුව විවිද සමාජ ස්තර ඉලක්ක කරගත්ත කියලා රටටෂක්තියන් වෙන්නේ නැහැ

    හැබැයි ඕකට එන්නේ එකක පැලැන්තියක් විතරයි කියන එක ඇත්ත.
    ඔයවගේ දේවල් විවේචනය කරන එක කුහක කමක්
    මිනිස්සු තමන් උපයා ගන්න මුදලින්
    කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’
    යන එක විලාසිතාවක් වගේ
    ඔයවගේ ඒවා කුහක විදියට විවේචනය කරන එක වැරදි
    ඔයිට වැඩ ලොකු ප්‍රශ්න තියනවා විවේචනය කරන්න

    එකෙක් පාන් කනකොට අනිකා කේක් කනකොට
    දෙකම් එකතුරලා බනිස් කමු හැමෝම කියන සංකල්පය වැරදි
    කරන්න ඕනි හැමෝටම කේක් කන්න වැඩපිළිවෙලක් හදන එක

    සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

    මෙන්න මෙටික ඇත්ත

    බිංගෝ උබට බොහොමයක් දෙවක් වැරදි වගේ පෙන්නේ
    උබට තියන පුදලික වාසියත්
    උබ සිතල කමරෙක් ඉදන් ලෝකේ දිහා බලන නිසාත්
    මහින්ද කරන ඕනිම දෙයක් හරි කරන්න සැදී පැහැදී ඉම්ම නිසාත්

    මන් කියන්නේ ඕක ච්චර විවේචනය කරන්න තරම් දෙයක් නෙමයි(කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ ) මේවා තියන එක ප්‍රශ්නයක් නැහැ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. මොනයම් ම හෝ වියාපාරයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් එක රටට ශක්තියක්. ඕනෑම වියාපාරයක් ඒ ඒ සමාජ ඉස්තවර වලට ඉල්ලක්ක කරලා තමයි ගෙනියන්නේ. උදාහරනෙකට BMW , Benz වාහන නිෂ්පාදනය සලකන්න පුළුවන්. ඒවා ඉහල පන්තිය ඉල්ලක කරලා හදන්නේ. එක වැරද්දක් නෙවි.

    BMW , Benz ලංකාවේ යට මහලොකු වාහන උනාට වෙන රටවල් වලනම් ගණන් ගන්නේ නැහැ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. මොනයම් ම හෝ වියාපාරයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් එක රටට ශක්තියක්. ඕනෑම වියාපාරයක් ඒ ඒ සමාජ ඉස්තවර වලට ඉල්ලක්ක කරලා තමයි ගෙනියන්නේ. උදාහරනෙකට BMW , Benz වාහන නිෂ්පාදනය සලකන්න පුළුවන්. ඒවා ඉහල පන්තිය ඉල්ලක කරලා හදන්නේ. එක වැරද්දක් නෙවි.

    ඉහල පන්තිය කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    BMW , Benz ලංකාවේ යට මහලොකු වාහන උනාට වෙන රටවල් වලනම් ගණන් ගන්නේ නැහැ.:yes:
    රුසියාව සහා එස්තොනියාව ඇතුලු බැල්ටික් කාන්ඩේ රටවල්වල මර්සිඩීස් එකක් ගත්තැකි ලෙක්සස් හරි ටොයොටා හරි suv එකක් ගන්න අමාරුයි. ජර්මනියේ ටැක්සි වලටත් තියෙන්නේ මර්සිඩීස්.. ගැන්සි ලොන්සි පොන්සි ඔක්කොම BMW මර්ක් තමා එහේ යූස් කරන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම මේකේ වැරද්දක් දකින්නේ නැහැ. මොනයම් ම හෝ වියාපාරයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් එක රටට ශක්තියක්. ඕනෑම වියාපාරයක් ඒ ඒ සමාජ ඉස්තවර වලට ඉල්ලක්ක කරලා තමයි ගෙනියන්නේ. උදාහරනෙකට BMW , Benz වාහන නිෂ්පාදනය සලකන්න පුළුවන්. ඒවා ඉහල පන්තිය ඉල්ලක කරලා හදන්නේ. එක වැරද්දක් නෙවි.
    මිනිස්සුන්ගේ හිත් යාවත් කාලීන් කරන්න ඔනේ බන්. 1990-2000 ගනන්වල KFC Mcdonalds උබ ඔය කියන සුපිරි පැලැන්තියේ ආපන ශාලා. දැන් එහෙමද? කොල්ලොයි බල්ලොයි ලොල්ලොයි අගේට ගෙදර උදේට හදන ඉදිආප්පයි පිට්ටුයි ටික එපා කියලා ටවින් ගිහින් කැල්ලත් එක්ක රුපියල් දාස් ගනන් දීලා ෆාම් එකට වඩා ෆ්‍රිජ් එකේ හිටපු ඊටත් වඩා හත් අට පාරක් ඩීප් ෆ්‍රයි කරපු කුකුල් අඩු ගිලිනවා.

    ඒ වගේ දැන් කොලඹට මැජික් උන ඔය ෆ්ලොටින් මාකට් එක බලපන් ටික කාලයක් යන්න කලින් මොකෙක් හරි එකෙක් මනම්පිටියේ වැලි ගොඩ දාන පොට් වලත් සෙට් කරනවා. ඒක තමා හැටි. දැන් මේ ලොකේ ඉහල පැලැන්තිය පහල පැලැන්තිය කියලා සුට්ටක් නැ. පැලැන්ති දෙකයි.. එකක් සල්ලි ඇති උන්, අනික නැති උන්.. සමහරවිට සල්ලි ඇති එකා ජීවිතේටවත් ඉස්කොලෙකට නොගිය එකෙක් වෙන්න පුලුවන්. සල්ලි නැති එකා ඩිග්‍රී ගහපු එකෙක් වෙන්න පුලුවන්..
     
    :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මිනිස්සුන්ගේ හිත් යාවත් කාලීන් කරන්න ඔනේ බන්. 1990-2000 ගනන්වල KFC Mcdonalds උබ ඔය කියන සුපිරි පැලැන්තියේ ආපන ශාලා. දැන් එහෙමද? කොල්ලොයි බල්ලොයි ලොල්ලොයි අගේට ගෙදර උදේට හදන ඉදිආප්පයි පිට්ටුයි ටික එපා කියලා ටවින් ගිහින් කැල්ලත් එක්ක රුපියල් දාස් ගනන් දීලා ෆාම් එකට වඩා ෆ්‍රිජ් එකේ හිටපු ඊටත් වඩා හත් අට පාරක් ඩීප් ෆ්‍රයි කරපු කුකුල් අඩු ගිලිනවා.

    ඒ වගේ දැන් කොලඹට මැජික් උන ඔය ෆ්ලොටින් මාකට් එක බලපන් ටික කාලයක් යන්න කලින් මොකෙක් හරි එකෙක් මනම්පිටියේ වැලි ගොඩ දාන පොට් වලත් සෙට් කරනවා.ඒක තමා හැටි. දැන් මේ ලොකේ ඉහල පැලැන්තිය පහල පැලැන්තිය කියලා සුට්ටක් නැ. පැලැන්ති දෙකයි.. එකක් සල්ලි ඇති උන්, අනික නැති උන්.. සමහරවිට සල්ලි ඇති එකා ජීවිතේටවත් ඉස්කොලෙකට නොගිය එකෙක් වෙන්න පුලුවන්. සල්ලි නැති එකා ඩිග්‍රී ගහපු එකෙක් වෙන්න පුලුවන්..

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    uaba kiyana eka hari
    එක රටට ශක්තියක් වෙන්නේ
    විදේශ ගනිදෙනුකරුවන් මත
    එකත් එම ව්‍යාපාරය නිසා රැකියා උත්පාදනය වීම මත
    එහෙම නැතුව විවිද සමාජ ස්තර ඉලක්ක කරගත්ත කියලා රටටෂක්තියන් වෙන්නේ නැහැ

    (1) වියාපාර ඇතිවීම රටකට ශක්තියක්. එකට එක හේතුවක් ඔය කියන විදියට රැකියා උත්පාදනය වීම. විදේශ ගනිදෙනුකරුවන් එනවනම් වඩා හොදයි. එක අත්‍යවශම නැහැ. අනිත් වැදගත්ම කරුණ tax. මේගොල්ලෝ කරන ගනුදෙනුවලදී ආණ්ඩුවට tax විදියට ගානක් හම්බවෙනවා. රටක tax යොදාගන්නේ රටේ සුබසාදක සේවා, ඇති නැති අතර පරතරය අඩු කිරීමට. උදහනෙකට වැඩියෙන දයම ලබනකොට ඉහල tax ප්‍රතිශතයක් සහ අඩු අදායම ලබනකොට tax නැතිව සහ අඩුවෙන් ලබාගන්න පුළුවන්.

    පුද්ගලික වියාපාර ශක්තිමත් නැතිනම්, ආණ්ඩුවට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් tax වැඩියෙන් ගන්න වෙනවා. අත්‍යවශ බඩුවලට tax ගහන්න වෙනවා. healthcare වගේ දේවල්වලට යන වියදම් අඩු කරන්න වෙනවා. මේ නිසා තමයි ලංකාවේ ඇති නැති පරතරය වැඩි වෙලා තියෙන්නේ.

    විවිද සමාජ ඉස්තර ඉල්ලක්ක කරන එක වියාපාරයක පැවැත්ම සදහා strategy එකක් විතරයි. උදාහරනෙකට indian අඩු මිල වාහන ඉල්ලක්ක කරන්නේ කෝටිපතියෝ නෙවි. Their market is huge low income families in asian countries. The BMW, AUDI targets people having more money. that is just their business strategy. The outcome is business survival, profit, jobs etc.

    හැබැයි ඕකට එන්නේ එකක පැලැන්තියක් විතරයි කියන එක ඇත්ත.
    ඔයවගේ දේවල් විවේචනය කරන එක කුහක කමක්
    මිනිස්සු තමන් උපයා ගන්න මුදලින්
    කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’
    යන එක විලාසිතාවක් වගේ
    ඔයවගේ ඒවා කුහක විදියට විවේචනය කරන එක වැරදි
    ඔයිට වැඩ ලොකු ප්‍රශ්න තියනවා විවේචනය කරන්න

    එකෙක් පාන් කනකොට අනිකා කේක් කනකොට
    දෙකම් එකතුරලා බනිස් කමු හැමෝම කියන සංකල්පය වැරදි
    කරන්න ඕනි හැමෝටම කේක් කන්න වැඩපිළිවෙලක් හදන එක

    සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

    මෙන්න මෙටික ඇත්ත

    එතකොට මොකද්ද විසදුම? ඇති අයගේ සල්ලි මංකොල්ල කල දුප්පත් යට සරදියෙල් වගේ බෙදල දෙන එකද? නැතිනම් ආණ්ඩුවෙන් සැලසුම් කරලා, කර්මාන්තශාලා ඇතිකරන එකද? බම්බුව

    නැහැ
    (1) පවුද්ගලික අංශයේ වියාපාර පුළුල් කිරීම. නවීන සමාජවාදී norway උනත් ආණ්ඩුව 30%, පවුද්ගලික අංශය 70%.
    (2) හරියට tax ක්‍රියාත්මක කිරීම

    බිංගෝ උබට බොහොමයක් දෙවක් වැරදි වගේ පෙන්නේ
    උබට තියන පුදලික වාසියත්
    උබ සිතල කමරෙක් ඉදන් ලෝකේ දිහා බලන නිසාත්
    මහින්ද කරන ඕනිම දෙයක් හරි කරන්න සැදී පැහැදී ඉම්ම නිසාත්

    මන් කියන්නේ ඕක ච්චර විවේචනය කරන්න තරම් දෙයක් නෙමයි(කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ ) මේවා තියන එක ප්‍රශ්නයක් නැහැ.

    ටෙස්ට්
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මිනිස්සුන්ගේ හිත් යාවත් කාලීන් කරන්න ඔනේ බන්. 1990-2000 ගනන්වල KFC Mcdonalds උබ ඔය කියන සුපිරි පැලැන්තියේ ආපන ශාලා. දැන් එහෙමද? කොල්ලොයි බල්ලොයි ලොල්ලොයි අගේට ගෙදර උදේට හදන ඉදිආප්පයි පිට්ටුයි ටික එපා කියලා ටවින් ගිහින් කැල්ලත් එක්ක රුපියල් දාස් ගනන් දීලා ෆාම් එකට වඩා ෆ්‍රිජ් එකේ හිටපු ඊටත් වඩා හත් අට පාරක් ඩීප් ෆ්‍රයි කරපු කුකුල් අඩු ගිලිනවා.

    ඒ වගේ දැන් කොලඹට මැජික් උන ඔය ෆ්ලොටින් මාකට් එක බලපන් ටික කාලයක් යන්න කලින් මොකෙක් හරි එකෙක් මනම්පිටියේ වැලි ගොඩ දාන පොට් වලත් සෙට් කරනවා. ඒක තමා හැටි. දැන් මේ ලොකේ ඉහල පැලැන්තිය පහල පැලැන්තිය කියලා සුට්ටක් නැ. පැලැන්ති දෙකයි.. එකක් සල්ලි ඇති උන්, අනික නැති උන්.. සමහරවිට සල්ලි ඇති එකා ජීවිතේටවත් ඉස්කොලෙකට නොගිය එකෙක් වෙන්න පුලුවන්. සල්ලි නැති එකා ඩිග්‍රී ගහපු එකෙක් වෙන්න පුලුවන්..

    තුන් හතර පාරක් කියවන්න් උන මොකද්ද ඔයා කියල තියෙන්නේ කියල. මම ඉහල පැලැන්තිය කියල අදහස් කලේ උසස් පැලැන්තිය කියන එක නෙවි. සාපේක්ෂව ඉහල අදායමක් ලබන පැලැන්තිය කියන එක. මට පිස්සු නැහැ සල්ලි තියෙන අය උසස් ඉහල පැලැන්තියේ අය සහ සල්ලි නැති අය පහත් ය කියල කියන්න.
    හප්පොච්චියේ